Sunday, 8 April 2012

රොබරෝසියා මල්....



මුලු කැම්පස් එක පුරාවටම රොබරෝසියා මල් පිපිලා පුදුම ලස්සනක් තියෙන්නේ.රෝස පාටින් පාට වෙච්ච රොබරෝසියා ගස් උඩින් පේන හන්තාන කන්ද චිත්‍රයකට අදින්න ඇත්නම් කියලා මට් හිතුනේ පාරක් දෙපාරක් නම් නෙමේ.


"මලිතු මෙන්ටලේ"


කිරි හලේ බංකුවක් උඩට වෙලා ඒ ලස්සන බල බල ඉදපු මගේ ඇස්,කටහඩ ආපු දිහාවට හෙමීට යොමු උනා.රොබරෝසියා මලේ රෝස පාටට හුරු ස්කර්ට් එකක් ඇදලා ඉදපු ඔයාවත් මට පෙනුනේ රොබරෝසියා මලක් වගේ.ඒ ලස්සන වැඩි වෙලාවක් බලාගෙන ඉන්න ලැබෙන්නේ නැ කියලා හිතට දැනෙනකොට මට ආවේ දුකක් එක්ක කේන්තියක්.


"මොනවද මෙච්චර වෙලා කරේ,විනාඩි 20ක් පරක්කුයි.ඊලග Lecture එකට තව විනාඩි 40යි තියෙන්නේ.ඔයාට නම් ගානක් වත් නෑ."


එයා පරක්කු උන හේතුව අහන්නෙත් නැතුව මම බැනගෙන බැනගෙන ගියා.රොබරෝසියා මල් හැමදාම රෝස පාටින් ලස්සනට පිපෙනවා වගේම එයාගේ මූනේ තිබුන රෝස පාටත් කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම තිබුනා


"අයියෝ.අද Lecture එක විනාඩි 10ක් වැඩිපුර කරා.සයන්ස් එකේ වගේ නෙමේ ආර්ට් එකේ Lectures තියෙන්නේ.ඒක මම කලිනුත් කියලා තියෙනවනේ Mr.Science "


"ඔන්න පුරුදු විදිහටම කච බචේ පටන් ගත්තා..ඔක්කොම ආර්ට් කාරියෝ ඔහොමයි.මොනවද ඉතින් හිටගෙන බලගෙන් ඉන්නේ.මෙතනට වෙන කෙල්ලෙක් ඇවිල්ලා වාඩි වෙන්න කලින් ඇවිත් වාඩිවෙන්න"


ඒ වචන ටික මම කිව්වේ වෙනද වගේම හුරතල් විදිහට ඉනට අත් දෙක තියාගෙන ඇදකරගෙන ඉන්න ඔය ඇස් දෙක දිහා බලන්න හිතාගෙන.ඒත් ඒ ඇස් වෙනදා වගේ නෙමෙයි.පුදුම විදිහට පොඩි වෙලා තිබුනා.පරවෙන්න ඔන්න මෙන්න තියෙන රොබරෝසියා මල් වල තියෙන රෝස පාට ටිකෙන් ටික අඩුවෙලා ගිහින් සුදුපාට මතු වෙනවා වගේ ඔයාගේ මූනේ තිබුනු රෝසපාටත් අඩුවේගන එනවා..



"අපරාදේ මලිතු,ඔයාට තිබුනේ ආර්ට්ස් කරන්න.එහෙනම් ඔයත් Art Faculty එකේ.මමත් Arts එකේ.එහෙනම් අපි දෙන්නට හම්බෙන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ"


"ඉතින් Miss.Arts , මම සයන් කරාට කලාකාරයෙක් වගේ නේ.ඒකනේ බකමූනියකගේ වගේ තියෙන ඔයාගේ ඔය මූනයි,ගිරා හොටයක් වගේ තියෙන ඔයාගේ ඔය චූටි නහයයි ගැන මාරම ලස්සන කවි ලියලා ඔයාට දෙන්නේ"


"ඔය ඉතින්,ඔයාට ගානක් වත් නෑ.හැමදේම විහිලුවට ගන්න එප මලිතු"


"විහිලු නෙමේ ලිහිණි,මේ අහන්නකෝ..ඇත්ත..මම Science කරේ.එහෙම කියලා මම ඔයාට ආදරේ කරන්නේ අවකලනයෙන් වත් නිව්ටන් නියම වලින් වත් නෙමේ.ඒ වගේම ඔයා මට ආදරේ කරන්නේ ජර්මන් භාෂාවෙන් වත් දේශපාලනයෙන් වත් නෙමේ.ඒක මේ මුලු කැම්පස් එකටම පොදුයි "


"අපි දැන් යමු.ඔයාට Lecture එකට යන්න පරක්කු වෙනව නේ."



"දැනටමත් පරක්කුයි.අදවත් අපේ Faculty Common එකෙන් කන්න එනවද Miss.Arts"


"අම්මෝ...මම කියලා තියෙනව නේ..ඔයා ඇර වෙන Science තියෙන තැනක මම ගෑවෙන්නෙවත් නෑ"


"කවුද හලෝ කිව්වේ එතනට ගිහින් එක එක්කෙනාගේ ගෑවී ගෑවී කෑම කන්න කියලා..වාඩි වෙලා කන්න යමු..මට පරක්කුයි නේ අද..."


මම එහෙම කිව්වේ මට පරක්කු නිසාම නෙමේ..ලිහිනිවත් අරගෙන අපේ ෆැකල්ටි කොමන් එකෙන් බත් කටක් කන්න තිබුනු ආසාව නිසා.


"මට බෑ..පුරුදු විදිහටම ගෙම්බා එකට කන්න යමු...කෝ නැගිටින්න..පරක්කු නම් දුවලා යමු..මගේ පස්සෙන් දුවගෙන එන්න"
ඔයා දිව්වා..මාව දාලා ගොඩක් දුර දිව්වා..
කිරිහල ගාව තියෙන රොබරෝසියා ගහේ මල් තුන හතරක් එක පාරට හුලගට පාවෙලා ගිහින් බිමට වැටුනා..හිතුවට වඩා ඉක්මනට වසන්තය ඉවර වෙයි වගේ..

පහුගිය අවුරුදු හතර පුරාවටම කිරිහල ලග තියෙන බංකුවට වෙලා රොබරෝසියා ගහෙන් වැටෙන මල් දිහා බල බල දෙන්නා දෙන්නා ගුලි වෙලා එක අයිස්ක්‍රීම් එකක් බෙදාගෙන කනවා.ඒත් මම  ඒ බංකුවක් උඩටම වෙලා,අවුරුදු හතරක් තිස්සේ ඔයා ඒ දුවගෙන ගියපු හැටි මතක් කරලා තාමත් විදවනවා..
ජීවිතේ හරිම පුදුමයි කියන්නේ ඒකයි.කලාකාරයෙකුට විද්‍යාව දැනගන්න අයිතියක් තියෙනවා වගේම විද්‍යාව කරපු මට කලාවට ආදරේ කරන්න ඉඩක තියෙනව නේද..
ඉස්සර වගේම තාමත් මේ ගස් වල රොබරෝසියා මල් පිපෙනවා.ඒවගේ ලස්සන දැක්කම කොල පුරවලා ලියන්න තරම් කවි සිතුවිලිත් මට එනවා..
ඒත් ඒවා ලියලා දුන්නම ආදරෙන් කියවපු ඔයා අද මගේ ලග නෑ...Miss.Arts...ඔයා අද කොහේද?.



ආදරණීය  රොබරෝසියා මලේ,
උපතේ සිට විපත තෙක්...
පරපරාගනයේ සිට ස්වපරාගනය තෙක්........
මුදුන්මුලේ සිට කේශනාලිකා තෙක්.... 
නුඹ ගැන ලියන්නට හැකිසේම මට,
වසන්තයට පෙරම පීදී එන
නුඹේ ඔය රෝස පෙති ගැනද
ලියන්නට හැකි බව.......
නුඹ මෙන්ම,
ඇයත් දැනගෙන සිටියා නම්........
                                                    ----- මලිතු ----


                      

65 comments:

  1. Miss.Arts...ඔයා අද කොහේද?....

    Miss.Arts මේ ඔබේ අවධානය පිණිසයි..

    ReplyDelete
    Replies
    1. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

      Delete
  2. ඇත්තම කතාවක් වගේ. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාවක් නම් නෙමේ...

      Delete
  3. අයිෂේ මන් මේ අහන්නමයි හිටියෙ ඔය රොබරෝසියා ගහේ ලීය හොඳඳ?

    ReplyDelete
    Replies
    1. එහෙම ගස් කපන්න දෙන්නේ නෑ...ගහට අත තිබ්බොත් කැපෙන්න වෙන්නේ

      Delete
  4. මරු මරු.. රත්තෝ... මුලදි හිතුනේ උඹේම කතාවක් කියලා..

    ReplyDelete
    Replies
    1. අපෝයි.....මගේ මෙව්වා එකක් නෙමේ..... ;) මිසිස් ආර්ට් නෙමේ මගේ මිසිස් සයන්ස් නේ

      Delete
  5. සෑහෙන්න දැනෙන්න ලියල තියෙනව අයියෝ...........:(

    ReplyDelete
    Replies
    1. අඩන්න එපා බොලේ..මේක නිකම්ම කතාවක් නේ

      Delete
  6. නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
  7. niyamai malliyo.. niyameta galagena awa.. eith kantimata giya thanin diya allak wuna..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ඉවර කරන්න උනා නේ.....ඒක නිසා දිය ඇල්ලක් කරලම දැම්මා

      Delete
  8. ගොඩක් ස්0වේදි කතාවක්... මමත් WUS ගිහින් කොන්ඩෙ එහෙමත් කපාහෙන ඔය කිරිහල ගාව තියන බන්කුවෙ ඉදගෙන ෆෘට් සැලඩ් කාල තියනව.. හැබැයි තනියම තමා.. කෝ ඉතින් මිස් අර්ට් කෙනෙක් හිටියෙ නැහැනෙ...
    මේ කතාව කියවනකොට මට ඉමාන් පෙරේරා කියන මේ ගීය මතකෙට ආව.

    "රොබරොසියා මල් යායට හැලිලා...
    අප ආ පාරේ පාවඩ එලලා
    මල් පාගාගෙන යන්න සිතක් නැහැ
    සොදුරු අතීතය අමතක කරලා..."

    ගොඩදෙනෙක් අහල නැතිව ඇති කියල හිතුන නිසා බාගන්න ලින්ක් එකකුත් ඕන් තියනව
    http://www.mediafire.com/download.php?mqzitntzocn

    ReplyDelete
    Replies
    1. කිරිහලයි වූස් එකයි අපි දන්නේම නැතුව අපිට ගොඩක් සමීප වෙලා

      Delete
  9. හරිම ලස්සනයි!!!සංවේදියි!!

    ReplyDelete
    Replies
    1. ජුගුප්සාජනකයි නැද්ද

      Delete
  10. මටත් ඕකම වෙලා තියෙනවා බං..

    ReplyDelete
    Replies
    1. මේ විදිහටම මේකම??

      Delete
  11. මටත් මතකයි ජපුර කැම්පස් එකේ පාර දිගටම මේ කාලෙ මල් වැහි මැද්දෙන් තමයි අපි යන්නෙ..හීනයක් වගෙයි ඒ කාලෙ ...

    ReplyDelete
    Replies
    1. අතීතය සිහිනයක් පමනයි..

      Delete
  12. ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති...යි...

      Delete
  13. මේකා ආයේ එද්දී මම හිතුවා,,,මේ කුප්පයා රොමැන්ටිස් ද මොනාද වෙලා නේ

    ReplyDelete
    Replies
    1. ආදරේ බේරෙනවා..මලකටවත් ඉන්න දෙන්නේ නෑ නේ

      Delete
  14. සිරා සිරා..
    ආ වටිනවා
    "Miss.Science" ;)
    ctrl+c

    ReplyDelete
    Replies
    1. හැමදාම ආදරේ මිසිස් සයන්ස්ට තමා... එයාට උපමා කරන්න රොබරෝසියා මල්වලට බෑ....එයා දුරයි.. :(

      Delete
  15. උබට ලැජ්ජ නැද්ද මෙහෙ එකට ඔහොම කරන්න

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා නෑ..... එයා ඉදිය නම් එයා තේරුම් ගනීවි මම මේ ලියන්නේ නිකම් අකුරු විතරයි කියලා

      Delete
  16. අයි ලව් රෙබරෝසියා මල්...

    දුකයි අලෝ... ඔය පොටෝවේ තියෙන තැන මතක් වෙද්දි :(

    ReplyDelete
  17. කුප්ස් මල්ලි

    පින්තූරය හොරකම් කලා.. හරිය... වලි නම් වලි හරිය..

    ලස්සන පින්තූර දැම්මාම අපිg හොරකම් කරන්නම් හිතෙනවා හරි...:D :D

    ReplyDelete
  18. එක එක එව්ව මතක් වෙනවා බන්..
    ගෙම්බා එකේ පැටිස් රහයි නේ.. තාම තියෙනවාද එව්වා...:D

    ReplyDelete
    Replies
    1. අත් අල්ලගෙන ගිය හැටි මතක් වෙනවයි...පින්තූර ප්‍රසිද්ධියේ දාලා තියෙන්නේ උස්සන්න තමා බොල...
      ගෙම්බා එකේ දැන් රයිස් කොත්තු හිටන් දානවා...
      ඒ උනාට අපේ කැන්ටිමේ තරම් රහ නෑ හරිය

      Delete
  19. අපේ ඉස්කොලෙ ෆාම් හන්දියෙත් තිබුන නේද ඔයිං ජාතියෙ ගහක් ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්....තියෙනවා තියෙනවා..ඒත් ඒකේ අපලයක්ද මන්දා මේ වගේ ලස්සනට මල් පිපිලා වැටෙන්නේ නෑ නේ...රිපන් එක ඉස්සරහා තියෙන නිසාද කොහෙද

      Delete
  20. හරිම ලස්සනයි.. හිතට දැනෙන විදියට ලියලා තියෙන නිසා වෙන්න ඕනෙ.

    ReplyDelete
  21. එළ, සුපිරි. කතාව, කයිය සහ පින්තූරත්

    ReplyDelete
    Replies
    1. පින්තූර නම් සුපිරිම නේ.. :)

      Delete
  22. වලේ රොබරෝසියා පිපිලා තියෙන හැටි දැක්කා මේ ළඟදි.ඉරිසියා හිතුනා.අපේ පචගහේ යාන්තං මල් දහයක් විතර තමයි හැදෙන්නෙ.මොනවා කරන්නද කරුමේ තමයි

    ReplyDelete
    Replies
    1. පේරාදෙණියේ එහෙම තමා :)

      Delete
  23. ලස්සනයි මල්ලී...
    ඇත්ත කතාවක් නෙමෙයිනේ??

    ReplyDelete
    Replies
    1. අපෝ නැත..ඇත්ත කතාවේ මිසිස් සයන්ස් ඉන්නේ

      Delete
  24. එහෙමනං මෙන්න මේ සින්දුව කියාපන් >> http://www.youtube.com/watch?v=j5V7uv7Sll8

    ReplyDelete
  25. මාරම මාර ලස්සන කතාව. අන්තිමට දාපු කවිය ඊට වඩා ශෝක්. හිතට වදිනවා සුපිරියටම.

    ReplyDelete
  26. "කලාකාරයෙකුට විද්‍යාව දැනගන්න අයිතියක් තියෙනවා වගේම විද්‍යාව කරපු මට කලාවට ආදරේ කරන්න ඉඩක තියෙනව නේද.."
    අනිවා.. අඩෝ එහෙම නැත්නම් කුඩු කරනවා.. වෙලාවක එන්නම් මචෝ ඔය රෝබෝසියා මලක් බලලා පේරේ දිහාවෙන් මටත් ආර්ට්ස් එකක් සෙට් කරගෙන යන්න..අපේ ඉතින් ආර්ට්ස් එකට යන්න මම මාතරට ම යන්න වෙනවා නේ!!

    ReplyDelete
  27. අල කෑල්ලක් වෙන්න ඇති ඒකනේ කොමන් එකට එන්න බය
    පට්ටයි රත්තෝ පට්ටයි

    ReplyDelete
  28. එල.. එල.. ඇත්තටම පේරා මතක් වෙනවා. දාලා එන්න වුනාට පස්සෙ තමයි වැඩිපුර දැනෙන්නෙ. ඔය කිරිහල නම් මෑතක නේ හැදුවෙ. කිරි හල නම් අපේ ජීවිත වලට වැඩිය ලං වුනේ නැති වුනාට වූස් එක නම් අමතක නොවන ගොඩක් දේවල් ජීවිතේට එකතු කරපු තැනක්..
    මමත් වෙන පැකල්ටි එකක ඉදලා ආර්ට් කෙල්ලෙක් පස්සෙන් ගියා අවුරුදු 4ම. ඒත් ලේසි නෑ. ආර්ට්ස් එකේ කෙල්ලක් සෙට් කර ගන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
  29. රත්තෝ උබ නම සුපිරි ඇ......සුපිරිම සුපිරි,නියම බ්ලොගක් මේක......

    ReplyDelete
  30. රත්තෝ උබ නම සුපිරි ඇ......සුපිරිම සුපිරි,නියම බ්ලොගක් මේක......

    ReplyDelete
  31. ඕයි පට්ට ඈ..... මාත් ඔතන ඉඳන් කාලයක් නොලැබෙන මිස් කෙනෙක් ගැන හිතුව, හීන මැව්ව... තාමත් හිතනව, හීන මවනව...

    ReplyDelete
    Replies
    1. හැබැයි එයා අක්ක කෙනෙක්

      Delete
  32. අනේ මං ආයෙමත් ඒ ලස්සන අතීතෙට ගියා මල්ලි..... අපේ ලස්සන සරසවියේ ලස්සන මතක අතරට වැදුනා නිමේශයකට
    දැන් ආයෙත් පාලු හුදෙකලාවක්...........

    හරි ලස්සනයි.... ජයෙන් ජය

    ReplyDelete
  33. මං ඕවා ගැන දන්නේ නැතිය. මොකෝ මං කැම්පස් ගියේද නැතිය. කතාව මරුය. ඔක්කොම හොදය බට් මයේ පැටියෝ මේක කියහන් කෙල්ල මැරුණද ආ?

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)