Saturday, 20 August 2011

අපි කාලකන්නියන් වීමු...............

          
හිමිදිරි උදයේ මා පුබුදු වන විට හිරු කුමරු නිල් අහසේ ඩොටේ නැග තිබුනි.අසිරිමත් උදෑසනකි...
වෙනදාට නම් සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි යැයි කියන්නට වත් ගෙදර එකෙක් වත් නැත.ඒත් අද මොකක්දෝ අමුත්තක් ඇත..
          මේ දවස් ටිකේ ලොකු එකා උසස් පෙල ලියනවාය.(වෙනදාට ඌ පිටත් වන විට මා දොයිය..)එයට කියන්නේ ලියනවා නොව උසස්පෙලට වාඩි වෙනවා කියාය.
                අපි නම් උසස් පෙළට විභාගයට ගියේ වාඩි වෙන්නටය..ඒත් මූ නම් විභාගය ලියනවාමය.මීට පෙර දවස් වල මා අවදි වන විට ගෙදර මොකෙක් වත් නැත
                   අම්මා බෝධිපූජාවකට යයි.නමුත් අද එසේ නැත..මල්ලිට විභාගය දවල් වරුවේය...ගේ සාලයේ පමනක් නොව කාමර වලද දැඩි ඝන මීදුමක් ඇත.එය මී දුම නොව දුම් අල්ලන කබලෙන් නිකුත් වූ දුම බව නහය අල්ලා බැලීමෙන් මම වටහා ගත්තෙමි.මම නැගිට කාමරයෙන් එලියට ආවෙමි...
                  කරන්නට කිසිම වැඩක් නැත..අවුරුද්දක් තිස්සේ මා ගෙදරය.අනේ මම පව් යැයි සිතේ.උසස් පෙලක් කොර ගෙදට්ට නාකි වීමට සිදුව ඇත.හම රැලි වැටී කොන්ඩය ඉදී ඇතැයි කන්නාඩිය ඉස්සරහට ගොස් බැලූ මට පෙනේ.මෙහෙම ගියොත් දීග යාමට සිදු වන්නේ අවුරුදු 40ත් පැනලාය.නෙද්දකින්ය..පූරුවේ අවාසනාවකට උසස්පෙල සමත් වීමේ කරුමය මම ගෙවමින් සිටිමි.පරම්පරාවෙන් පරම්පරාවට මේ දුක විදීමට සිදුවේ නොවේදැයි සතුටු සිතින් විභාගයට යන්නට සැරසෙන ලොකු මල්ලී දුටු විට මට සිතේ.
                මල්ලී විභාගයට යාමට මත්තෙන් ගෙදරින් දොට්ට දැමීමේ නැකතක් ඇත.ඌ ලොකු ලමයෙක් වී දැන් අම්බානෙක කල් ය.කෙලි පැටව් ලොකු වන්නා සේම මූද ලොකුය.ඒත් මේ ගොබිලා දොට්ට දැමීමටද නැකතක් ඇත.
           නැකතට අනුව දොට්ට බහින මල්ලී ඉස්සරහට මල් පිරුනු වතුර කෝප්පයක් රැගෙන එන්නේ අම්මාය.කීප දොහක් කෝප්පය ඉල්ලා ගැනීමට මම තැත් කලෙමි.

'තොගේ අතට කෝප්පේ දීලා මේ කොල්ලගෙත් විභාගේ අනාත කරන්න බෑ'

   අම්මා මට නම්බු දී කතා කරාය.
              මල්ලි අම්මට දණ නමා වදී...තාත්තටද වදී....මගේ දිහාට හැරි කොලොප්පමට සිනා සේ..
මූ මට වදින්නේ නැත.මට වැන්දොත් විභාගය ෆේල් වේවියැයි මූ අන්ද විශ්වාසයක සිටී.කොහොමත් මූ මට වදින්නේ නැත.අවුරුද්දේ නැකැතට යාන්තම් අත් දෙක එකතු කලද වෙන කිසිම වේලාවක වදින්නේ නැත.

      'අඩෝ....ලොකු අයියට වැදපන් ගෙම්බා'

           කවදත් මාගේ සහයට සිටිනා චූටි මල්ලී ගේ අස්සක සිට මොර දෙයි...
      පොඩි මල්ලි යන තුරු සිට මම චූටි එකා ලගට යයි..

   "මොකෝ උඹ අද මගේ පැත්තට කතා කරේ..බොට මොකක් හරි වැඩත් තියේද මට කියලා කරවගන්න'

   'ලොකු අයීයේ..මාත් එක්ක පුස්තකාලෙට යමන් කෝ..'
  මාගේ පැත්තට කතා කිරීමේ හේතුව ඌ එලියට දමයි...මම සිනාසෙයි...
 ඌවත් පුස් සයිකලයේ දමා ගත් මම පුස්තකාලයට යමි.පොත් තෝරන්නේ මමය.ඌ කොරන්නේ බලා හිදීම පමනි.
      ඌ බලා හිදින්නේ මා පොත් තෝරන දෙස යැයි ඔබලා වැරදියට වටහා නොගන්න.ලමා පුස්තකාලයේ පොත් කියවන අහිංසක නංගිලා දෙස මූ අනිමිස ලෝචනය කරයි.
මෙහෙම චූටි මල්ලි කෙනෙක් මට වාසනාවක් ය.මූ හැමදාම පුස්තකාලයේ එන්නේ මේකට බව මට වැටෙහෙයි.
      අනේ අපිත් ඔය කාලේ පහු කරා නේදෝයි සිතා මම සිත හදා ගන්නෙමි.
පොතුත් රැගෙන ගෙදර ආ පසු චූටි මල්ලීගේ බජාර් එකෙන් අපේ ගෙදරට කඩාගෙන පනී...

"මෙන්න...අයීයේ....චූටි ඉන්නවා..."

'ඔන්න කාමරේ ඇති'

  මම පිලිතුරු දෙමි. කාමරයට රිංගන ඇච්චො බැච්චො මොන මොනවදෝ කුටු කුටු ගායි...

'ලොකු අයියේ...මම යනවා...අම්මට කියන්න සෙල්ලම් කරන්න ගියා කියලා'
    එහෙම කියනා ඌ අවලමේ යයි..සුපුරුදු ලෙස මා නිවසේ තනි වෙයි...බ්ලොග් එකේ කුරුටු ගෑමත් කන්නට ලැබෙන කෑම ටිකත් නැති නම් මට මේ ජීවිතේ එපා වී ගොස්ය.
මක් කොරන්නද...
උසස් පෙල සමත් වීමේ පව අපි ගෙවමින් සිටිමු නොවේදෝයි මට සිතේ...

62 comments:

  1. පලයං කුප්පයා යන්න... තෝ තරං අවලං කුප්ප කුජීතයෙක් නෙමේයි මයෙ හිතේ චූටියයි මද්දුමයයි. හොහ්. උන්ට අපහාස නොකර තමුං කාලකණ්නියා බව පිලිගැනීම පරමානවත්ය.

    ReplyDelete
  2. සිරා කථාව මචන්...පට්ටයි ඈ....

    ReplyDelete
  3. උඹ උං දෙන්නගෙ අනාගතේ අදුරු කරනව එහෙම නෙමෙයි.

    ලස්සනට කතාව ලියල තියෙනව රත්ගමයො.

    ReplyDelete
  4. අම්මාපා බං මටත් දැං එපාආආආආආආආආආඅ වෙලා තියෙන්නෙ..අර නායකත්ව පුහුනුවවත් කැම්පස් පටං ගන්නකං තිබ්බනම් ආතල් එකක් වත් ගන්නවා :P

    ReplyDelete
  5. හරිම ඛේදජනකයි.... :D

    ReplyDelete
  6. ගෙදර ඉන්න ටිකේ හිතේ සන්තෝසෙන් දෙන දෙයක් කාලා වැටිල හිටු.කැම්පස් ගියාම ආය ගෙදර එන්න වෙන්නෙ කාලෙකින්.

    ReplyDelete
  7. මාත් ඔය පව ගෙවලා ඒකේ අන්තිම හරියේ ඉන්නේ.
    ඔය නකතට එලියට බහින වැඩේ නිසා දවසක් මම් ගෙදරින් එලියට ආවේ පස්සෙන් පස්සට !!!! ඇයි අප්පා නැකතේ තියෙන පැත්තට අපේ ගෙදර දොරවල් තියෙන එකක් යෑ.

    ReplyDelete
  8. අහෝ ඛේදයකි.... මටත් මෙයම උරුම වේද.??/

    ReplyDelete
  9. මදුරංග අයියගේ කතාවනම් සිරාය...
    රත්ගමයෝ මමත් ඔකටම එකක් ලිවුවාය... දැන් නම් ඉවසීමේ සිමාව පැනගෙන එන ලකුණු පහල වෙලා තියෙන්නේ... ඇස් බී ගේ අම්ම අප්පා නෙවෙයි ආච්චි අම්මලවත් මතක් වෙන්නේ මේ වෙලාවටය.. දැන් විභාගය ලියා අවුරුද්දකුත් පැනලාය තාමත් එක එක සීනි බෝල වැඩ වලට ලියුං එනවා මිසක කැම්පස් පටන් ගන්නා දිනයක් කියා ලියුමක් නැත.. විභාගය යන්තමින් පාස් වුන උන් එක එක කෝස් කර ඒවායේ සමාසික විභාග වලටද මුහුණ දී ඇත වාසනාවන්ත අවාසනාවන්තයන් වූ අප උන් දිහා බලාගෙන විභාගය පාස් උන දුක විදිමින් සිටිමි හූල්ලමින් සිටිමි ඇස් බී ටවත් වෙන උන්ටවත් අපි ගැන දුකක් නැත. එහෙත් අපිට අපි ගැන දුකය..

    ReplyDelete
  10. පොඩි මල්ලීත් ලොකු අයියාගේ අඩිපාරෙම වගේ යන්නෙ....

    ReplyDelete
  11. අහෝ...! විභහගය අසමත් වීම පිළිබඳව අද මා සතුටු වෙමි...

    දේව්දාස්...

    ReplyDelete
  12. මාරු ආ .... කොහොම උනත් ඒ මල මගුල පාස් උනොත් ඔහොම්මම තමා......

    ReplyDelete
  13. මගේ වෙනස උඹට වගේ මට බාල එවුන් නැති එකයි...
    තට්ට තනියම දවල් වරුව ගෙවපන්කො......!!

    ReplyDelete
  14. මා නම් හෙන වාසනා වංතයකි.. A/L කොලේම නැත.. අපේ ගෙදරින් ලෙඩක් ඇද්දේද නැත..
    උඹට වගේම මල්ලියෙක් ඇත.. ඌ ඔය තරම් මාත් එක්ක ෆිට් නැත.. :-/
    නංගියෙක් නැති එකට මං තාමත් ඌට වයිර කරමි..!

    ReplyDelete
  15. Ell matan.oya katawa oita wada wenas widiyakata mage gawath thiyenawa,eka habai Campus awata pase thama patan gane...
    --1st year student---

    ReplyDelete
  16. උඹට අඩුතරමින් කොම්පියුටරයකුයි, නෙ‍ටුයි බ්ලොග් එකකුයි තියනව. මට ඔය කාලෙ තිබ්බෙ කොම්පියුටරේ විතරයි. ඒ අතින් උඹ වාසනාවන්තයි....

    ReplyDelete
  17. උඹ අපි වගේ හරි හැටි විභාගේ පාස් වුනේ නැත්තං උඹත් අද මම ඉන්නවා වගේ සාර්ථකත්වයේ හිනිපෙත්තට නැගලානේ බං.. මොනා කරන්නද ඉතින්.. :D විභාගේ කරන්න කලින් මට උඹ හම්බ වුනානම් දෙනවා උපදෙස්..

    ReplyDelete
  18. අපි අවුරුදු 3ක් ඔහොම කාලකන්නි වුනා බන්z..

    ReplyDelete
  19. ශෝචනීය ඇරඹුමක් පමණි...හික්ස්

    ReplyDelete
  20. මම නම් 12 වසරෙන් ඉස්කෝලෙන් පන්නපු දවසෙම හෙදරට නාකිවෙන්න පටන්ගත්තා .. තවමත් ඉතින් නාකිවෙමින් ඉන්නවා .. යකෝ උඹල දැන් කැම්පස් නේද ?

    යකෝ දුක් වෙන්න ඕන මේ ෆේල් වෙච්ච එවුන්ද නැත්තං පාස් වෙච්ච එවුන්ද ?

    ReplyDelete
  21. උඹගේ වැඩේ හරිද බං ? .. මම අදයි ගෙදර ආවේ .. හෙට නම් අනිවා කරනවා වැඩේ !

    ReplyDelete
  22. අපෝ මමත් ඔය කට්ට් කාලයි ඉන්නෙ... ඒ මදිවට පහුගිය කාලෙ මාස 2ක් හිටිය නිකන් ස්ට්‍රයික් එක නිසා... ඇයි තව වලි වලට වහන එව්වා...

    ReplyDelete
  23. හික්ස්ස්ස්ස්ස්.... මරු... නියම කතාව.. චුට්ටයි පොඩ්ඩයි නම් ඔයාට වඩා චෝයි වගේ... ඔයා කුප්පයි නෙ රත්ගමයෝ....

    ReplyDelete
  24. අම්මෙ! රත්ගමයගේ ලයිෆ් ස්ටෝරිය.ඔයි කාලෙට ඔහොම තමා!වැඩි දවසක් යන්ට කලිං ඇස් බී දෙයියා උඹලවා ගොඩදාන්න තව විදේස සිස්යෝ ටිකක් ගෙනත් දමාවි!එතකොට විදේස එකෙක්ම හොයා ගෙන සාර්තක කැම්පස් ජීවිතයක් ගත කරන්න බැරියෑ

    ReplyDelete
  25. රත්තා ආපසු කුජීත කලාවට නියමයි නියමයි ඇස්බී මාමා පුරුදු කරපු හොද ගති දැන් ඉවරයි වගේ ඔය දවස් 21 බෙහෙත් මාස 2කට වඩා අල්ලන්නේ නෑ :P

    ReplyDelete
  26. ඇයි අර උඹලගෙ නම්නීකරයද මොකක්ද එක ඉවර උනාද ? ගනන් ගන්න එපා මල්ලියේ "ලංකාවේ ඔහොම තමයි .......අයි ඩෝන්ට් නෝ වයි "

    ReplyDelete
  27. elazz !!!!!!!!

    ReplyDelete
  28. හික්ස්... ටික කාළයයි නේ ඔය ටික සතුටින් ගෙදරට වේලා ඉදින්.. කැම්පස් ආවහම ඔයිට වඩා කුප්ප කතා මේකේ ලියවේවි... එදාට ගෙදරට වේලා ගෙදර ආතල් ගැන ලියපු පොස්ට් බල බල අඩන්න වෙනවට කිසිම සැකයක් නෑ..:)

    ReplyDelete
  29. නොදෝකින් කුප්පයා..මූ කරන්න තියෙන අවලම් වැඩ ඔක්කොම කරල අර ගෙඩර ඉන්න පොඩි උන් දෙන්නව අල්ලනව..

    ReplyDelete
  30. අපෝ අම්ම දෙන දෙයක් කාල බ්ලොගක් ලියාගෙන ඉන්න ලැබුන චාන්ස් එකත් එපා කියනවනේ . විභාගවලට වෙච්ච මහන්සියට රෙස්ට් කරන්නයි ඔය දීල තියෙන්නේ . ඒකවත් තේරෙන්නේ නැහැනේ . දැන් ෆේල් වෙච්ච බහුතරය කාලය ගෙවන හැටිත් කවුරු හරි ලිව්වා නම් තමයි හොඳ

    ReplyDelete
  31. නියමා....යි...ජිවිතේ නෙවෙ ලිවිල්ල..ජිව්තෙ ඔය කාලෙ අපිත් ඔහොම ගෙව්වා..කැම්පස් ආවම ඔක තව තිබ්බ නම් හොදයි කියල හිතෙයි බොට..

    ReplyDelete
  32. කාලකන්නි නෙවෙයි කාලකන්නො.......

    (කතාව කියවල මාරු වෙන්න හෙදුවෙ එත් මොකටද ඉතින් කපාගන්නෙ...) ඔන්න මත් කොමෙන්ට් කොරා....

    ReplyDelete
  33. පැන්ඩාගේ කතාව ට සම්පූර්ණයෙන් ම එකඟ වෙමි......

    ReplyDelete
  34. දැන් ඉතින් වෙන කරන්නට දෙයක් නැත. දෙන දෙයක් බඩට දාගෙන වෙන දෙයක් බලන් ඉන්න..

    ReplyDelete
  35. කුප්පයා කුප්ප ලෙස කතාව ලියා ඇතත්,කතාව නම් ඇත්තය.අපේ කොල්ලන් දහස් ගණනක් ජීවිතයේ වටිනම කාලෙ,වැඩක් කරන්න පුලුවන් සක්‍රීයම කාලෙ කැම්පස් වල වේලෙනව.

    ReplyDelete
  36. මචො වඩේ උබ B.S මහත්තයට ඔක කිව්වෙ නැනේ camp එකට ආපු වෙලාවේ..
    අන්තිම අවුරුද්දේ විභාගෙ ලියන අයියලා තාම out උනේ නෑ. එතකම් හි‍ටු..

    ReplyDelete
  37. ශ්‍රම බලකාය හාමතේ......

    ReplyDelete
  38. අඩෙ උබත් මලයගෙ වයස ගත කොරා කිව්වා නෙහ්.. එතකොට එ කාලෙ තොට පොත් තොරල දුන්නෙ කවුද?

    ReplyDelete
  39. අනේ බං, විස්සෝප නොවී තව ඩිංගක් කල් ඔහොම හි‍ටු. කැම්පස් ගිහිං, රසාවක්, පරස්තාවක් කොරගනිපු දාට බොත තේරෙයි ගෙදර උන්න කාලෙ කොච්චර හොඳද කියල. ඕකත් අර එහා ඉවුරෙ තනකොළ දකින ගොනා මෙගා ඉවුරෙ ඒවට වඩා රහ ඇතිය කියල හිතනව වගේ තමා.

    ReplyDelete
  40. රත්ගමයා ටයිප් කතාවක් දාලා. අපේ ෆැකල්ටියටත් මේ පාර පොඩි උන් ගන්නෙ ඔක්තෝබර්ලු. උන්ට වෙනදට කරන ඔරියන්ටේෂන් එකත් නැතිලු. කෙලින්ම ඇකඩමික් වලින්ම පටන් ගන්නවලු. උන්ගේ අනාගතයට දෙයියන්ගෙම පිහිටයිලු.

    ReplyDelete
  41. කැම්පස් යනකන් නිකන් ඉන්නේ නැතුව, පොඩි උන් ට්කක් අල්ලගෙන උගන්නන්න බලන්න.නැත්නම් පොඩි බිස්නස් එකක් හරි කරන්න ගන්න.සමහර වෙලාවට නොහිතුව විදිහට ඒ දේවල් දියුනු වේවි. ඒ හන්දා දුක් නොවී මොනා හරි කරන්න බලන්න...මලයා.

    ReplyDelete
  42. කතාව සිරාය. මේ ආසියාවේ ආශ්චර්යේ ඔහොම දේවලුත් සිද්ධ වෙනවද යකෝ

    ReplyDelete
  43. අවුල හරි ගිහින් ඇත.

    ReplyDelete
  44. හොද වෙලාවට මම කැම්පස් ගියේ නැත්තේ.. දැන් කැම්පස් ගිහින් වැඩක් නෑ බං. අවුට් වෙනකොට දතුත් හැලිලා. මේසන් බාස් කෙනෙක්ට අතුදවූ දුන්නනම් කැම්පස් අවුට් වෙන කාලේ වෙනකොට කොන්ත්‍රාත් කාරයෙක් වෙලා..

    ReplyDelete
  45. හික්ස් පට්ට කතාව...

    ReplyDelete
  46. උසස් පෙළ සමත් වූවන් කාලකන්නියන් කිරීම....මේ ආසියාවේ ආශ්චර්යයි!!!

    ReplyDelete
  47. niyama rajjama kathawa bale...

    ReplyDelete
  48. අප්‍රේල් වල විභාගේ ලියුව අපි ජනවාරි වලදී කැම්පස් ගියාය... ඒ අතින් අපි නම් වාසනාවන්තය... ඇතුලේ සිටියදී දෙවරක් අනධ්‍යන සේවකයෝ ස්ට්‍රයික් කලාය.ඒ කාලයේ කැම්පස් වැසී තුබුනේ ඉතා කෙටි කාලයකි... වාත නොවී අවුට් වෙන්නට අපි නම් පින් කර තිබුනාය...

    ප.ලි,:
    මල්ලියෙ සිරාවට කියන්නේ .. පොඩි ජොබ් කට්ටක් හොයාගනින්... මමත් කල එහෙම ජොබක්...කැම්පස් යද්දි අඩුම තරමේ බෝඩිමට ගෙවන්න හරි කීයක් හරි ඉතුරු වෙනව... !!!

    ReplyDelete
  49. ඔය වගේ මල්ලිල ලබන්න උඹ වාසනාවන්තයි කියල හිතාගනින් අයියේ.........

    ReplyDelete
  50. අඩේ අම්මප...ඕ ලෙවල් වලින්ම ඕඹ්ඊ එකට ගියපු උන් වාහන වලින් ඇවිත් බරස් ගාල බ්‍රේක් පාරක් ගහල ආ මචං කොහ්ඩ යන්නෙ කියල ආහනවා.. අපි තාම රේසරේ ගන්නත් ගෙදරින් සල්ලු දෙනකන් ඉන්න ඕනෙ...

    ReplyDelete
  51. උඹේ චුටි මලය උඹ වගේම තමා එහෙනන්.. :ඩී
    කතාව නන් එල මචෝ..

    ReplyDelete
  52. Are you really from Rajgama?

    ReplyDelete
  53. කතාවමරු මචන්,මොනවහරි කරද්දි හිතෙනව ලොකු නිවාඩුවක් තිබුනනම් හොදයි කියල.ඒත් ගෙදරට වෙලා ඉද්දි තමා ඒක මොන කරුමයක්ද කියල හිතෙන්නෙ..:D

    ReplyDelete
  54. ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
    පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....

    ජයවේවා!!
    www.yakagethithpola.blogspot.com

    ReplyDelete
  55. රත්තෝ.. කෝ බං උඹ ?

    ReplyDelete
  56. අනිවා බං..
    මටත් මේ එපා වෙලා තියෙන්නේ.. ඇති යන්තම් ලගදි පටන් ගන්නවලු.. O:)

    ReplyDelete
  57. A/L පාස් කලා යැයි හතර තැනක ලියා ඇත.රත්ගම උන්ගෙන් 65% ක් A/L සමතුන්ය.ඒ නිසා නැවත ලියන විට A/L පාස් බව එක් වරක් පමණක් සටහන් කිරීම වටී.

    ReplyDelete
  58. කැම්පස් ගියාට පස්සේ කොහොමද රත්තෝ තත්වේ..??? :D:D... මයෙ හිතේ සෑහෙන සතුටින් ඇති කොලුවා..:P:P... වාත කරන්නෙ එහම නෑ නොවැ...
    අනේ දෙවියනේ.. යසට ඉන්න පොඩි උන් දෙන්නත් ලොකු කොලුවා නිසා සෑහෙන්ට නරක් වෙලා වගේ...හික්ස්..

    ReplyDelete
  59. මුල් වතාවටයි ගොඩ වුනේ රත්ගමයෝ වැඩෙනමි හරිම හයානකයි වගේ

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)