Wednesday, 25 July 2012

"ආත්මගරුත්වය" - (කෙටිකතාව)


"නම"
"සිරිසේන"
"වයස"
"අවුරුදු 56යි මහත්තයෝ" 
 "මොනවා කරන්න ගිහින්ද කවව්ව ගත්තේ"
"අනේ මුකුත් කරන්න ගියේ නෑ මහත්තයෝ.අපේ ග්‍රාමසේවක මහත්තයගේ බල්ලා.මම ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දුවගෙන ඇවිල්ලා හැපුවේ.මට හෙල්ලෙන්න වත් වෙලාවක් තිබුනේ නෑ"
"හ්ම්ම්ම්.."

දොස්තර මහතා කුඩා සටහන් පොතේ  මොන මොනවාදෝ කුරුටුගානවා සිරිසේන බලාගෙන සිටියේය.කකුල රිදුම් දෙනවාට වඩා හිතේ ඇතිවෙන වේදනාව උහුලා ගත නොහැකිව සිරිසේන සුසුමක් හෙලුවේය.එක් අතකින් රුවන්ත හරිය.

කුඩා කල සිටම මුරණ්ඩු දරුවෙකු වූ රුවන්තව අසීරුවෙන් උස් මහත් කල හැටි සිරිසේනට සිහිවේ.

"මම කැමති නෑ තාත්තා එක එකා ලග හෑල්ලු වෙනවට.තමන්ට ආත්ම ගරුත්වයක් තියෙනව නේ තාත්තේ.ඇ‍යි මිනිස්සු ඉස්සරහ බාල්දු වෙන්නේ."
"එදා වේල බඩට දාගන්න නැති අපිට කොහෙන්ද පුතේ  ආත්ම ගරුත්වයක්"

 ඉන් පසු තව මොන මොනවාදෝ බර දේශපාලන වේදිකා වල ඇහෙන වචන කිහිපයක් රුවන්තගේ මුවින් පිට වූ බව සිරිසේනට යාන්තමට මෙන් මතකය. 

"තමුසෙලා තැන් තැන් වල ගිහිල්ලා බල්ලන්ට කියලා කව්වගෙන එනවා.ඒක ඉතින් ප්‍රශ්නයක් නෙමේ නේ.හැමදේම රජයෙන් නොමිලේම දෙන නිසා තමුසෙලට හොදයි.දන්නවද මේ ඉන්ජෙක්ශන් එකකට රජයෙන් කීයක් වියදම් කරනවද කියලා"

පියවි සිහියට ආ සිරිසේන,දොස්තර මහතාගේ පැනයට සිනා සීම පමනක් සිදු කලේය.
 
"හිනා වෙනවා ඉතින්..දන්නවනම් බල්ලෙක් ඉන්න පැත්තකින් වත් යන එකක් නෑ."

මෙතක් වේලා කුරුටු ගෑ සටහන් කොලය සිරිසේනගේ අතට දෙමින් දොස්තර මහතා පැවසීය.

"හතරේ කාමරේ මිසීට මේ තුන්ඩුව දෙනවා.එතනින් අද ඉන්ජෙක්ශන් එක විද්දට පස්සේ මේ තුන්ඩුවේ තියෙන දවසට වරද්දව ගන්නේ නැතුව ඇවිත් බෙහෙත් ටික විදගන්නවා."

දොස්තර මහතාගේ පිලිකුල් සහගත බැල්මට යටහත් ලෙස හිස කසමින් සිනහවකින් සංග්‍රහ කල සිරිසේන කාමරයෙන් එලියට ආවේය..

"ආත්මගරුවය"

සිරිසේනගේ දෙසවන් පිරවෙමින් සුලං රැල්ලක් කෑ ගැසුවේය.
 හතරවන කාමරයේ දොර අසලට ගිය සිරිසේන ඇතුලත දෙස විමසිලිමත් බැල්මක් හෙලීය.කුඩා පුටුවක පශ්චාත්භාගය අමාරුවෙන් රදවාගත් හෙදියක් බලමින් සිටි පුවත්පත පැත්තකට කර ඔහු දෙස බලනවා දුටු සිරිසේන සිනාසුනේය.

"මොකද"
"බෙහෙත් එකක් විදින්න මිසී"
අපහසුවෙන් පුටුවෙන් නැගිටගත් හෙදිය සිරිසේන අත තිබු තුන්ඩුකෑල්ල ඉල්ලා ගත්තේය.සමාවන්න..එය උදුරා ගත්තේය..
"කවද්ද කෑවේ?"
"අද,දැන් ටිකකට කලින් මිසී"
"තමුසෙලා ඉන්නකල් ඉතින් අපිට වැඩ නැතුවට වැඩ" 

සිරිසේනගේ මුවේ සුපුරුදු බයාදු සිනහව මතුවී නැතිවී යයි.
 
එන්නත විද ගැනීමෙන් අනතුරුව පාරට ආ සිරිසේන බස් නැවතුමට ඉබි ගමනින් ඇවිද ගීයේය.තමා බයගුල්ලෙක්ද..සිත ඔහුගෙන්ම විමසයි.

"වැඩක් කර ගන්න ඕන නම් ඒ ඕන දෙයක් විදගෙන ඔලුව පහත් කරගෙන ඉන්න වෙනවා සිරිසේනයෝ"
පියදාස මාමා වරෙක කිව් කතාවක් සිරිසේනගේ මතකයට නැගුනේය.
වේගයෙන් පැමිනි බස් රථයකට අත පෑ ඔහු හෙමි හෙමින් පාපුවරුවට ගොඩ වූයේය.

"අංකල්,ඉක්මනට නගින්න බැරිනම් කරුණාකරලා බහිනවද"

"ආත්මගරුත්වය"
කොන්දොස්තර කොලුවාගේ විදානයත් කකුල රිදුම් දෙන වේදනාවත් අතරින් සිරිසේනගේ දෙසවන් වලට කොහේදෝ සිට පැමිනි සුලගක් කෙදුරුවේය.බස් රථයේ රේඩියෝ හඩ අඩුවෙන් ඇසෙනා ඉසව්වක හිස්ව තිබූ ආසනයක් බලා වාඩි වූ සිරිසේන නැවත සිතුවිලි සයුරේ කිමිදෙන්නට විය

"කුඹුක්ගහ හන්දියේ රැස්වීමක් තියෙනවා පක්ෂේ ඉදිරි ගමන වෙනුවෙන්.අද කොඩි වැල් අදිද්දි මැම්බර් මහත්තයත් ආවා.තාත්තටත් එන්න කියලා උන්නැහේ කිව්වා" 
"මට උඹලගේ දේශපාලන හරුප තේරෙන්නේ නෑ පුතේ.මැම්බර් මහත්තයට කියපන් මේ පාර මට ඡන්දේ දාන්න වෙන්නේ නෑ කියලා"
"ඒ මොක්ද ඒ"
"තාම නැති වෙච්ච හැදුනුම්පත ලැබුනේ නෑ නේ පුතේ"
"වල් බල්ලා..ග්‍රාමසේවකයා දන්නවා තාත්තාගේ ඡන්දේ වැටෙන්නේ මැම්බර් මහත්තයට කියලා.තාත්තගේ හැදුනුම්පත හදන එක පරක්කු කරාම උගේ එකාට එක ඡන්දයක් හරි උඩට එන්න පුලුවන් නේ"
"ග්‍රාම සේවක මහත්තයටත් වැඩ වැඩියි පුතේ.ඡන්දෙට කලින් කොහොම හරි දෙන්න පොරොන්දු උනා"
"කටු කන බල්ලා.කොහේද..තාත්තා කොන්ද පහත් කරගෙන ඉන්නකල් ඕකුන් රජකරයි.තාත්තට කිව්වට වැඩක් නෑ නේ.මම දැන්ම ගිහින් උගෙන් අහගෙන එන්නම්කෝ හැදුනුම් පත නැත්තේ මොකද කියලා"
 "නෑ නෑ..පුතා යන්න ඕන නෑ..මමම ගිහින් එකලාසයක් කරගෙන එන්නම්"

"හිනැටිගල හන්දිය බහිනවා"

කොන්දොස්තර කොලුවා පිටුපස සිට කෑගසන හඩ කන වැකුනු සිරිසේන කල්පනාවෙන් මිදුනේය.

"දෙයියනේ..බහින තැනත් පහුවෙලා."

තමාටම දොස් නගා ගනිමින් ඔහු හනි හනිකට බස් රථයේ සීනුව නාද කරන්නට විය.

"ඕයි...තමුසේ ඕක කඩන්නද මිනිහෝ හදන්නේ..ඉන්නවා බස් එක හෝල්ට් එකේ නවත්තනකල්"

කොන්දොස්තර කොලුවාගේ ගෝරනාඩු හඩට සිරිසේන යටපත් විය.බස් රථය නැවැත්වූ පසු රිදුම් දෙන කකුලත් අද්දමින් සිරිසෙන බස් රථයෙන් බසින්නට විය.

"ඉක්මන් කරනවකෝ අංකල්...හරේ යං"

අවසාන අඩිය තියනවාත් සමගම බස් රථය පිටත් වීම නිසා සමබරතාවය බිද වැටුනු සිරිසේන ඇද වැටුනේය..බස් රථයෙන් නැගුනු දුහුවිලි වලින් සිරිර වැසෙද්දී,නැවත කොහේදෝ සිට පැමිනි සුලං රැල්ලක් සිරිසේනගේ දෙසවනට කෙදුරුවේය..
"ආත්මගරුත්වය"

29 comments:

  1. අනේ උඹේ කෙහෙල්මල් ආත්මගරුත්වය..

    ReplyDelete
  2. ආත්ම ගරුත්වය එහෙම්පිටින්ම නැතිඋනා. හැබැයි දැන් මම දන්න රජයෙ රොහල්වල තත්වය ඔයිටවඩා වෙනස් අතරින් පතර ඔය විදිහෙ අයත් නැතුව නෑ

    ReplyDelete
  3. ආත්මගරුත්වය කොහේද නෙහ්

    ReplyDelete
  4. අත්මගරුත්වය ගැන නොහිතන මිනිසුන් අතර අත්මගරුත්වය ගැන සිතන මිනිසෙක්..........

    ReplyDelete
  5. උඹ කොහේ රිංගන්න ගිහිංද බල්ලො කවා ගත්තෙ.

    ReplyDelete
  6. මට තේරිලා තියෙන විදිහට හොඳට සල්ලි තියෙනව නම්, වැරදි කරලත් නැත්තන් කියන කරුණු දෙකම සම්පූර්ණයිනම් ආත්ම ගරුත්වය බේරන් ඉන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. සංවේදී පෝස්ටුවක් සහෝ..අනේ මන්ද..මිනිස්සුන්ට බැරි කාලේ වෙනකොට කොහෙන් උනත් එන ගැරහුම් විඳගන්න වෙනවනෙ..පව් තමා..මොනව කරන්නද.......:(

      Delete
  7. මේ වගේ වචන ලෙඩ්ඩුන්ට අපහාසාත්මකව භාවිතා කරන එක දොස්තර කෙනෙක්වත්, නර්ස් කෙනෙක්වත් මම නම් දැකලා නෑ. (පුරුද්දක් විදියට හැමෝටම ඒ වගේ වචන පාවිච්චි කරන එක ශල්‍ය වෛද්‍යවරයෙක් නම් මම දැකලා තියනවා, හැබැයි ඔහුට නම් තමන්ගේ දෙවෙනියා, සීමාවාසික වෛද්‍යවරයා, වෛද්‍ය සිසුවා, හෙදිය, සුළු සේවකයා, රෝගියා යන සියල්ලන්ම "තමුසෙල".)

    නමුත් රෝගීන් පිළිබඳව දක්වන සැලකිල්ල නම් එක එක පුද්ගලයන්ට අනුව වෙනස් වෙනවා කියන එක මම පිළිගන්නවා.
    අනිත් එක බල්ලෙක් කාලා ආවා ට නම් මෙහෙම බනින්නෙ නෑ. ඒත් වහ බීලා / පැනඩෝල් බීලා ආවාම නම් බනිනවා,
    "ඇයි බාගෙට බිවුවෙ? මැරෙන්නම බොන්න තිබුණනෙ. දන්නවද පැනඩෝල් බීලා ආවාම ඔයාලට දෙන බේතෙ ගාණ? එකක් 75000ක් පනිනවා. අනිත් අහිංසක ලෙඩ්ඩුන්ට වියදම් කරන්න තියන සල්ලි මේවා. මේවා අපි දුන්නට ප්‍රයිවට් තැන් වලින් දෙන්නෙත් නෑ, මොකද ඒ තැන් වල වහ බීලා එන අයව බාර ගන්නෙ නෑ.
    පැනඩෝල් බීලා ආවම එක පාර මැරෙන්නෙ නෑ. අක්මාව නරක් වෙලා ටික දවසකින් විඳවලා මැරෙන්නෙ........" අඩු වැඩි වශයෙන් ඔහොම කියනවා.

    කොන්දොස්තරලා ගැන කතා කළොත් ඒ අයත් විවිධාකාරයි. සමහර අය ඉතාම ලස්සනට කතා කරනවා, සුහදයි. සමහර අය සුහද බව කියන එක දන්නෙම නෑ. ලංගම බස් වල තත්වය වඩා යහපත්. හැබැයි ඔවුන්ගෙනුත් සමහරක් පාසල් ළමුන් කියන්නෙත් ආත්ම ගරුත්වයක් තියනවා කියලා හිතන්නෙ නෑ.

    මේ ලිපියේ හරය නිවැරදියි. ආත්ම ගරුත්වය මැනෙන්නෙ වැරදි විදියට අපේ රටේ.

    ReplyDelete
  8. ආත්ම ගරුත්වය අපේ රටේ හුඟක් මිනිස්සුන්ට නැත්තෙත් ඕක තමා :(

    ReplyDelete
  9. ආත්මගරුත්වය කියන්නෙත් සල්ලි දීලා ගන්ඩ පුළුවං වෙළඳ භාණ්ඩයක් මචං

    ReplyDelete
  10. රෝහල් වල නම් ඔය තත්වය දැන් නැති තරම්. බස් එකේදි වෙන සිද්ධිය නම් සහතික ඇත්ත.

    ReplyDelete
  11. ඇත්ත තමා.හැමෝගෙන්ම ගැරහුම් ලබන්නේ අතේ සතේ නැති දුප්පත් මිනිස්සු.
    කොහෙන්වත් සරණක් නෑ උන්ට..

    ReplyDelete
  12. හික්ස් ආත්මගරුත්වය

    ReplyDelete
  13. "ආත්මගරුත්වය" සමහර මිනිස්සුන්ට තඹේකට නොවටින තුවාලයේ කැක්කුම තියන මිනිසා පමණක් අහිමෙවීමෙන් විඳවන ආත්මගරුත්වය.

    ReplyDelete
  14. ආත්මගරුත්වය කියලා එකක් තියෙනවනං රටකට මෙහෙම වෙනවද බං?????
    (ලංකාවට වගේ)

    ReplyDelete
  15. හැම මනුස්සයෙක්ටම ආත්මගරුත්වයක් තිබේ. නේද මලේ ?
    කතාව එලටික් ය සින්තටික් ය !!! පැතටික් ද වේ !!!

    ReplyDelete
  16. මදැයි අයිඩී ගන්ඩ ගියා...

    ලස්සන නිර්මාණයක්..

    ReplyDelete
  17. සාර්ථකයි සහෝ..

    ReplyDelete
  18. සිරාම කතාව මලයා.. සාර්ථකයි.. අවංකවම...

    ReplyDelete
  19. සිරා මචං....
    හොද දොස්තරලා ඉන්න ඉස්පිරිතාල තියෙනවා ඒත් අඩුවෙන් තියෙන්නේ.ඒ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන උන්ටම සද්දේ දාන එක තමා අවුල.

    ReplyDelete
  20. බල්ලෙක් කාපුවාම තාම අර ඉන්ජෙක්ෂන් 21 ගහනවද

    ReplyDelete
  21. දුප්පත් කමත් වල්ගය නැති ගොනා වැනී කියලා කියමනක් තියෙන්නෙ මෙන්න මේ වගේ අවස්ථාවකට ඒක හොදට ගැලපෙනවා...

    ReplyDelete
  22. ඇති තැනට ඇති නැති තැනට නැති ආත්මගරුත්වය :ඩී

    ReplyDelete
  23. මේ වගේ සිද්ධියකදී කට වහගෙන ඉන්නත් මොකක්ද වගේ. ඒත් ඒ ගැන කතාකරන්න නොයා ඉන්න එක සැපයි...

    ReplyDelete
  24. kathawanam godak hodata liyala tiyenawa ayya.......hmm.....attatama asarana minissuntama tama ayya ohoma dewal wenne....

    ReplyDelete
  25. හැමෝම කියනවා වගේ ආත්ම ගරුත්වය රදා පවතින්නෙත් සමාජ තත්ත්වය මත මචං!

    ReplyDelete
  26. ලස්සන කතාවක්. සල්ලි තියෙනකල් ඔය හැම ගෞරවයක්ම තියේවි. නැත්නම් ඉතින් අපිටත් වෙන්නේ ඔය ටිකම තමා.

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)