Saturday, 19 January 2013

එයා තාම චූටි කෙල්ලෙක්(තෙවන කොටස) - "ඒයි...තාරවා..ඔහොම නැවතියන්"

හන්තාන දෙසින් උදෑසන හිරු කිරණ විශ්ව විද්‍යාල භූමියට වැටෙමින් තිබුනි.කියවන ඔබට නම් මෙය කතාවේ අලුත් කොටසකි.තාරිකාට නම් එය එසේ නොවුනි..ඇය බියෙන් තැතිගෙන තිබුනි.වෙනදාට හිමිදිරි උදයේම අවදිවන ඇය , අද අවදි වූයේ හසිනිගේ කෑ ගැසීම හමුවේය.

"තාරිකෝ....නැගිටපා...න්...."

 ඔළුවේ සිට පොරවාගෙන සිටි රෙද්ද දෑතින්ම ඇද දමමින් හසිනි කෑගැසුවාය.මේ කෙල්ල නම් ඕනෑවට වඩා වැඩිය.කතාවේ චරිතයක් නිසා ඇය ගැන ලියමි. නැතිනම් මෙවැනි පණ්ඩිත කෙල්ලන් මම ගණනකටවත් නොගනිමි...

හිරු එලියට එකවරම දෑස නිරාවරණය වූ නිසාදෝ තාරිකා දෑස් පුංචි කර වටපිට බැලුවාය.

යුවතියක් උදෑසනම අවදිවනු ඔබ දැක තිබේද? පිලිතුර "ඔව්" නම් ඇයගේ කොණ්ඩය අවුල්වී ගොස් තිබිය යුතුය,දෑස් යට ගොස් මුව දෙපස සුදුමැලි වී තිබෙනු ඔබ දකින්නට ඇත.පිලිතුර "නැහැ" නම් ඔබ වාසනාවන්තය...ඒ දසුන එතරම්ම බියකරුය..
එම හැඟීමෙන්ම අපි තාරිකා දෙස බලමු...

සමාවන්න..කතාව ලියනා මටද වැරදී තිබේ...සෑම යුවතියක්ම එසේ නොවේ යැයි කිව යුතුය..ඇයගේ කොණ්ඩය පිළිවලය...දෑස් දීප්තිමත්ය... යුවතිය පියකරුය..නින්දෙන් අවදිවෙද්දී පවා ඇයගේ වෙනසක් නැත.එය ස්වභාවික සුන්දරත්වය විය යුතුය...ඊට වඩා දෙයක් මම නොදනිමි..ගෑණු ළමෝ සම්බන්ධයෙන් මම වියතෙකු නොවෙමි...වල්පල් දෙඩෙව්වා හොඳටම ඇතිය..අපි කතාවට යමු...

"මොකො...ගෙදර කියලා හිතුවද..ඉක්මණට නැගිටලා මූණ සෝද ගනින්..."

තාරිකා සිනහසෙමින්ම ඇඳෙන් බිමට පැන්නාය..
"මූණ සෝදගන්න කලින් ඇඟිලි සෝදන් ඉන්න වෙයි."

මේසය මත තිබූ කුඩා කුප්පියක් අතට ගත් ඇය එයින් ටිකක් රෙදි කැබැල්ලකට ගෙන නියපොතුවල තවරා තදින් පිරිමදින්න වූවාය..

"ඕයි මැට්ටි...ඔච්චර තදට උලන්න ඕන නෑ..."
නැවතත් පණ්ඩිත කටින් පණ්ඩිත වදනක් පිටවුනේය..

"බෝතලේ අන්තිම ටික තියෙන්නේ...අත් දෙකේම යවන්න පුළුවන් වේවිද දන්නෑ.."
 තාරිකා බියෙන් පිලිතුරු දුන්නාය...

විනාඩියක් දෙකක් පමණ යුවතියෝ ඔවුනොවුන්ගේ වැඩ වල නිරත වූවෝය.
"හරියන්නේ නෑ හසිනි...ඇඟිලි හතරක ඒවා යවන්න බෑ...බෝතලේ ඉවරයි"
උත්සාහය අත හරිමින් ඇය කීවාය...

"අද නම් උඹ ඉවරයි තාරි....අර පොට්ටයට අහු නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා එලියට බැහැපන්.."
මාගේ ඉවසීමේ සීමාවක්ද තිබේ..මේ කෙල්ල නම් ඕනෑවට වැඩිය..මම නැවතත් එසේම කියමි.මේ පණ්ඩිත කෙල්ල නම් ඕනෑවට වඩා වැඩිය....කන්ණාඩි දැමූ පලියට ඔහුට පොට්ටයෙකු යැ‍යි කීම කෙතරම් අසාධාරණද??

"ම්ම්ම්ම්...හසී....ඔයා ලඟ බ්ලේඩ් එකක් තියෙනවද?"
මද වේලාවක් කල්පනා කරමින් සිටි තාරිකා ඇසුවාය...

"ඔව්..ඇති...මොකටද?"

"කෝ දීපන්කෝ.."

බ්ලේඩ් තලයත් රැගෙන තුවායත් පොරවාගෙන යුවතිය නානකාමරයට ඇතුලු වී දොර වසා ගත්තාය,..ඇතුලට යාමට අපට අවසර නැත..මම ඔබට නැවත මතක් කරමි..මෙය කාන්තා නේවාසිකාගාරයකි...අප මේ දැනුත් රැදී සිටින්නේ අනවසරයෙනි.ඉතින් අපි නාන කාමරයක් ඇතුලට කෙසේ රිංගමුද...

එන්න...අපි ඕනෑ තැනක ඇවිදිය හැකි පිරිමි නේවාසිකාගාරයක් වෙත යමු...

 "එපා වෙනවා බං සපත්තු දාලා ශර්ට් යට කරලා අඳින්න ගියාම..ඒ මදිවට අත් කොට ශර්ට්..තෙල් ගාලා ඔලුව පීරන්නත් ඕන...නිපුන් ,ඔන්න ඔය කලිසම මෙහාට විසි කරපන්."

පාවී ආ කලිසම එක් අතකින් අල්ලා ගත් නිර්මාල් හනි හනිකට එය හැඳගත්තේය.එය ඇදගන්නා තුරු අපි අහක බලා සිටිමු.පිරිමි අපිට නම් ඒ දසුන් ගනන් ගත යුතු නැත.නමුත් මේ කතාව යුවතියන්ද කියවයි.ඔවුන් මේවා දුටුවහොත් හොද නැත්තේ නිර්මාල්ටමය.කලු පාට කලිසමට නිල්පාට අත්කොට කමිසය යට කර තෙල් ඩිංගක් ගා හිසද පීරාගත්තේය. කන්ණාඩිය ඉදිරිපිටට ගොස් වරක් දෙවරක් හැඩ බැලුවේය.කන්ණාඩි පාවිච්චි කරන්නේ යුවතියන් පමණක්ම නොවේ..නැතිනම් පිරිමි නේවාසිකාගාර වල කන්ණාඩි දෙක තුන බිත්ති වල එල්ලා තිබෙන්නට විදිහක් නොමැත.

"ඔක්කොම හරි..දැන් පලයන්කෝ නාදන් එකට කෙල්ලො ටික පරිස්සම් කරගෙන එක්කගෙන එන්න..."

නිපුන් ඇසක් ඉඟිකරමින් පැවසුවේය.නවක වදය කාල සීමාව තුල බොහෝ දෙනෙකුගේ ප්‍රියතම කාලය වන්නේ මෙය බව මම තරයේ විශ්වාස කරමි.. 

හැඳ පැලඳ ගැනීමෙන් පසු අක්බාර් ශාලාවේ රැඳී සිටිය සියලුම පළමු වසර සිසුන් රාමනාදන් ශාලාව වෙත පෝලිමේ පැමිණියෝය.යුවතියකගේ අතින් අල්ලාගෙන පීඨය වෙත පිය නැගීම ඊලඟ කාර්යයයි.පියකරු යුවතියකගේ නම් අත තවත් ඉලංදාරි අතක් සමඟ එකතුවීමට ගතවන්නේ තත්පරයෙනුත් පංගුවකටත් වඩා අඩු කාලයකි.පැමිණ සිටින ඉලංදාරි රැල ඇස් ඒ මේ අත යවමින් ලස්සන ලස්සන යුවතියන් දෙස ඇස් බෝල කරකවමින් සිටියෝය.අවාසනාවකට තාරිකා පියකරු යුවතියක් වූවාය...ඉතින් කුමන කතාද...ඇස් බෝල කිහිපයක් එක එල්ලේම ඇය දෙස යොමු වී තිබුනි.


තාරිකාගේ අතේ නම් කවුරුන් හෝ එල්ලෙනු ඇත.එතෙක් අපි හසිනි සිටින්නේ කොයිබදදැයි සොයමු...ඇයත් කාගේදෝ අතක එල්ලී සිටියාය...හසිනි ගැන සොයා බලනා ඒ සුලු මොහොතට නිර්මාල් තාරිකාගේ අත ගෙන සිටියේය.හසිනි ගැන මෙතරම් උනන්දුවෙන් සොයන්නේ කියදැයි මම නොදනිමි.මේ කතාව අතීතයේදී ලිව්වා නම් හසිනි යනු තාරිකාගේ යෙහෙලිය පමනක්ම යැයි ලිවීමට ඉඩ තිබුනි.ඒත් වර්ථමානය සලකද්දී හසිනි ගැන මොකක්දෝ අමුත්තක් දැනේ.ඇය පියකරුය..හෙන විසේය...දගය...කතාව ලියනා මාගේ සිත ඇද ගැනීමට තරම් හසිනිගේ චරිතය ප්‍රබහල වී තිබේ...ඇය ගැන මීට පෙර සොයා නොබැලීම ගැන මම මටම දොස් පවරා ගත්තෙමි.කතාව අතර තුර මම ඔබට නැවත යමක් මතක් කරමි..සෑම ප්‍රේම කතාවකම මෙන්,මේ කතාවේදේ කතා නායිකාවගේ යෙහෙලිය තනිකඩය...
පාඨකය....අපි තාරිකා ගැන සිතීම අත හැර ඇයගේ යෙහෙලිය ගැන සිතීමට පටන් ගනිමුද??

අපි නැවත නිර්මාල්ලා දෙස හැරෙමු.පලමුව නිර්මාල්ගේ  මුහුණේ මද සිනහවකි, තාරිකාගේ මුහුණෙහි පෙරලා කරන සිනහවක් සේයාවකි.....ඉන්පසු ඉතින් පුරුදු ලෙසම ප්‍රථම හමුවීමේ සුන්දර මතක සටහන් කතා කරනු ඇත..
එය සිදුවීමට පෙර මා ලියන්නේ කෙසේ දැයි ඔබ සිතනු ඇත..මීට අවුරුද්දකට පෙර මමද ඔය සිදුවීම් පෙල ඔය ආකාරයටම පසු කලෙමි..

"ඉතින්...කොහොමද?" 
නිර්මාල් කතාව ආරම්භ කලේය..

"හොඳයි...අදත් අපි දෙන්නා එකට දැක්කොත් මාර වැඩේ නේ.." 
තාරිකා නිර්මාල්ට අකමැතිද? එසේත් නැති නම් එය ප්‍රකාශ කලේ බිය නිසාදැ‍යි මම නොදනිමි...

මහාචාර්‍ය එදිරිවීර සරස්චන්ද්‍ර එලිමහන් රංග පීඨයත් , හාදු වංගුවත් , කලාගාරයත් පසු කරමින් ඔවුන් පාගමනින්ම පීඨය දෙසට ඇවිද ගියෝය.

එකිනෙකා පසුපස එකිනෙකා සේ අතින් අත අල්ලාගෙන ගැහැණු හා පිරිමි ළමෝ දෙසිය ගණනක් පාරේ ගමන් කිරීම වෙන තැනක සිදුවූවා නම් විවිධ අය විවිධ කතා කියනු ඇත.නමුත් මේ කාල සීමාව තුල පේරාදෙණියට විශ්ව විද්‍යාලයට නම් එය අරුම පුදුම දසුනක් නොවීය.

තාරිකාටත් , නිර්මාල්ටත් ඕපාදූප කතා කරන්නට දී මම ඔබට වෙනම දෙයක් කීවේ හිතාමතාමය.ඔවුන්ටත් පෞද්ගලිකත්වයක් තිබිය යුතුය..සමහරවිට ඉදිරියට මෙය ඔවුන්ගේම කතාවක් වනු ඇත...

"ඒයි...තාරවා....ඔහොම නැවතියන්"
 සමාවන්න...මෙය ඔවුන්ගේම කතාව වීම ගැන සැක සහිතය..

කොහෙන්දෝ පැමිණි කටහඬක් තරුණ යුවල එක තැන නතර කිරීමට සමත් විය..මලිත් හෙවත් පොට්ට ජ්‍යෙෂ්ඨ සිසුවා ගැන අපට අමතකම වී ගොස් තිබුනි..මෙම කතාව ඔහු නැතිව ලියන්නට බැරුවා සේය.

මලිත් , නිසල් ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිප දෙනෙක් තරුණ යුවල වට කර ගත්තෝය.

"ඒයි...කෝ උඹේ අත් වල සායම් ටික මකාගෙන ආවද?"
 එකෙක් තාරිකා දෙස රෞද්‍ර බැල්මක් හෙලමින් ඇසීය..

ඔව් කියන්නට මෙන් තාරිකා දෙවරක් හිස ඉහල පහල ගෙනිච්චාය...

"උඹේ නෝන ගොළුයිද? " 
එවර බැල්ම එල්ල වූයේ නිර්මාල් වෙතටය..

මේ බිය ජනක අවස්ථාවේ වුවත් තාරිකාට තමාගේ "නෝනා" යැයි ඇමතීම ගැන නිර්මාල් , හිත ඇතුලෙන් මොකක්දෝ ආශ්වාදයක් වින්දේය..එය කොලු කමද එසේත් නොමැතිනම් වෙනත් හැඟීමක්ද යන්න පැවසීමට මම තවමත් ඉක්මන් වැඩිය.

"මකාගෙන ආවා" 

නිර්මාල් අපහසුතාවයට පත් වී සිටිනු දුටු නිසාදෝ තාරිකා කතා කලාය..

"කෝ පෙන්නපන්" 
එවර නම් මලිත් කතා කලේය...

දෑත පෙන්නන්නට වෙන්නේ තමා අප්‍රිය කරනම ජ්‍යෙෂ්ඨ සිසුවාටය...ඔහු දෑතින් අල්ලා බැලුවොත්!! තාරිකා කිලිපොලා ගියාය..

"මොකද බකමූණියෙක් වගේ බලන් ඉන්නේ..අත් දෙක පෙන්නපන්.."

යුවතිය හිතට වීරිය ගෙන දෑතම මලිත් දෙසට දික් කලාය..

"ඒ..මේකි මකාගෙන ඇවිල්ලා...අන්න එහෙම ඉඳපන් මේකේ ඉන්නව නම්.." 
තාරිකාගේ දෑත් දෙස බලමින් නිසල් පිලිතුරු දුන්නේය...

අනෙක් අයට නොපෙනුන කුමක් දෝ දෙයක් , උපැස් යුවලක් පැලඳ සිටි දෑසක් දුටුවේය.එය ඔහුගේ හිත පතුලටම කිඳා බැස්සේය..සමහර විට...ඔව්..සමහර විට අද හවස ඔහු එය යුවතියට පවසනු ඇත..මම ඉක්මන් නොවී ඉඳිමි...

"ඒ තාරාවා නංගි...ඔය කණ්නාඩි දාන ජ්‍යෙෂ්ඨතුමාගෙන් අහපන් කෙල්ලෙක්ට, එයාගේ පර්ස් එක ඇතුලට ෆොටෝ එකක් විදිහට යන්න ඕන නම් මොකක්ද කරන්න ඕන කියලා " 
එකිනෙකා අපහසුතාවයට පත් කර ගැනීම තම කණ්ඩායම ඇතුලේද සිදුවිය හැකිය. තම සගයන් ඉදිරියේ මලිත්ව අපහසුතාවයට පත් කරනු වස් නිසල් ඇසුවේය.. 

 තාරිකා බිය වී සිටියාය...ඇය එය ඇසුවොත් මලිත්ගෙන් තවත් රැග් වීමට සිදුවනු ඇත..ඇසුවේ නැතොත් අනෙක් පිරිසෙන් රැග් වීමට සිදුවනු ඇත.ඇය අසරණය.අහිංසක යුවතියට මේවා තවත් දරා ගැනීමට හැකියාවක් නැත්තා සේය.

"පිස්සු නැතුව ඉඳපල්ලා...නංගි උඹ පලයන්" 

මලිත් සැබැවින්ම අපහසුතාවයට පත් වී සිටියේය..විහිළුවකට උවත් ගත යුත්තක් තිබේ..නමුත් සජිනි ගේ ඡායාරූපය විහිළුවට ගැනීම ඔහු නොරිස්සුවේය...ඔහුටත් නොදැනිම දකුණු අත පසුම්බිය කරා ඇදී ගියේය.

"නෑ නෑ...උඹලා කොහේවත් යන්නේ නෑ...අහපන්!! දැන්ම අහපන්,,නැතිනම් අපි අස්සවන්නම්.."
අනෙක් සිසුන්ද නිසල්ට සහයෝගය පලකිරීම උදෙසා යුවතියට තර්ජනය කලෝය..ඇය වඩ වඩාත් නිර්මාල්ගේ දෑත තද කරගත්තාය..කුමක් හෝ කල යුතුය..අවසානයේ එය ඇසීමට තාරිකා තීරණය කලාය...

"ජ්‍යෙෂ්ඨතුමාගේ මුදල් පසුම්බියට ඡායාරූපයක් විදිහට ගෑණුළමයෙක්ට ඇතුලු වෙන්න නම් මොනවද තියෙන්න ඕන සුදුසුකම්?"

මට ඔබට එක් දෙයක් කීමට අමතක වී තිබුනි..නවක වදය කාල සීමාව තුල නවක සිසුන්ට ඉංග්‍රිසි වචන කතා කිරීම තහනම්ය..ඉතින් දන්නා සිංහලෙන් කියන දෙයක් කිව යුතුය..

ප්‍රශ්නයට පිලිතුරු ලෙස මලිත් සිනහසුනේය.එය මවා ගත් සිනහවක් බව තාරිකාට පවා තේරුම් ගියාය.හැඟීම් හංගාගෙන සිටීම අතින් නම් ඔහු දුර්වලයෙකි..ආදරයක් සඟවා ගැනීමට නම් ආදරය කර පලපුරුද්දක් තිබිය යුතුය.ඒ අතින් මලිත් පුරුදුකාරයෙකු නොවීය.ඔබටත් මේ ආකාරයටම මතකය ඔච්චම් කර තිබෙනු ඇතැ‍යි මම සිතමි.කුමන සරදම ඉවසුවද මතකයේ සරදම ඉවසා සිටිය නොහැකිය.අමතක කල නොහැකි කෙනෙකු හා සම්භන්ධ සෑම පුංචි දෙයක්ම එක් අවස්තාවකදී කදුලු බිංදු ලෙස ශරීරයෙන් එලියට පනිනු ඇත.එය මතකයේ ස්වභාවයයි..අමිහිරි ප්‍රේමණීය මතකයේ ස්ව්භාවයයි..මේ ලියන මොහොතේ මමද කදුලක් පිස දමමි...ඔබට එය නොපෙනේ..උපැස් යුවලක් පැලදීමේ වාසිය එයයි.

"ආ...එයා කියන එකක් නෑ...මම කියන්නම්...එකම සුදුසුකම තමා මේ ජ්‍යෙෂ්ඨතුමා ඒ ගෑණුළමයට අම්බානෙක ආදරේ කරලා තියෙන්න ඕන..ඒ ගෑණුළමයා ආදරේ කරත් නැතත්,ඒ ගෑණුළමයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා ඉඳියත් , මෙයා එයාට ආදරේ කරලා තියෙනව නම් , පර්ස් එකට ෆොටෝ එකක් විදිහට යන්න පුලුවන්
...හරි...දැන් කියපන් දෙන්නත් එක්කම මම කියපු එක ආයේ සැරයක්" 
නිසල් නැවත විධානයක් දුන්නේය...

තරුණ යුවල අසරණව ගොස්ය..මලිත් ඊටත් වඩා අසරණව ගොස්ය.මොන දෙයක වුවත් අමතක කල නොහැකි දෙය වන්නේ මතකයයි.ඒ මතකය අකුණු පහරක් සේ ඔහු ඉදිරියේ ආලෝකමත් වෙමින් තිබුනි...දැන් ඔහුට තාරිකා පෙනෙන්නේ තාරිකා ලෙස නොවේය..ඇය දැන් ඔහුට සජිනි වූවාය.තාරිකාගේ දෑතේ වෙලී සිටි නිර්මාල් ඔහුට පෙනුනේ.....
සමාවන්න....එතනින් එහාට කතාව ලියාගෙන යාමට මට නොහැකිය....මලිත්ට මැවෙනා රූපයන් මා ඉදිරියේද මැවේ...මා ලියන්නේ මාගේ කතාව නොවන බව පුන පුනා කීවත් යමක් හංගාගෙන ලිවීම අපහසුය..මේ කතාවත් මගේ කතාවත් මටද පැටලීගොස් තිබේ..කතා දෙකම එකක් නම්, එසේ නම් මෙය ලියාගෙන යෑම තවත් අපහසුය..කෙසේ වුවද මා තීරණයක් ගතයුතුය.මේ කතාවන් කාගේ දැයි වෙන් වෙන්ම ඔබට පැවසිය යුතුය.ඔබව තවත් පටලවා දැමීම මට ඇවසි නොවේ.

මතකයන් සියල්ල ඇඳී , මැකී යද්දී තාරිකා සහ නිර්මාල් අදාල ප්‍රකාශය කර අවසන් කර තිබුනි...

"හ්ම්ම්...පලයල්ලා පලයල්ලා...." 
නිසල් හෝ වෙනත් කෙනෙක් කියූ නිසා තරුණ යුවල ඉක්මණින්ම එතැනින් පැනගත්තෝය..

කාලය හෙමින් හෙමින් ගතවුණි...වේලාව අපිටත් හොරා ගොස් තිබේ..දේශන වලට සහභාගී වීම නිසා නවක සිසුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සිසුන්ද කාර්යබහුල වී තිබුනි..

හිරු බැස යෑමට ආසන්න වෙද්දී නිර්මාලුත් තාරිකාත් නැවත මුනගැසුනෝය.එය නිර්මාල් කලින්ම සිට සැලසුම් කර තිබුනු නිසාද එසේත් නැතිනම් අහම්බයක්ද යන්න මම නොදනිමි...යුවල විශ්ව විද්‍යාල ක්‍රීඩාපිටිය මායිම්ව ඇති පාරේ වල් පල් දොඩවමින් ඇවිද ගියෝය..

"ඒයි ඔහොම නවතිනවා.."

නැවතත් පෙර පරිදිම විධානයක් ඇසුනි..පෙර පරිදිම නැවතීමක් සමඟ ආපසු හැරී බැලීමක්...ජ්‍යෙෂ්ඨ සිසුන් 10ක් 12ක් දැක ගැනීමේ අරමුණින් පිටුපස හැරී බැලුවද උපැස් යුවලක් පැලඳගත් එක් ජ්‍යෙෂ්ඨ සිසුවෙක් පමණක් පිටිපස සිටියේය...

"තමුසෙගේ ඔළුව හොඳ නැද්ද නංගි?"

බිඳක්වත් පමා නොවී මලිත් ප්‍රශ්න කලේය.. මොහු පැමිණ සිටින්නේ උදෑසන සිදු වූ දෙයට පලිය ගැනීමට විය යුතුය..තාරිකා සියලු දෙවි දේවතාවුන්ට පින්දුන්නාය..ඇය ගොලුවූවා නම් යැයි සිතුවාය...මේ මොහොතේම බස් රථයක නැගී ගෙදර යාමට ඇත් නම් යැයි සිතුවාය..ඇයට සිතුනු හැම සිතුවිල්ලක්ම මා දන්නේ කෙසේ දැයි මගෙන් නොවිමසන්න...මා එය ඉදිරියට ඔබට කියමි..එතෙක් ඉවසා සිටින්න...

"කතා කරනවා..."

"මම වැරැද්දක් කරේ නෑ ජ්‍යෙෂ්ඨතුමා..එයාලා මට කරන්න කියපු දේ තමා මම කරේ" 
යුවතිය බියෙන් පිලිතුරු දුන්නාය...නිර්මාල් ඇය අසලින් සිටීම ගැන එක් අතකට ඇය සතුටුවූවාය.

"ඒක ගැන නෙමේ ඕයි මම අහන්නේ...නියපොතු වලට කරපු දේ ගැන මම අහන්නේ.ඇයි නියපොතු හීරුවේ..?."
 අහා...එසේ නම් මොහු එය නිරීක්ෂණය කර තිබේ..අපිටත් වඩා , කොටින්ම නිර්මාල්ටත් වඩා මේ උපැස් යුවල පලඳින සිසුවා යුවතිය ගැන සංවේදී වී තිබේ..එය එසේ වූයේ පසුම්බියේ වූ ඡායාරූපය නිසාද එසේත් නැති නම් වෙනත් හේතුවක් නිසාද..පිලිතුර මම දනිමි..නමුත් අද කතාවෙන් මම එය ඔබට නොපවසමි...යොවුන් ප්‍රේම කතාවල කුතුහලය තිබෙනා තරමට ඒවා පාඨක සිත් ඇඳ බැඳ තබා ගනී.

"කියුටෙක්ස් Remover එක ඉවර උනා...ඉතින් Blade එකකින් හූරලා යැව්වා.."

 "කියුටෙක්ස් ,Remover , Blade ?? ගිලපන් කඩ්ඩ වචන ටික ඔක්කොම" 
ඇයට බුරුලක් දීමට මලිත් කොහොමටවත් කැමති නැත..ඔහුද ගානකට වැඩිය..මෙවැනි සුන්දර යුවතියකට මේ ආකාරයට කතා කිරීම ගැන ඔහු පසුතැවිය යුතුය.

"නියපොතු ආලේපේන ඉවත්කරණය ඉවර වෙලා තිබුන නිසා මුවහත් තලයකින් ආලේපන ඉවත් කරා"

"අන්න එහෙම වරෙන්..."

මලිත් සිහින් සිනහවක් මුවට නගා ගනිමින් පැවසුවේය..

"යකෝ.මෝඩියේ....කරන්න කියන පලියට හැම වැඩක්ම කරන්න එපා..බ්ලේඩ් එකෙන් හූරද්දී ඇඟිල්ලක් එහෙම කැපුන නම්?..ඔයිට වටා හිතලා වැඩක් කරපන්.නැති නම් අපිටයි පොලීසි යන්න 
වෙන්නේ.හ්ම්ම්ම්....දැන් පලයන්"

 ඔහු එය කීවේ පොලිසි යෑමට බියෙන්ද , එසේත් නැති නම්!!! එය අපිට ප්‍රශ්නයක් වූවාට තාරිකාට නම් ප්‍රශ්නයක් නොවීය..එතනින් ගැලවී යෑම ගැන ඇය දෙවියන්ට පින් දුන්නාය...

මද දුරක් ඇවිද ගිය පසු නිර්මාල් ඇයගෙන් අහන්නේ නැතිවම යුවතියගේ දෑතින් අල්ලා ගත්තේය..ඉන් පසු තම අතින් ඇයගේ දෑඟිලි පිරිමැද්දේය.

"ඔයාට නම් පිස්සු තාරි..මමත් දැනුයි දැක්කේ..." ඇයගේ නියපොතු වලට සිදුවී ඇති දෙය දැකීමට මෙතරම් වෙලා යෑම ගැන නිර්මාල් තමාටම දොස් පවරා ගත්තේය.තමා ඉස්සර වුනේ නම් ඒ ලකුණු ටිකත් වැටෙන්නේ තමාට බව ඔහු දැන හුන්නේය.
තාරිකාට තාරි කියන තරමටත් , ඇයගේ දෑතින් අල්ලන තරමටත් නිර්මාල් දැන් ඇයට ලංවී සිටියේය..කුමක්දෝ හේතුවකට යුවතියද ඒ ගැන කිසිවක් කියුවේ නැත.

මේ කතාව කියවන ඔබ නිර්මාල් , තාරිකාට ලං වීම ගැන දුක් වෙන්නේ මන්දැයි නොදනිමි..හේතුවක් ඇති නම් එය මලිත් විය යුතුය...
නමුත්.....මලිත්??
මලිත් යනු කවරෙක්ද????

 -----------------------------------------------------------------------------------------

මතකය

බඩු ටිකත් පැක් කරගෙන ගෙදර යන්න මම 1.20ට බදුල්ලේ ඉඳලා කොළඹ යන කෝච්චියේ නැග්ගා..මේ කෝච්චියේම මමයි ඉශාරයි එකට ගෙදර ගිය හැටි මතක් වෙනවා..මේවා බ්ලොග් එකේ ලිව්වම හෙට උදේටත් මට කෝල් එකක් ඒවි..ඒත් කරන්න දෙයක් නෑ..මම ලියන්න අරන් ඉවරයි..මීට මාස හතරකට විතර කලින් මේ බදුලු කෝච්චියේම ඉශාරත් එක්ක ගෙදර යන්න ගියපු අන්තිම දවස ගැන මතක් වෙනවා..සමහර විට මේ මතකය කියන කෑල්ල තියෙන්නේ ඒවා ලියන්නම වෙන්න ඇති...

"මොකො නංගි, ප්‍රශ්නේ මොකක්ද...?ස්ටේශන් එකේදි කතා කරෙත් නෑ..කෝච්චියට නැගලා කතා කරන්නෙත් නෑ.." 

 "ලොකු ප්‍රශ්නයක් අයියේ"

"පේපර් එකට එන ප්‍රශ්නයක් නම් කුප්පියක් දාන්නම් කොළඹ යනකල්" පුරුදු විදිහට විහිළුවෙන් මම උත්තර දුන්නා..

"විහිළුවක් නෙමේ අයියේ..ආදරේ නැති කෙනෙක් එක්ක ආදරෙයි වගේ ඉන්න උනොත් මොකද වෙන්නේ?"

එයා අහන්නේම ඔය වගේ උත්තර දෙන්න අමාරු ප්‍රශ්න.

"මම එහෙම ඉඳලා තියෙනවා..කැම්පස් එකට එන්න කලින්...ඒ ගැන මම ඔයාට කියලා තියෙනව නේ නංගි..ඒ හිටපු කෙනාගේ ෆොටෝ එක පර්ස් එකෙන් අයින් කරලා එතනට ඔයාව දැම්මේ මම ඇත්තටම ඔයාට ආදරේ නිසා..."

"ඉතින් එහෙම ඉන්න පුළුවන්ද?, මම් කිව්වේ ආදරේ නැති කෙනෙක්ට ආදරේ වගේ ඉන්න පුළුවන්ද?"

"බෑ...පොඩ්ඩක් වත් බෑ..."

"හ්ම්ම්ම්..මට ඔයාට බොරු කරන්න බෑ අයියේ..අපි ආදරේ කරන්න පටන් අරන් දැනට මාසයක් වෙන්න ඇති...මට තවත් ඔයාට බොරු කරන්න බෑ.."

"බොරු?? මොකක්ද බොරු?" 
බොරුව මොකක්ද කියලා දැන දැනම මම එයාගෙන් ඇහුවා...

"මට ඔයාට ආදරෙයි වගේ රඟපාන්න බෑ සහන් අයියේ.එහෙම කරොත් මට පව්.."

"ආදරේ නෑ....ඒත් එහෙනම් ඇයි මට ආදරෙයි කිව්වේ??"

"දෙයියනේ මම බයෙන් හිටියේ.ඔයා මගෙන් ඇහුවා...මම උත්තර දුන්නා....ඒක මම හිතලා කිව්වේ නෑ..මම බය උනා ඔයාට ඕන උත්තරේ නොදුන්නොත් ඔයා මාව රැග් කරයි කියලා.."

"රැග් කරන්න...ඒත් මම ඔයාගෙන් අහන දවස් වල රැග් එක තිබුනේ නෑ ඉශාරා.."

"හරි දෙයියනේ !! හරි....මම දන්නවා..ඒත් මම බය වුනා."

ඊට පස්සේ එයා මොන මොනවදෝ කිව්වා..මමත් ඔහේ අහගෙන ඉඳියා...සමහර විට එයාට මේ සම්බන්ධේ පටන් අරන් මාසයක් වෙන්න ඇති..ඒත් මට ඒ මාසේ අවුරුදු ගානක් වගේ..ඒ බැඳීම කඩලා දාන්නේ කොහොමද කියලා මම හිතාගන්න බැරුව ඉන්නේ..මොකක් හරි පිනකට මම කන්ණාඩි දෙක දාගෙන ඉඳියේ..ඉතින්...එයා කොහේ මගේ කඳුළු දකින්නද...එයාගේ කතාවේ හැටියට එයා සාධාරණයි..එයාට කරන්න දෙයක් තිබිලම නෑ..ඒත් මාසයක්ම යනකල් ඉඳලා ඒක කිව්වේ ඇයි..?

"ඉශාරා...ඔයා මට ආදරේ කරත් නැතත් මම ඔයාට ආදරෙයි....සමහර විට මම ආයෙත් කතාවක් ලියාවි..ඔයා මගේ කලින් කතාව කියෙව්වනේ..මම ඒක බාගෙට නතර කලේ ඔයා මගේ ජීවිතේට ආපු නිසා..ඒත්...ඔයා ඇවිල්ලා මට අලුත් කතාවක් ලියන්න ඉඩ හදලා දුන්නා...ඔයාට බොහොම පින්..."

කෝච්චියේ ගැස්සිල්ලත් එක්ක මම පියවි සිහියට ආවා..
අද බදුල්ල කෝච්චිය ගැස්සෙනවා වැඩියි..එදත් එහෙමයි...මොනව කරන්නද...ජනේලයක් අයිනට හේත්තු වෙලා මම ඒ දවස ගැන හිත හිත හිටියා..මටත් නොදැනිම මගේ අත පර්ස් එකට ගිහිල්ලා ඒක තිබුන ෆොටෝ එකක් එලියට ඇදලා අරගෙන.ඕනම දේක අමතක කරන්න බැරි දේ තමයි මතකය...

එයා මොනවද ආදරේ ගැන දන්නේ..ආදරේ කරන්න ,එයා තාම චූටි කෙල්ලෙක්...

මම ආදරේ ක‍රන කෙනා මට ආදරේ නැති නම් කඩදාසි කෑලි පර්ස් වල පුරවන් ඉඳලා වැඩක් නෑ...පර්ස් එකේ දාගෙන ඉදපු දෙවනි කෙල්ලගේ ෆොටෝ එකත් කෑලි හතර පහකට ඉරලා ජනේලෙන් එලියට අල්ලගෙන ඉඳියා...හුලං පාරට කෑලි ටික ඔහේ පා වෙලා ගියා...මතකයත් ඒ වගේ පාවෙලා නැති වෙලා යනව නම්....සමහර දේවල් නැවත නැවත සිද්ද වෙනවා වගෙයි..ආයේ පාරක් ආදරේ කරොත් ෆොටෝ කෑලි පර්ස් එකේ දාගෙන මතකය අමතක කරන්න බැරි පිස්සෙක් වගේ විදවන්නේ නෑ.

අද ඉදලා , මේ ලියන කතා දෙක පටලවලා කියවන ඔයාලව අතරමං කරන එකේ තවත් තේරුමක් නෑ..ඉශාරා දන්නවා මම මේ කතාව බ්ලොග් එකේ ලියනවා කියලා.මම හිතුවා මේ කතාව හැමෝගෙන්ම හංගලා එයාගෙනුත් හංගලා ලියාගෙන යන්න පුලුවන් වේවි කියලා.ඉතින් බොරුවට කතා දෙකක් වගේ ලියාගෙන ගියා.මේ කතාව තවත් කාගෙන් වත් හංගන්නේ මොකටද...
ඔව්....මම අද රහසක් කියන්නම්... 
මම ලියන කතා දෙකම එකක්..එයා තාරිකා...නෑ එයා තාරිකා නෙමේ..එයා ඇත්තටම ඉශාරා...
එතකොට මලිත්...ඔව්.ඒ මම තමයි....මලිත් කියන්නේ මම තමයි...


142 comments:

  1. ඒ පොට්ටයා කිවුවේ උබට නේ බං...
    අන්න කෙල්ලෝ ඈ...

    ReplyDelete
    Replies
    1. තරියාද ඕනෑවට වැඩිය :ඩී

      Delete
  2. කමෙන්ට් කරන්න වචන නැහැ මල්ලියා.ඇත්තටම ලස්සනයි.අද මම 1 නේ.........

    ReplyDelete
    Replies
    1. ටැන්කු.. :) ඔයා දෙක අක්කේ..නරියා (:පී ) ඉස්සර වෙලානෙ..

      Delete
  3. රත්ගමයා ගේ ලිවීමේ හැකියාව නම් අති සුපිරිය... පමා නොවී අනෙක් කොටස් දාන්න කීම ගැන නම් සලකා බැලිය යුතුය ( ඇයි පමා කරනව මනේ)

    ReplyDelete
    Replies
    1. යොවුන් ප්‍රේම කතාවල කුතුහලය තිබෙනා තරමට ඒවා පාඨක සිත් ඇඳ බැඳ තබා ගනී... :ඩී

      Delete
  4. ෆුහ්... මරු ලිවිල්ල බොල.. මම කියවපු හොඳම කතාවක් මේක.. මේ ලිවිල්ල හරිම හරිම අමුතුයි, ආකර්ශණීයයි.. ඇත්තමයි..

    // මේ කතාව කියවන ඔබ නිර්මාල් , තාරිකාට ලං වීම ගැන දුක් වෙන්නේ මන්දැයි නොදනිමි //

    උඹ දක්ශ විදිහට පාඨකයගෙ හිත කියවනවා.. අවංකවම උඹනම් හැබෑ දක්ශයෙක්.. අනිවා..

    ReplyDelete
  5. අඩෝ පොට්ටයා!! :D

    ReplyDelete
    Replies
    1. මේ හාවාද ඕනෑවට වැඩිය..

      Delete
  6. මේක කියවන කොට මතක් වෙන්නෙ Edgar Rice Burroughs ගෙ කතා(අර ටාර්සන් ලිව්ව කෙනා)මේකත් ටිකක් ඒ වගේ ඒත් උබට ආවේනික ලක්ශ්න තියෙනව ගොඩක්

    ReplyDelete
  7. මම ගොඩක්ම ආසා මෙන්න මේ වගේ කෑලි වලට...... ඒවා නිසා නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ හැගීමක් දැනෙනවා......

    "මම ඔබට නැවත මතක් කරමි..මෙය කාන්තා නේවාසිකාගාරයකි...අප මේ දැනුත් රැදී සිටින්නේ අනවසරයෙනි.ඉතින් අපි නාන කාමරයක් ඇතුලට කෙසේ රිංගමුද..."

    කතාව නම් මරු. පේරා පසුබිම් වෙච්ච කතාවක් නිසා තවත් ශෝක්.

    ReplyDelete
  8. " පු.ඉ.හි. " :ඪ් ඕන් අපිත් සින්හලෙන්ම දැම්ම

    ReplyDelete
    Replies
    1. :/ මොනවැයි මේ.. පු.ඉ.හි?

      Delete
  9. Replies
    1. කන්ණාඩි දැමූ පලියට ඔහුට පොට්ටයෙකු යැ‍යි කීම කෙතරම් අසාධාරණද?? :(

      Delete
  10. Replies
    1. කෙසෙල් පට්ට..නාවා පට්ට ???

      Delete
  11. හික් හා හා කොහොම හරි අඬ අඬ හරි හොටු හුර හුර හරි කතාව ලියලා ඉවර කරපන් ;)

    ReplyDelete
    Replies
    1. හෑ...මෙන්න වැඩක්.. :ඩී

      Delete
  12. නියම ලිපිය රත්ගමයෝ

    ReplyDelete
  13. ඇඩෙනවා මචං,ෆිල්ම් එකක් බලනවා වගේ...!!!

    ReplyDelete
    Replies
    1. ඩිරෙක්ටර්ලට බඩේ පාර වදීද මන්දා..

      Delete
  14. Replies
    1. මේ කතාව දැම්මත් හරි බකමූණු සංගමයේ සාමාජික සංඛ්‍යාව අති සීඝ්‍රයෙන් ඉහළ යන බව මට පෙනී යනවා

      Delete
  15. පට්ටයි ඈ....දැන් නම් ඔන්න යම් කිසි තැනකට ආවා...
    මෙච්චර වෙලා අතරමං වෙලා වගේ හිටියේ.....

    ReplyDelete
  16. lassanai aiyaa.......(oyaa newei, kathaawa)

    ReplyDelete
    Replies
    1. අපිට ඉතිං ලස්සනයි කියන්න කවුරුත් නෑනෙ..

      Delete
  17. නියමයි,හන්තානේ වගේම ලස්සන කතාවක් =)
    ඒත් මට දුකයි. ඒ තාරිකා ගැනවත්, නිර්මාල් ගැනවත් නෙමෙයි
    මලිත් ගැන...
    "අනුන්ව හිනස්සන මිනිස්සු කොච්චර ඇඬුවත් කාටවත් එයාලගේ ඇස් වල තියෙන කඳුළු පේන්නේ නෑ නේ.."
    සහතික ඇත්ත!!!
    ඒත් මේ කතාවෙදිවත් එහෙම කෙනෙකුට අන්තිමට පුංචි සතුටක් හරි ඉතුරු වෙයි කියල හිතනවා...

    ReplyDelete
  18. පොට්ට රත්ගමයෝ , :) , සිරා හොදේ , සුපුරුදු කුප්ප කුජීත බාසාවෙන්ම ලිව්ව නම් තව ටිකක් සිරා වෙන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. හහ්..හෙලා දකිනවා යකුනේ මට පොට්ටයා කීම..

      Delete
  19. :'( අනිත් කෑල්ලත් ඉක්මනට දානොකෝ

    ReplyDelete
    Replies
    1. දාන්න තව ලිව්වෙවත් නැත...

      Delete
  20. අද මම මුල ටික කියවගෙන එනකොටම දාන්න ඕනේ කමෙන්ට් එක හිතාගෙන ආවේ.. හි හි..

    මම නම් තාරිකාට වඩා හසිනිට කැමතියි... ( කො‌ෙහද මේ පොල් බූරුවා ඒකත් සිග්නල් කරලනේ මඟදිම.. හි හි)

    ආදරේ කරනවා වගේ රඟපෑම.....හ්ම්ම්..... ඒක ඇවිල්ලා කරන කෙනාටයි, පෙන්නන කෙනාටයි, වටේ පිටේ ඉන්න උන්ටයි ඔක්කොටම ආපායක්.. ඒත් සමහර විට එහෙම නොකර බැරි වෙනවා.... විශේෂයෙන්ම අනිත් කෙනා පණටත් වඩා තමන්ට ආදරේ කරන බව දැනුනම....

    කතාව නියමයි.. හින්දි ෆිල්ම් එකක් වගේ.. ( ඒක කිව්වේ විහිළුවට නෙවෙයි හොඳේ.. කම්ප්ලිමෙන්ට් එකක් විදියටම තමයි... හි හි)

    ReplyDelete
    Replies
    1. හිරු අක්කටත් යමක් කමක් තේරෙනවා වගේ.. :පී

      Delete
  21. අපටනන් මෙව්වා පුරුදු නැත...ඒත් ප්‍රශ්නයක් නැත...ටීවී එකේ ලව් කේස් බලන්නෙත් නැති බැවින් මෙය හොදය...අනිත් කොටසත් ඉක්මනට ලියන්න.ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...හැහ් හැහ්

    ReplyDelete
    Replies
    1. කොපි රයිට් මෙව්වා එකක් නැති නිසා අවුලක් නැත..හැබැයි ඕන් මං නෑ ලෝකයගෙන් කතා අහන්න උනොත් :ඩී

      Delete
  22. කතාව නම් පට්ට රත්ගමයෝ...ඒත් කියව්වට පස්සේ හිතට මාර මෙව්වා එකක් දැනෙනවා බං...කලින් ලියපු කුප්ප කුජීත කතා ටික කියෝනකොට හිනාවෙන්න පුළුවන්...
    ඒත් මේකේ..?
    :-)
    :-(

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ටික දැක්කට පස්සෙ මටත් මාර මෙව්වා එකක් දැනෙනවා ඈ..හික්ස්

      Delete
  23. ඇත්තටම මාරම රසවත් විදියට ලියල තියෙනවා. ඒ අස්සේ කුතුහලයත් හොදටම තියෙනවා....
    අනේ මන්දා.... ඒත් පොඩි දුකක් දැනෙනවා මලිත් ගැන.... ඒත් තවම අවසානයක් දන්නේ නැති නිසා වැඩිය මුකුත් කියන්න බෑ.... ඉස්සරහට මොනවා වෙයිද කියල කවුද දන්නේ......

    ReplyDelete
    Replies
    1. :) බලමු බලමු ඉස්සරහට මොනා වෙයිද කියලා

      Delete
  24. හා..මලිත් උඹ කියපන්කො..කෝ තාම නැව ආවේ නෑනේ බං....කොහොමද තාරිකාද මොකාද එන්නේ?

    ReplyDelete
    Replies
    1. එව්වා එහෙම කියන්න බෑ..:පී

      Delete
  25. මීළඟ කොටස එතරම් පමා නොවනු ඇතැයි තරයේම විශ්වාස කරමි :D

    ReplyDelete
    Replies
    1. එතරම් පමා වෙන්නෑ...වැඩිම උනොත් සතියයි :පී

      Delete
  26. හ්ම්ම්.
    හැම දුක් මතකයක්ම අමතක වෙලා රත්තට ජීවිතේ දිහා සතුටෙන්ම බලන්න ලැබෙන්න ඕනි..පට්ටම දුකයි :(

    කතාව ගැන ඉතින් මොකටද කියන්නෙ.. හැමදාම කියනව වගේ හදවතට දැනෙන්න ලියන්න පුලුවන් උං අතරින් අංක 1ට ඉන්නෙ උඹ..

    ReplyDelete
    Replies
    1. ටැන්කු ටැන්කු විෂ් එකටයි කතාවට දීපු කමෙන්ට් එකටයි දෙකටම

      Delete
  27. fatta kujithai hodee..... :) singlsh kadda dammata, tharaha nownna. Jangama durakathnayen.. Sinhala kotannat nohakiya :(.
    Storiynam ela......... Elaga kotsa balporththu wemi!

    -Obe hithwthukge shodryk-

    ReplyDelete
    Replies
    1. ඊලඟ කොටස ලබන සතිය ඇතුලත දාන්න තමයි බලාපොරොත්තුව

      Delete
  28. mama me blog walat echchra na. Onna multyplyr game 1k wath diga anrinwnam ela.... :di
    me me story kywhma loweth nthi una. Ekai comntuwk ketuwe..! Fatta aa fatta kugithai

    ReplyDelete
  29. gamayo, umba meka daapu welawema man kiyewwa. Peya 24ma mage 4n eke open karala thiyana opera mini app eke. 1 tab ekak e welawe indan me page ekata wen karala thibune. Dethun paarak reload karala comment beluwa. Kathawa iwarawenakal comment karanne ne kiyala hithagena hitiyata me tab eka wahanna hithadunne ne. Ehema kaloth umbata karana asadaranayak. Singlish walin hari mehema kotanna hithuwe ekai.
    Umba liyapanko. Awasanedi man katha karannam.

    ReplyDelete
    Replies
    1. (Y) අවසානය නම් එච්චරම ළඟ නෑ හැබැයි :)

      Delete
  30. සුපිරි ආකෘතියකට අනුව ලියපු සිත් ගත් ලියැවිල්ලක්

    ReplyDelete
    Replies
    1. සිත් ගත් කමෙන්ටුවක් :ඩී ටැන්කු..

      Delete
  31. රත්ගමයා. උඹ සමන් එදිරිමුනිගේ "සුලග නුඹ සහ මම" නවකතාව කියවලා තියෙනවද?

    ReplyDelete
  32. එදිරියාගේ ඉට්ටැයිල් එක ටිකක් තිබේ...... නැද්ද හා.........?????????

    ReplyDelete
    Replies
    1. මාත් මේ කියන්න ගියේ ඒකමයි.......

      Delete
  33. හැබැයි අතරින් පතර පාඨකයා කියලා ඇමතීමෙන් මනෝ ලෝකෙක ඉන්න එකා පියවි සිහියට එනවා. ඒකත් එක්තරා ප්‍රයෝගයක්ද කවුද දන්නේ. එක දිගටම ආතල් එකේ කියවගෙන යන්න බලාගෙන හිටියාම මේවගේ තැන් හරියට අර පාරේ වේගය සීමා කරන්න දාලා තියෙන හම්ප් වගේ. තමන් කැමති කෙල්ල තමන්ට අකමැතියි කියල අහන්න ලැබෙන එක තරම් කටුක අත්දැකීමක් පිරිමියෙකුට තියෙනවද? මේ කතාව බොහෝ පිරිමි පාඨකයින් තමන්ට ආදේශ කරන් තමයි කියවන්න ඇත්තේ. ඊළඟ කොටසත් මේක අමතක වෙන්න කලින් දාපං.

    ReplyDelete
    Replies
    1. තමන් කැමති කෙනා තමන්ට අකමැතියි කියලා අහන්න ලැබෙන එක කටුක අත්දැකීමක්..ඒකට ගැහැණු පිරිමි බේදයක් නැහැ..

      Delete
  34. රත්ගමයෝ ... ගින්දර වගේ ඈහ් ...!!!

    ReplyDelete
    Replies
    1. මලා..ගිනි නිවන හමුදාවට කතා කරමු එහෙනම්..

      Delete
  35. තනි ඇහැට ඇඩෙනවා, රත්ගමයෝ! :-) එලම කිරි ඈ!

    ReplyDelete
    Replies
    1. ඒකාධීපතියට තියෙන්නෙ එක ඇහැය? :ඩී

      Delete
  36. :/ ඔක්කමත් හරි මේක දුක්ඛාංතයක් කරොත් නම්, ආයේ බ්ලොගේ පැත්ත පලාතේ එන්නෙ නෑ..
    අර මලිත් හරි හොදයි අප්පා,...

    ReplyDelete
    Replies
    1. බලමු එහෙම නොකර ඉන්න.. :)

      Delete
  37. කතාව ලියන විදිහ නම් හරිම අපූරුයි.

    කෙල්ලෙක්ට මාසෙක ලව් එකක් ලව් එකක් නොවුනට කොල්ලෙක්ට දවසක ලව් එකත් මාර ලව් එකක් බන් . .

    අත්දැකීමෙන් කියන්නේ . .

    කතාවේ තව කොටස් තියෙනවද ඉස්සරහට?

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ ආදරේ මනින්නෙ දින ගාණටනෙ... ඔව් තව කොටස් තියෙනවා...

      Delete
  38. එළකිරි රත්ගමයො. (පොට්ටයො)

    ReplyDelete
  39. උඹ කථාව ලියාගෙන යන අමුතුම විදියට මම නම් හරිම කැමතියි...මට හිතෙනවා මගේ හොද වෙලාවට මම කැම්පස් නොගියෙ කියලා.. එහෙම උනා නම් ඔය ගොන් පාර්ට් කරන්න එන ජේෂ්ඨ උත්තමයෙක් යටියන්තොට යවලා මම ඇතුලෙ මේ වෙද්දි...

    මමත් කාලයක් ඉෂාරා කියලා කෙල්ලෙක්ට ලව් කොලා...උඹට උනා වගේ වැඩක්මයි මටත් උනේ... මට ආදරේ බව නොකියා කිව්වා...මමත් කට කපලා ඒකිට ලව් කරගෙන යද්දි තමා දන්නෙ ඒ වෙද්දිත් ඇන්ගේජ් වෙලා ඉදලා තියෙන්නෙ කියලා...ඇයි බන් ඉෂාරලා මේ තරම් අපිව රටට්ටන්නෙ...

    ReplyDelete
    Replies
    1. අම්මියෝ..සිරා සිරාවටම දරුණුයිනෙ..

      Delete
  40. කට්ටියගෙ වදෙන් ෙබිරෙන්න සහන්-මලිත් ඒක්කෙනෙක් කරාද මන්දා... දැන් හැබැයි පටලැවිල්ල හරි ගියා, ටැන්කූ ඒකට :ඩි

    ReplyDelete
    Replies
    1. :) නෑ මේ මගේ හිතේ තිබුණු හැටි..

      Delete

  41. //කුමන සරදම ඉවසුවද මතකයේ සරදම ඉවසා සිටිය නොහැකිය.අමතක කල නොහැකි කෙනෙකු හා සම්භන්ධ සෑම පුංචි දෙයක්ම එක් අවස්තාවකදී කදුලු බිංදු ලෙස ශරීරයෙන් එලියට පනිනු ඇත.එය මතකයේ ස්වභාවයයි..අමිහිරි ප්‍රේමණීය මතකයේ ස්ව්භාවයයි..// ම්ම්ම්ම්ම්ම්..... සිරාවට ඇත්තද මංදා!!

    මට අද මේක කියවද්දිනම් හිතුනා, මේකෙ මලිත් උඹම වෙන්න ඕනෙ කියලා. ඇරත් පොට්ටයා කිව්වාම ;)

    නියමයි රත්ගමයෝ.. මේක වෙනමම ශෛලියක්!! අමුතුයි!! ඊලඟ කෑල්ල තවත් රසවත් කියා අනුමාන කරමි!! බලමු

    ReplyDelete
    Replies
    1. පල පල.. කණ්නාඩි දාන හැම එකාම පොට්ට නෑ.. ;)

      Delete
  42. අඩෝ පොට්ටයා... ආය කෙල්ලංගෙ හොස්ටල් අස්සෙ හොරෙං රිංගල අහුවුනොත් හතර හන්දි කඩනව තොගේ..,


    අඩෝ ආය රිංගනවනං නානකාමරේටම පලයං ඈ. ;) :P :P

    ඒ සහන් ඔය ප්‍රශ්නය කාලය විසඳයි. උඹ නිකං කන්නාඩියට වහුංවෙලා කඳුලු හලන්නැතුව ඉදිං.... මොන මගුලක්ද ඔය හැත්තට කවද හරි තෙරෙයි.

    ReplyDelete
    Replies
    1. සික්..කැත හිත හොඳේ.. :ඩි

      Delete
    2. උඹෙ හිත හරි ලස්සන එකනෙ අනේ පලයං යන්න... ආය හොස්ටල් නානකාමරේට යද්දි මටත් කියපං ;)

      Delete
  43. ඔන්න අපිත් ගොඩවුණා..
    මුල ඉදන්ම කියවලා කොමෙන්ටුවක් දාන්නමිකෝ..
    වෙලාවක් තිබුණොත් ගොඩවෙන්න අපේ ඉසවිවටත්....

    ReplyDelete
  44. ඇඩෙනවා බං... දාහන් ඉතුරු එක ඉක්මනට..

    ReplyDelete
    Replies
    1. හෑ...මේ ජෝඩුව නම් ලඟදිම දවසක මාව පිස්සන් කොටු යවනවා..

      Delete
  45. //යුවතියක් උදෑසනම අවදිවනු ඔබ දැක තිබේද? පිලිතුර "ඔව්" නම් ඇයගේ කොණ්ඩය අවුල්වී ගොස් තිබිය යුතුය,දෑස් යට ගොස් මුව දෙපස සුදුමැලි වී තිබෙනු ඔබ දකින්නට ඇත.පිලිතුර "නැහැ" නම් ඔබ වාසනාවන්තය...ඒ දසුන එතරම්ම බියකරුය.//

    ඇත්තටම රත්තෝ ගෑනු ළමයි කීදෙනෙක් ඇදෙන් නැගිටිනවා බලල තියෙනවද?? :P

    කතාව ලස්සනය, හසිනි ගැන අමුත්තක් දැනෙන නිසාමදෝ මලිත්තා තනිවී නැති හැඩකි..
    ඉක්මනට ඉතුරු ටිකත් ලියමු.
    ජය වේවා!!


    ReplyDelete
    Replies
    1. හික් හික්..මං තාමත් වාසනාවන්තය..

      Delete
  46. වර්තමානේ අතීතේ ආයිමත් වෙන එක කියලා වෙලාවකට මටත් හිතෙනවා..

    රත්තා මරු කතාව...

    ReplyDelete
    Replies
    1. සමහර සිදුවීම් එක්ක බලනකොට එහෙම නැහැයි කියන්න බැහැ :)

      Delete
  47. ඇත්තටම හිතට දැනෙන සංවේදී කතාවක්........ හරිම ලස්සනයි...... මේක කියවනකොට ඔයාගෙ විතරක් නෙමෙයි මගේ පරණ මතකයනුත් අවදිවෙනව.... Keep it up!!!! :))

    ReplyDelete
    Replies
    1. මොන දෙයක වුවත් අමතක කල නොහැකි දෙය වන්නේ මතකයයි... :)

      Delete
  48. මටත් ඔය පේරාදෙණි වටපිටාවේ ම හැංගුණු පෙම් කතාවක් තිබිණි. ඒත් ඒ මලිත්/සහන් ගේ දැක්මෙන් නොව ඉශාරා ගේ දැක්මෙනි. සැබෑවට ම ආදරයක් නොතිබුණු තැනක (එවකට ඒ ආදරය ම දැයි වටහා ගැනීමට තරම් අත්දැකීමක් මා සතු නොවීය, නමුත් ඒ ආදරය ම යැයි මම විශ්වාස කළෙමී ) මාසයක් දෙකක් නොව බොහෝ කාලයක් මම (අප ) ගෙවා දැමූයෙමි. අවසන ඒ ආදරය නොවේ යැයි වටහා ගනිද්දී, අප අතර වූ දහසකුත් එකක් නොගැලපීම් ඉස්මතු වෙද්දී වසර 4ක් ඉකමවා ගොසින් තිබිණි. අවසන අපි තීරණයකට එළඹියෙමු. එම තීරණය අප දෙදෙනාට ම බොහේ වේදනාකාරී වූයේය. අප දෙදෙනාම අනන්ත කදුලු බිදු සැලූයෙමු. නමුත්, අප දෙදෙනා සම්පූර්ණයෙන් ම දෙමගක දෙපසකට යන්නවුන් බව ඒ වෙද්දී අප වටහා ගෙන සිටියෙමු..
    සත්යනය නම් ඒ ආදරය නොවේ යැයි මට වටහා ගැනීමට මූලික ම සාධකය වූයේ ඔය සොදුරු හන්තාන කදු පාමුල දී ම මට සැබෑ ආදරය හමු වීම ය. ඉතින් මා තවත් එක චපල පෙම්වතියක් යැයි නිගමනය නොකරන්න. සැබැවින් ම ආදරය නම් මේ යැයි මා වටහා ගත්තේ ඒ තුන්වැන්නා ගෙනි. නමුත්, මා (අප ) එළඹුණු තීරණයට හේතු වූයේ ඒ තුන් වැන්න නොවූ බව ඉදුරා ම කිව යුතුය. අප දෙදෙනාම අපගේ ආත්මීය දුරස්ථ භාවය ඒ වන විටත් හදුනා ගෙන සිටීයෙමු. ඉදින්, අප වෙන් වුණෙමු..
    අද මේ වන මම සය මස් ගැබිණියක් වෙමි. මා කුස තුල වැඩෙන මට සැබෑ ආදරයට අත්පොත් තැබූ ඒ ආදරණීය තුන්වැන්නගේ ලෙයින් සැදුණු අපේ කුළුදුල් පුතණුවන් දෝතට ගැනීමට දින ගනිමින් සිටින්නෙමි.. අපේ ලෝකය සියල්ලෙන් පිරිපුන් ය.
    ඔහු... ඔහු සියල්ල හැරදා දුරු රටක රැකියාවට ගොස් වසර දෙකක් ඉක්මවා ගොසිනි. ඔහු රට හැර ගියේ හරියට ම මගේ මංගලෝත්සවය දවසේය. ඒ යාමට පෙර, මගේ මගුල් දිනයට පෙර දින රාත්රිුයේදී අප වෙන් වූ පසු ප්රමථම වතාවට ඔහු මා ඇමතුවේය. ඔහු මට ද මා ඔහුට ද ඉත සිතින් සුබ පැතූවෙමු. අප දෙදෙනාගේ ම සිත් වල කහටක් නොවූ බව නම් මට ඉදුරා ම කිව හැකි ය. අප යලිත් අහම්බයකින් මිස සිතා මතා ම නම් කුමන හෝ අයුරකින් සබදතා පවත්වා නොගැනීමට, හැකිතාක් එකිනෙකා ගෙන් දුරස් ව විසීමට ගිවිස ගත්තේ, වෙන කිසිවක් නිසා නොව, හුදෙක් පැරණි අතීතය වළ දැමීමේ අවශ්යතාවයෙන් බව කිව යුතු ය.
    හ්ම්ම්... විටෙක මට මගේ ඒ (පෙම් ) කතාව ද අකුරු කිරීමට සිතේ.. නමුත්, වළ දැමූ දෑ නැවත ගොඩ ගන්නේ කුමට, ලොකේයේ තව සිතන්නට දකින්නට විදින්නට සුවහසක් දෑ ඇති කළෙක

    ReplyDelete
    Replies
    1. මගේ කතාව අකුරු කරන්නටැ ගියෙන් සැබැවින් ම කිවීමටැ වශ්ය වූ දෙය මග හැරිණි.. ඔබේ ලිවීමේ විලාසය ඉතා අපූරුය. සියල්ල සිදු වන්නේ කුමන හෝ හේතුවක් මත බවත්, ඒ යහපතක් ම නිසා බවත් තරයේ ම විශ්වාස කරන්න. ඔබට කිසි දිනෙක නොවරදිනු ඇත..සුබ පැතුම්

      Delete
  49. අනුකම්පාව ඉල්ලලා ලියපු එකක්ද!

    ReplyDelete
    Replies
    1. හැඟීම් යනු සිඟමන් යැද ලබා ගත යුතු දේවල් නොවන බව තරයේම විශ්වාස කරමි..

      Delete
  50. පොට්ට ජ්‍යෙෂ්ඨයා නම් උබම තමයි කියලා මටත් හිතුනා ..කථාව නම් එල .. වෙනස්ම විදියකට ලියන ඒක ගැන සතුටුයි මචං

    ReplyDelete
    Replies
    1. ඕනවට වැඩී..හ..කණ්නාඩි දැම්ම කියලා පොට්ටයා කියන එක හරිම අසාධාරණයි..

      Delete
  51. අළුත්ම ආරක කතාවක්. ලස්සනට ලියලා තියෙනවා. ඒ නිසාමද කොහෙද කතාවෙ දිග ගැන කාටවත් මතක් වෙලා නෑ. ඇත්තටම සුපිරියි.

    මේකේ හොඳම කමෙන්ට් එක සුදීකගෙ එක. බණ්ඩා කියන්න හදපු දේ කියන්න මාත් කතාව බලන ගමන්ම කොපියක් දැම්මා. දැන් ඉතින් දාන්න ඕනි නෑනේ. :P ඇනෝගේ කතාව උඹේ කතාවට පිළිතුරක්ද මන්දා.

    කියන්න ආපු දේ කියවෙන්නෙත් නෑ රත්තො.

    "වැව් ඉවුරේ දිය රල පෙර සේම බිඳෙනවා....
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා.... " (එදා කතාවම අදත්......)

    ReplyDelete
    Replies
    1. කොපියට උත්තරේ ලැබුණනෙ? :ඩී

      Delete
  52. ඇයි බන් අර කෙල්ල බ්ලේඩ් 1ක් අරන් නානකාමරයට ගියෙ?

    ReplyDelete
    Replies
    1. කතාව හරියට කියෙව්වනම් ඔය ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න තිබුනා..

      Delete
  53. යකෝ මූ ට බනින්න කියල ආවෙ කතාව මගින් නැවැත්තුවට. අනිත් කමෙන්ට් ටික දැක්කම බනින්න හිතෙන්නෑ බං. ඇත්ත කියහන් මේ උඹේ කතාවද?

    ReplyDelete
    Replies
    1. මේ මලිත්ගෙ කතාව..(මට මැවිලා පේනවා මේක දැක්කම මූණ කුණු වෙච්ච දොඩමක් වගේ වෙන හැටි :පී )

      Delete
  54. අනිත් එක තෝ අමානුශික ලෙ කුප්පයි කියන්නෙ කුප්පම කුප්පයි. බලහන් උඩින්ම දාල තියෙන පින්තූරෙ :P

    ReplyDelete
    Replies
    1. ඒ මගෙ අක්කා හරිය..එන්නෙපා අනන් මනන් වලට :ඩී

      Delete
  55. මල්ලි හ්ම්ම් මොනව කියන්නද මන් කියන තියෙන්නේ ලියන්නකියවන්නම් කියන එක්ක විතරි මල්ලි...... ආදරේ කියන්නේ අමුතු දෙයක් හ්ම්ම් හ්ම්ම් මන් කතාව අසාවෙන් කියවන්නව ඔය දන්නවනේ මන් බලන් එන්නව කියල හැමදාම...... ජීවිතේ කවියක් ආදරේ එහි සොදුරුතම වදනක් කදුලැල් පොදක් හසරැල් පොදැක් එකට එක් උ විට හදේ පෙර නොවිදි රසයක්
    මීට.....
    අනු අක්කා

    ReplyDelete
    Replies
    1. මල්ලි මේ කතාවේ මන් ආස පණ්ඩිත හසිනිට එය මන් වගේම කට කර කෙල්ලක් හ්ම්ම් හ්ම්ම් ඒ උනාට එයා කියන්නේ වන මලක් හ්ම්ම් හ්ම්ම්ම් වනමල් හදුනන්නේ නැනේ ගොඩක් පිරිමි ළමයි......හසිනිට සාදරනයක් කරන්න මල්ලි...පුළුවන් නම් .....

      Delete
    2. :) බලමු අක්කා..උපරිම උත්සාහ කරන්නම්..

      Delete
  56. මම කැමති නෑ කතාවට

    ReplyDelete
  57. opz malaya...mama kihimatawath hithuwe nea me oyage kathawa kiyala

    ReplyDelete
    Replies
    1. මලිත් = සහන් = රත්ගමයා නොවේ.. :)

      Delete
  58. meka nikan filim ekak wage eth meka harima thaathwika widihata galagana yanawa. Mona baadaka awath atha arinna epa .gagak unath lassana baadaka madin galanakota . Meelaga kotasath ikmanini balaporoththu wemi. Mekata abbehi weida manda :p

    ReplyDelete
    Replies
    1. :) ඇබ්බැහි වීම් පිලිබඳ මං වග කියනු නොලැබේ.. :ඩී

      Delete

  59. Jeewithe palamuweni wathawatai OYA liyapu kathawak kiyewwe. hariiiima lassanai..puduma lassana widiyata oya meka liyala thiyenawa.. Eka husmata kotas 3ma kiyewwata passe matath nodenima mama 4 weni kotasak thiyenawada beluwa,, A wagema Uni life eka ayemath mathak kalata oyata godak thank you..
    best part - මේ කතාව කියවන ඔබ නිර්මාල් , තාරිකාට ලං වීම ගැන දුක් වෙන්නේ මන්දැයි නොදනිමි..
    Puduma dakshayek oya nam.. :)

    wish you all the best Rathgamaya...!! (I'm looking forward to read the next chapter! :) this story is just perfect..!! Thank you again,, )

    ReplyDelete
    Replies
    1. :) හතරවන කොටස තවම ලියනවා.. ස්තූතියි අගය කිරීමට...

      Delete
  60. කෝ අයියෝ හතර.. බලන් ඉදලා ඇති වෙනවනේ :(

    ReplyDelete
  61. Replies
    1. කඳුළු ආවට ඒවයෙ වටිනාකමක් නැති කෙනෙක්ට ඒ කඳුළු පෙන්නන්නෙපා....

      Delete
  62. අපූරුවට ලියල තියෙනවා. හරිම ලස්සනයි....
    (අදමයි මං මේ පැත්තේ ආවේ. විවේකයෙන් ඉන්නෙ මේ දවස් වල නිසාර්‍ජ
    ආය හැමදාම එන්නම්..... :)

    හන්තාන.... අපේ සොඳුරු අඩවිය...

    ReplyDelete
  63. අඩේ එදා මේ කතා පෙල ගැන බොලත් එක්ක කතා කරන්න බැරිවුනානේ... :(

    ReplyDelete
    Replies
    1. එදා ඉතිං රත්ගම අපි කැලේනෙ.. ;) අයියණ්ඩී හිනා වෙනකොට ලස්සන එක්කෙනෙක් පස්සෙනෙ....

      Delete
  64. පට්ට පට පට...ඔහොම යන්...

    ReplyDelete
  65. paw appa...sirawatama dukai ..... ela kathawa honde...

    ReplyDelete
  66. පොට්ටයා පට්ටයි...ඔහොම යන්..

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)