Tuesday, 15 January 2013

එයා තාම චූටි කෙල්ලෙක්( දෙවන කොටස ) - "උඹේ කන්ණාඩි දෙක දාගත්තාම ඇඳුම් විනිවිද පේනවද?"


               කතාවක් ලියාගෙන යාමට සෑම සිද්ධියක්ම මතකයේ තිබිය යුතුය.කුමක්දෝ අහේතුවකට කතාවේ සමහර තැන් වල ඇත්තේ හිස් බවකි.එය මාගේ මතකයෙන් මකා දැමුවාක් වැනිය.වරෙක මාගේ කතාවත්, මා මේ ලියාගෙන යන කතාවත් පැටලැවෙයි.පලපුරුදු ලේඛකයෙකු නොවීම ගැන මම මටම දොස් පවරාගනිමි..
පම්පෝරි ඕනෑ නැත...අපි කතාවට යමු..

ගැහැණු ළමුන්ගේ නේවාසිකාගාරයක් වන රාමනාදන් ශාලාවේ පොදු කාමරය තුල ඇති බංකුවක ගැහැණු ළමෝ දෙදෙනෙක් බර කතාවකය.එක් මුහුණක් නම් හොදට හුරු පුරුදුය..ඇය තාරිකා වූවාය..අනෙක් යුවතිය කවුරුන්දැයි මමද නොදනිමි.සමහර විට තාරිකාගේ යෙහෙලියක විය හැක.ඇයගේ නම ගම කුමක්දැයි නොදැන සිටියද ඇයද පියකරු යුවතියක් වූවාය..පුදුමයෙන් නොබලන්න...ගැහැණු ලමුන් දෙදෙනෙකුට මිතුරු වීමට ගතවන්නේ විනාඩි 10 කටත් අඩු කාලයකි..ඕපා දූප දොඩවන්නට ගතවන්නේ නම් තත්පරම කිහිපයකි.
එන්න...අපි හොරාට ඔවුන්ගේ කතාවට සවන් දෙමු..
ගැහැණු ළමුන්ගේ නේවාසිකාගාරයක් තුල අවේලාවේ සිටිමින් ඔවුන්ගේ කතා වලට සවන් දෙනු කවුරුන් හෝ දුටුවොත් ප්‍රශ්න ඇතිවන්නේ අපිටමය.

"ඉතින්...ඌ අත ඇරියෙම නැද්ද?"

අනෙක් යුවතිය තාරිකාගේ දෑස දෙස බලමින්ම ඇසුවාය.

තාරිකා රතුවී තිබේ.පිජාමා ඇඳුමේ රෝස පැහැය නිසා ඇයගේ මුහු‍ණේ රතු පැහැය අඳුරේ සිට බලන්නෙකුට වුවද දැකගත හැකිය.

 "පිස්සුද..එයා කොහේ අත අරින්නද...එයාත් වඩා තදින් මම අත අල්ලගෙන..මම අඬපු නිසාද දන්නෑ නිර්මාලුත් බයවෙලා ඉඳියේ..ඒ අස්සේ අර පොට්ට සින්නා තව මොනවද කියනවා...ඌ නම් යකෙක් වගේ හසිනි..හෙට යද්දි කොහොම හරි නියපොතු වල පාට ටික මකාගෙන යන්න වෙනවා..නැතිනම්...."

එතැනින් එහා වචන ටික ඇය ගිල ගත්තාය.ඉන් පසු වන දේ ගැන සිතීමටත් ඇය බිය වූවාය.
  එම දෙබසින් මම එකක් දැන ගත්තෙමි..ඇයගේ යෙහෙලියගේ නම හසිනිය.සෑම ප්‍රේම කතාවක මෙන්ම මේ කතාවේද කතා නායිකාවගේ යෙහෙලිය තනිකඩ විය යුතුය..කතා නායිකාවන් අපිට මොකටද...ඇයගේ යෙහෙලිය ගැන අපි ටිකක් සොයා බලමු...


"ඔය පොට්ටයා අද උදේ මාවත් අල්ල ගත්තා...ඇඳගෙන ආපු ඇඳුම කොට වැඩියිලු...කොට වැඩි නම් අහක බලන් ඉන්නනේ තියෙන්නේ...ඇයි වදේ..අපි කොටට ඇන්දම ඌට මොකක්ද තියෙන අමාරුව.."

 "අමාරුව?"
 තාරිකා උස් හඬින් යටි තොල උඩි තොලෙන් සපා ගනිමින් ඇසුවාය.
 තත්පරයක නිහැඬියාවකට පසු මුලු නාදන් ශාලාවම තරුණ ගැහැණු ළමෝ දෙදෙනෙකුගේ සිනහා හඬින් පිරී ගියේය.
එම දෙබස් සවනට වැටෙනවාත් සමගම තාරිකාගේ යෙහෙලිය ගැන මාගේ හිතේ තිබූ අංගු මාත්‍රයක ඇල්ම මම අකුලා ගන්නෙමි..හිතවත් පාඨකය...ඔබට ඇබෑර්තු ඇත.
ඔවුන්ගේ නොහොඹිනා විහිළු වලට ඔවුන්ටම සිනා සීමට ඉඩ දී අපි පිරිමි ළමුන්ගේ නේවාසිකාගාරයක් වන අක්බාර් ශාලාව වෙත යමු.

නවක සිසුන්ගේ ආගමනය නිසා නේවාසිකාගාර ආපනශාලාවේ ආහාර පෝලිම වෙනදාට වඩා දිගෙන් වැඩිය.

පෝලිමේ පිටුපසින්ම නිර්මාල් සිටියේය.

 "නෑ බං නිපුන්,ඒකි ගම්පහලු බං.නම තාරිකා"

ඉදිරිපස සිටි මිතුරාට ඇසෙන්නට ඔහු කීවේය.අප යන්තම් ප්‍රමාද වූ නිසා මුල් දෙබස් අපට මග හැරී තිබේ...

"ගම්පහ උනාට ඒකි නිකන් කොළඹ වගේනේ බං.දැක්කේ නැද්ද පොශ් ගතිය."

"ගම්පහ කියන්නෙත් කොළඹනේ බං"

"ඔව් ඉතිං ගාල්ලේ උන්දලට ගම්පහ කියන්නෙත් කොළඹ වගේ තමා"

"පල පල යන්න"

 මිතුරෝ දෙදෙන සිනාසුනෝය..

කෑම පෝලිම අවසන් වන තුරු ඉලංදාරි වදන් ඔවුන්ගේ මුවෙන් ගිලිහෙමින් තිබුනි.

විශ්ව විද්‍යාලයේ හැම පිරිමි නේවාසිකාගාරයකම නවක සිසුවෝ , සිසුවියන් ගැන කතා කරමින් සිටියෝය.. යුවතියන්ගේ නේවාසිකාගාර තුල එහි අනෙක් පැත්ත සිදුවෙමින් තිබුනි.නේවාසිකාගාර ගොඩනැගිලි බිත්ති වලට කටවල් තිබුනා නම් , මෙය විශ්ව විද්‍යාලය ආරම්භ කල දින සිටම සිදුවන්නක් බව කෑ ගසා කියනු ඇත.

 මේ අතර කොහේදෝ බෝඩිමක උපැස් යුවලක් පැලඳගත් තැනැත්තෙක් පොතක් කියවමින් සිටියේය...
සමාවෙන්න..ඔහු පොතේ ලියමින් සිටියේය...

 "යුගයේ අප්සට්ම රචකයා ලියන මොන්ගල්ම නවකතාව තාම ඉවර නැද්ද බං.. "
කාමරයට ඇතුලු වෙමින් සිටි මිතුරා ඔහුගෙන් විමසුවේය.

තවම නෑ යැයි කියන්නට මෙන් හිස වරක් දෙපසට වැනූ ඔහු නැවත ලිවීම ආරම්භ කලේය.

"උඹ ඕක ගිය අවුරුද්දේ අපි කැම්පස් ආපු දවසේ ඉඳලා ලියනවා..අපි මෙහෙන් යන දවස වෙනකල්ම ලියාවි.ඕක ලියනවට වඩා හොඳ නැද්ද හැමදාම ලෙක්චර්ස් ගිහිල්ලා නිදිමතේ හරි අහගෙන ඉඳිය නම්"

මද සිනහවකින් යුතුව තම මිතුරා දෙස බැලූ ඔහු කතා කරන්නට පටන් ගත්තේය.

"හරි නිසල්...දැන් බලපන්...ලෙක්චර්ස් ගියා කියලා උඹගෙයි මගෙයි වෙනසක් තියෙනවද? උඹත් සබ්ජක්ට්ස් දෙකක් රිපීට් මමත් සබ්ජක්ට්ස් දෙකක් රිපීට්"

"ඒ මට කඩ්ඩ බැරි නිසා ඩෝ.උඹට කඩ්ඩත් පුලුවන් වෙලා මෙහෙම කරගන්න එක ගැන මට දුකයි මලිත්.."

"ඔය අඳෝනාව නවත්ත ගනින්කෝ..මට කතාව ලියන්න තියෙනවා...."

ලියමින් සිටි පොත දෙසට හිස පහත් කරගත් ඔහු තවත් වචන කිහිපයක් ලියුවේය..පෑනෙන් දෙවරක් මේසයට තට්ටු කර හිස අතින් පිරි මැද්දේය.

"නිසල්"

"ම්ම්ම්..."

"උඹට ඒ කෙල්ලගේ විශේෂත්වයක් පෙනුනේ නැද්ද?"

"කෙල්ල? මොන එකීද?"

"අර තාරිකා"

"පෙනුනා පෙනුනා....අනිත් ජුන්නියෝ එක්ක තිබ්බම ඒකිගේ හෙනම විශේෂත්වයක් පෙනුනා"

"මම සිරාවටම අහන්නේ බං"

"අපිට නොපෙනුන මොකක්ද උඹට ඒකිගේ පෙනුනේ..යකෝ..උඹේ කන්ණාඩි දෙක දාගත්තාම ඇදුම් විනිවිද පේනවද?" 

නිසල් සිනහසුනේය...ඇඳ රෙද්ද සදමින් තව තවත් සිනහසුනේය.

එය එක් විහිළුවක් පමණි.උපැස් යුවල දමා සිටියාට ඇදුම් විනිවිද පෙනෙන්නේ නැත.එය මම අත්දැකීමෙන්ම දනිමි. 

"තාරිකා සජිනි වගේ බං.ඒකි දකින දකින වෙලාවට මට පේන්නේ සජිනි"

"සජිනි? උඹ ලියන අප්සට් නව කතාවේ දුෂ්ඨ පෙම්වතීද? ඔහොම හිටපන් බලන්න.." 

මේසය මුල්ලේ තිබූ මලිත්ගේ මුදල් පසුම්බිය වෙත අත දිගුකර එය අතට ගත් නිසල් පසුම්බිය විවෘත කර බැලුවේය.

හනික මා සමග එන්න...අපි ඔහුට පිටු පසින් ගොස් එය තුල තිබෙන්නේ මොනවා දැ‍යි බලමු..
දහයේ විස්සේ කොල කිහිපයක් අස්සෙන් කාගේදෝ රුවක් සහිත ඡායාරූපයක් ඒ තුල තිබුනි.එය එක් අතකින් ඉවතට ගත් නිසල් මදක් ඒ දෙස බලා සිටියේය.පසුව ඔහු එය හිරු එලියට අල්ලා බැලුවේය.වතුර ජෝගුව අතින් ගෙන ඡායාරූපය එහි ඔබන්නට ගියේය..

"මට නම් මේ කෙල්ල තාරිකා වගේ පේන්නේ නෑනේ..වතුරේ දාලා පෙනුනෙත් නැති නම් උඹගේ කන්ණාඩි වල අවුලක් මචෝ.හෙටම ගිහින් ආයේ ඇස් පෙන්න ගනින්.." 
හෙතම සිනා සෙමින්ම පැවසීය.

"නෑ නිසල්...තාරිකා ටිකක් හරි සජිනි වගේ.. ඒකි හැසිරෙන්නෙත් ටිකක් ඒ විදිහටමයි..මොනදේටත් බයේ ඉන්නේ කොයි වෙලෙත්.."

"බය?..ඕකුන්ගේ බය යාවි රැග් එක ඉවර උන ගමන්ම.බලපන්කෝ ඕකුන් අපේ කරෙත් නගින්න එයි ඊට පස්සේ.."
ඇඳ රෙද්ද තවත් වරක් ගසා දමා නිසල් ඇඳට ගොඩ විය.

"ඔය මගුල ලියලා ඉවර වෙලා ලයිට් එක නිවපන්..මහ රෑ තිස්සේ ලයිට් දාලා තියනවා දැක්කොත් බෝඩිමේ ගෑනි තව රුපියල් 500 කින් විතර ගාන වැඩි කරාවි." 
"ලිව්වා ඇති...මටත් නිදිමතයි.."

විදුලි බුබුල නිවා දැමූ මලිත් ඇඳට පැන්නේය..
මුළු කාමරයම අඳුර විසින් ගිල ගත්තේය...

---------------------------------------------------------------------------------
මතකය--
       හෙට උදේවත් ගෙදර යන්න ඕන..එහෙම හිතලා ඇදුම් ටික pack කරන්න ගත්තා විතරයි phone එක ring වෙන්න ගත්තා..මේ මහ රෑ call කරන්න මුන්ට පිස්සුද මන්දා..රෙදි bag එක පැත්තකින් තියපු මම phone එක ලගට ගියේ කුනුහර්ප දෙකක් විතර කියාගෙනම..ඒත් phone එකේ display එකේ කෝල් කරන කෙනාගේ නම දැක්කට පස්සේ කියපු කුනුහර්ප ටිකත් ඔක්කොම ගිලගන්න හිතුනා..

 "හෙලෝ ඉශාරා..මාස හතරකට විතර පස්සේ මාව එක පාරටම මතක් උනේ මොකද?"

"ඇයි අයියේ මෙහෙම කරන්නේ"

 මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට එයාගෙන් තවත් ප්‍රශ්නයක්..
"ඇයි..මම මොකක්ද ඔයාට කරේ."

"ඇයි අපේ කතාව ඔයා blog එකේ ලියන්නේ.."

"අපේ කතාව?"
 මම ඇහුවේ හිනාවෙලා..

"ඔයාමනේ නංගි කිව්වේ අපිට කතාවක් නෑ කියලා.."

"ඇයි දෙයියනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ.."

"මම ලියන්නේ ඔයාවත් මමවත් ඉන්න කතාවක් නෙමේ..මේක සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය මිනිස්සු ඉන්න කතාවක්..අනික ඔයාමනේ කිව්වේ ආයේ කවදාවත් මම ලියන ඒවා කියවන්නේ නෑ කියලා..ඉතින් ඇයි කියවන්නේ?"

"මම කියෙව්වේ නෑ...මට හසිනි කිව්වා..."

"ආ...නියමයි.....හසිනි...මම මේ ලියන කතාවේ කෙල්ලගේ යාලුවට දාන්න නමක් හිත හිත ඉඳියේ...හසිනිට කියන්න මේ මොහොතෙම මගේ මතකෙට ආවට ස්තුතියි කියලා...අද ඉදලා මම ලියන කතාවේ තාරිකාගේ යාලුවගේ නම හසිනි.."

"වෙනදා වගේ විහිළු කරලා මේ ප්‍රශ්නෙන් පැනලා යන්න එපා සහන් අයියේ..මට මගේ පාඩුවේ ඉන්න දෙන්න...ප්ලීස්.."

"ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න..මම මගේ පාඩුවේ ලියන්නම්..කතාව ලියන්න පටන් ගන්නකොටම කිව්වා ඉශාරා,මේක මගේ කතාව නෙමෙයි කියලා..අනික ඔයාගේ නම මම කොහේවත් ලියලා නෑ..මම ලියන්නේ මලිත් , නිර්මාල් ,  තාරිකා ඉන්න කතාවක් මිසක් , සහන් , තාරක , ඉශාරා ඉන්න කතාවක් නෙමේ...තාරක මල්ලිටත් ඒක මතක ඇතුව කියන්න...බ්ලොග් එක කියවන්නේ නැතුව ඔය දෙන්න සතුටින් ඉන්න..මම තව මාස දෙකයි කැම්පස් එකේ ඉන්නේ..ඊට පස්සේ මගේ අවුරුදු හතර ඉවරයි..යන්න කලින් මට කතාව ලියලා සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕන.."

කෙල්ල හිරවෙලාද කොහේද...වචන එන්නෙත් නෑ වගේ...

"දැන් හිතෙනව නම් මට කෝල් කරේ අපරාදේ කියලා ආයේ කෝල් කරන්න එපා..ඔයා මගේ ගැන මොනවා හිතුවත් මම කතාව ලියනවා..ඔයා මාව අතරමං කලා වගේ මගේ බ්ලොග් එක කියවන අයව අතරමං කරන්න මට බෑ...සතියක් තිස්සේ හිතාගෙන ඉඳියා කතාවේ දෙවනි කොටසක් ලියන්නේ නෑ කියලා..ඒත් අද ලියනවා...අද නෙමේ මේ දැන්ම ලියනවා දෙවනි කොටස...ඔයා කියවන්න ඕන නෑ...කියවන්න ඕන තරම් කට්ටිය ඉන්නවා..."

 Phone එක cut කරාද නැති නම් පොලවේ ගැහුවද කියලා හිතා ගන්න බෑ..කොහොම හරි call එක ඉවර වෙලා තිබුනා...

Pack කර කර ඉඳපු bag එක පැත්තකට තියලා වතුර බෝතලයක් අරන් මූණ පොඩ්ඩක් හෝද ගත්තා..මූණට වැටුන වතුර පාරත් එක්කම ඇස් වල තිබුන කඳුලුත් හේදිලාම ගියා..වැලේ වනලා තිබුන කාගෙදෝ towel එකකින් මූණ පිහදාගෙන කන්ණාඩි දෙක දාගත්තා..දැන් ඉතින් කොච්චර ඇඬුවත් කාටවත්ම පේන්නේ නෑ..

අනික අනුන්ව හිනස්සන මිනිස්සු කොච්චර ඇඬුවත් කාටවත් එයාලගේ ඇස් වල තියෙන කඳුළු පේන්නේ නෑ නේ..ඒ කඳුළුත් විහිළුවට අරගෙන පුලුවන් තරම් හිනා වේවි.
හිනාවෙද්දෙන්...හිනා වෙන්න නේ ලියන්නේ...
මම ආයෙත් හෙමිහිට bag එක pack කරන්න පටන් ගත්තා.

134 comments:

  1. තොට ලජ්ජා නැද්ද යකෝ මහ රෑ නාදන් එකට ගිහිල්ල පිජාම එක පිටින් ඉන්න කෙල්ලන්ව හොරෙන් බලන්න... ඉදපන් සබිට කියන්න... :D

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතිං මගෙ සුවීට් හාට් නෙ..එහෙම කරන්නෑ කියලා මං දන්නෝනෙ..

      Delete
  2. නියමයි මල්ලියා.ලස්සනට ලියල තියෙනවා.මලිත් ගේ ඇත්තම නම දැම්ම නම් හරි නේද?:P

    ReplyDelete
    Replies
    1. :පී ටැන්කුයි අක්කේ.

      Delete
  3. එල එල අරූගේ wall එකටත් දාපන්

    ReplyDelete
  4. ඇඩෝ අයියේ...උඩ කතාවට වඩා යට තියෙන බූට් කතාව සිරා වගේ නෙ???

    ReplyDelete
  5. හැම ලස්සන කෙල්ලවම ගාල්ලෙ ගොබිලයෙක්ට සෙට් කරන්න හදන රත්ගමයව හෙලා දකිනවා ඈ...
    ඇයි යකෝ ගම්පහ කෙල්ලො අයිති ගම්පහ කොල්ලංටනේ..

    ReplyDelete
    Replies
    1. අළුත් නීතියක්ය?

      Delete
    2. බලෙන් සෙට් කරන්ඩ දෙයක් නෑ අප්පා...ලස්සන කෙල්ලෝ ඔක්කොම මානප ගාල්ලේ කොල්ලොන්ට තමා

      Delete
    3. හික්ස්...මං නෙමෙයි ඕං කිව්වෙ...:පී

      Delete
    4. ඒකත් එහෙමයි එහෙනම්..... :-)

      Delete
  6. දුක හිතෙනෝ නේ
    ඊළඟ කල්ලත් ඉක්මනට දනොකෝ :(

    ReplyDelete
    Replies
    1. බලමුකෝ..ලියන්න හිතෙන්නත් ඕනිනෙ.. :)

      Delete
  7. ඇයි බන් මේ කතාව කියෙව්වාම මටත් දුක හිතෙන්නේ ? මේ කතාව මගේ කතාව වගේ නිසාද මන්දා......

    ReplyDelete
    Replies
    1. :) තව කී දෙනෙක්ගේ කතා මේක ඇතුලෙ තියෙයිද දන්නෑ

      Delete
  8. ආහ්....මේකට වැටෙන Ano කමෙන්ට්ස් වලින් පෙනී යන්නේ මෙය තවත් එක් සැබෑ කථාවක් විය හැකි බවයි...එසේ නැති නම් මෙය රත්ගමයා ගේ තවත් එක් ප්‍රෝඩාවක් විය හැක....
    //එය එක් විහිළුවක් පමණි.උපැස් යුවල දමා සිටියාට ඇදුම් විනිවිද පෙනෙන්නේ නැත.එය මම අත්දැකීමෙන්ම දනිමි.//
    පෙනුණා නම් රත්ගමයාගේ බ්ලොගය බැලීමට නොහැකි වීමට ඉඩ තිබුණි...

    ReplyDelete
    Replies
    1. හයියෝ..ඇත්ත කතාවක් නෙමේ...

      Delete
  9. ආ දැන් නම් යන්නේ මුගේ කතාවමද කොහේද.. නම් එහෙම කියවද්දී මටත් නිකං හුරුපුරුදු නමක් තිබුණා.. :D :D

    එල ඈ රත්ගමයෝ.. මම හෙන කාලෙකින් ආසාවෙන් මේ බ්ලොග් එකක් කියවන්නේ ආයිත්..

    ReplyDelete
    Replies
    1. පිස්සුය? සුවර් එකට කෙල්ලෙක්ගෙ නමක් වෙන්ටෝන

      Delete
    2. ඔව් ඔව්.. අර දුෂ්ඨ පෙම්වතීගේ නම..

      Delete
    3. මං කිව්වෙ නැද්ද? :පී

      Delete
  10. Super Like ................ අනෙකුත් කොටස් පමාවෙන් තොරව ලියන්න....

    ReplyDelete
  11. අඩොව් ගම්පහ කෙල්ලන්ට අත නොතබනු

    ReplyDelete
    Replies
    1. යකෝ..ගම්පහ කෙල්ලන්ට තියෙන තැන :ඩී

      Delete
  12. උඩ තියෙන එකද කතාව.. යට තියෙන එකද කතාව.. උඩ කතාව ලියවෙන්නේ යටින් කියවෙන සිද්දියක් නිසාද??
    කොහොම උනත් ලස්සනට ලියනවා...

    ReplyDelete
    Replies
    1. උඩ තියෙන්නෙ කතාව..යට තියෙන්නෙ ඒ කතාව ලියන කෙනාගෙ කතාව

      Delete
  13. මේක මගදි නතර කලොත් එහෙම රත්ගමය කියල බලන්නෑ ඈවිල්ල හොම්බට 2ක් අයිනව

    ReplyDelete
    Replies
    1. ඒක නම් කරන්න වෙන්නෑ..මට බොට වගේ හොම්බක් නැති කොට.. :ඩී

      Delete
    2. හොම්බ විතරක් නෙවෙයි දතුත් නෑනෙ :පි පේන්නෑද්ද ප්‍රොෆය්ල් පික්චර් එක

      Delete
    3. එකක් තියෙනෝ :පී

      Delete
  14. අපි කැම්පස් එකේ දිග පෝලිමක නොහිටියත් පාසලේ කැන්ටීන් එකේ ඔය විදියට කෙනෙක් ගැන කතා කරල තියෙනව.. ඒ වගේම හොස්ටල් එකෙත්.. මට හිතාගන්න බෑ මේ චරිත ම මට ආදේශ වෙද්දී, මේ කොටසත් නියමයි. :)

    ReplyDelete
    Replies
    1. කොතැනටත් පොදු මාතෘකාවක් :ඩී

      Delete
  15. මේක කැම්පස් බූට් කතාවක්ද..
    කොල්ලන්ට පණ දාගෙන උදේ ඉඳන් හවස් වෙනකම් වල් කතා කියන්න හොදයි.. කෙල්ලෙක් හොරෙන් හරි කිව්වොත් ඒකි වල්.. අනේ මන්දා..

    නිසල්.. ඉස්සර මං ආසම නමක්.. හැබැයි ඒ නම තිබ්බ මං දන්න එකෙක්ට හිටියේ පොතක තිබ්බ චරිතයක් විතරයි... දැං නං එහා ගෙදර පොඩි එකා ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න..මම නම් වලත්ත කතා කියන වලත්තයෙක් නොවෙමි :පී

      Delete
    2. මොකද අපි නොදන්නේ?

      Delete
    3. අන්න ඒකනෙ හිරු අක්කේ..මෙන්න මෙයත් දන්නවලු ඒක..

      Delete
  16. //උඹේ කන්ණාඩි දෙක දාගත්තාම ඇදුම් විනිවිද පේනවද?" //
    අඩේ....මෙහෙම වෙනවද ඈ?? මේ අද ඒකනම් එදා එකේ ස්ටයිල් එකට වඩා වෙනස් කරපු එකට මං නම් කැමති නෑ ඔන්න!

    ReplyDelete
    Replies
    1. :ඩී දැවෙන ප්‍රශ්නයක් නේහ්..

      Delete
  17. හොදම යාළුවා නිසාද මන්දා නැත්තන් කතාවක කොනක් දන්න නිසාද මන්දා... මගේ හිත කියන්නෙ මේ එක තමයි හැබැයි කොහෙන්ද නැවතුන කොණකින් පටන් අරන් කියලා. හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. මොකද බකමූණියෙ හ්ම්ම්..?

      Delete
  18. අර උඩ ෆොටෝ කෑල්ලෙ ඉන්න ගෑනු ළමයා වගේ අය කැම්පස් එකේ ඉන්නවනං අනිවා කන්නෙ බොන්නෙ නැතුව හරි පාඩම් කරලා කැම්පස් එනවා... :)

    ReplyDelete
    Replies
    1. පොත්තෙ ලස්සන හිතෙත් නැත්තන් පලක් නැත..මොක උනත් පාඩම් කරන එක නම් හොදය..මට කරන්න බැරිම දේත් ඒකය..

      Delete
  19. hmm hmmm (Y) mecharai kiyan thiyenne by anu akka :)

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ටැන්කුයි අනූ අක්කෙ

      Delete
  20. "යුගයේ අප්සට්ම රචකයා ලියන මොන්ගල්ම නවකතාව තාම ඉවර නැද්ද බං.. "

    ReplyDelete
    Replies
    1. ඉවරයි නම් දෙවෙනි කොටස කියලා දානවැයි..

      Delete
  21. තාරි ---> තාරිකා වුනාද ? :) , මතකය කියල ලියල තිබ්බ ටික ටිකක් වයර් වගේ නේ රත්ගමයෝ , රත්ගමය ෆයිනල් ද ? 1st year ද ?
    /*
    මං අදුරන මොරටු IT අයිය කෙනෙක් කිව්ව කතාවක් , උන්ට රැග් එක දෙනකොට උන් ගෙන් ඇහුවලු කොළඹ එව්න් අත උස්සපන් කියල මුන් එක්ක හිටපු එකෙක් ඇත ඉස්සුවලු ඊට පස්සේ සින්නෙක් ඇහුවලු උඹ කොළඹ කොහෙද කියල මූ කිව්වලු ගම්පහ කියල [ඇත්තම සීන් එක කොළඹ උන් වත් අත උස්සල නෑ, ඒත් ගම්පහ එකා, LOL ] , */

    ReplyDelete
    Replies
    1. ඊළගට කැම්පස් පටන් ගන්න දවසක ඉදලා සෙකන්ඩ් ඉයර්.. :ඩි

      Delete
  22. niyamai...habayi mata kathawe 2nd part eka therune na...

    ReplyDelete
    Replies
    1. :ඩි මගෙ වෙලාවට..නැත්තන් කට්ටියම අහන සුපුරුදු ප්‍රශ්නෙ තමයි කමෙන්ට් එක වෙන්නෙ

      Delete
  23. කතා නම් මෙන්න කතා! 10/10 රත්ගමයා අයියේ! මරුම මාරු ඈ...

    ReplyDelete
    Replies
    1. ටැන්කු ටැන්කු :ඩි

      Delete
  24. O.o නම් ගම් මනංකල්පිත් වේ,මෙය සත්‍ය කතාවක් ඇසුරින්දැයි සිතේ
    කෝම වුනත් ලස්සනයි,ඉතුරු ටිකත් ඉක්කනට දැම්මා නම්..
    //අනික අනුන්ව හිනස්සන මිනිස්සු කොච්චර ඇඬුවත් කාටවත් එයාලගේ ඇස් වල තියෙන කඳුළු පේන්නේ නෑ නේ// එකග වෙමි..

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික අත්දැකීම් තියෙන්නත් බැරි නෑ

      Delete
  25. Replies
    1. හලෝ හනි බනි මොකද හුම්?

      Delete
  26. කතාව නම් නියමයි ලව් ස්ටොරි නම් කියල වැඩක් නෑ ....

    ReplyDelete
    Replies
    1. :ඩී ඒක හැබැයි හැබැයි හැබැයි

      Delete
  27. කතාවට අළුතින් එකතු වෙන චරිතත් මට ගොඩක් හුරුපුරුදුයි මං මුලින් කීවා වගේම. අඳුනන කෙනෙකුගේ කතාවක් ලියවෙනවා වගේ දැනෙනවා රත්ගමයෝ . ;) :)

    මොනා වුනත් කතාව නම් නියමයි, මේ ලියන ශෛලියට හරිම කැමතියි මං. කොටස් ටිකක් ඉක්මනින් දානවානම් තව මනාපයි. :)

    ජය වේවා...!!

    ReplyDelete
    Replies
    1. :) පුළුවන් ඉක්මණටෝ..

      Delete

  28. අනික අනුන්ව හිනස්සන මිනිස්සු කොච්චර ඇඬුවත් කාටවත් එයාලගේ ඇස් වල තියෙන කඳුළු පේන්නේ නෑ නේ..ඒ කඳුළුත් විහිළුවට අරගෙන පුලුවන් තරම් හිනා වේවි.. (Y)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. එක්ස්පීරියන්ස් වගේ..

      Delete
  29. ගම්5යි කොලබයි එක වෙන්නෙ කොහොමද මි හරකො... පජාත කතාකියන්ටෙපා!

    ඒක නෙවෙයි වැලේද වනන්නේ.. :P

    ReplyDelete
    Replies
    1. හරි හරි එකක් නෙමෙයි දෙකක්

      Delete
  30. ටවල් එක විතරක් නෙවෙයි ඉතිරි ටිකත් කියපන් .. කාගෙද කලිසමක් ඇඳ ගත්ත, කමිසය නම් එහා රූම් එකේ එකාගෙ , යට ඇඳුම් නම් මගේ වෙන්න ඕන කියල :P කොහොම වුනත් ලස්සන කතාව බන් අපි ගැනත් ඔහොම කෙල්ලෝ කියන්න ඇති නේ.....

    ReplyDelete
    Replies
    1. තාම කියනවා ඇති..අපි ඉතිං ප්‍රසිද්ධ චරිතනේ.. :පී කලිසම ඉතිං වෙන කාගෙද මගෙ ලව් එක පොඩි මල්ලිගෙ මිසක්..

      Delete
  31. මේක මාර කතාවක්නෙ.. මරු ලිවීමේ ශෛලිය.. මේක අවාසනාවට උඹේ කතාවමද මංදා කියලා මට හිතෙනවද මංදා...

    // අනුන්ව හිනස්සන මිනිස්සු කොච්චර ඇඬුවත් කාටවත් එයාලගේ ඇස් වල තියෙන කඳුළු පේන්නේ නෑ නේ..ඒ කඳුළුත් විහිළුවට අරගෙන පුලුවන් තරම් හිනා වේවි.. //

    ඇත්තටම උඹ ගැන දුක හිතුනා බන් මේටික කියවපුවම..

    ReplyDelete
    Replies
    1. එහෙමවත් හිතුනු එක ගැන සතුටුය :)

      Delete
  32. //අප යන්තම් ප්‍රමාද වූ නිසා මුල් දෙබස් අපට මග හැරී තිබේ...//

    මේ ලියන විදිහට මම ආසයි

    ReplyDelete
  33. oya saman edirimunida? Idunil sinduda? Nathnam dennama oyada?

    ReplyDelete
    Replies
    1. මම ඔරිජිනල් රත්ගමයා වෙමි

      Delete
  34. ෆස්ට් ඉයර් එකේ අයියලා, මේ දවස්වල ඇතුලට එන නන්ගිලාව පිළිගන්න හැටි. කණ්නාඩි දාපු එකා නවල් ලියන හැටි. මේ උඹේ කතාවද රත්ගමයෝ?

    අපස්සේ කතාවනම් ලස්සනයි. ඒත් එකේ ඉන්නේ උඹ නෙවෙයිනේ. මොකද උඹ තාම ෆස්ට් එකේනේ.

    කරකෝලා අතෑරියා වගේ බං.

    ReplyDelete
    Replies
    1. නෑ කිව්වට එකෙක්වත් පිළිගන්නෑනෙ..

      Delete
  35. මමනම් මේ බ්ලොග් එකට අලුත්.. මම මේ බ්ලොග් එක අහම්බෙන් වගේ තමයි දැක්කේ මුනුපොතේදි.. ඒ ඇවිල්ල කියවන්න අසා හිතෙන නිසා ඒ වෙලාවෙම බූක්මර්ක් කරගත්තා.. මම වැඩිය කියවන්න අසා නැ.. හැබයි මේ බ්ලොග් එකනම් මුල ඉඳල සේරම කියවනකම් ඉවසිල්ලක් නැ... කියවන්න අසා හිතෙන විදියට ලියලා තියනවා.. අපේ ජීවිත වලටත් හුඟක් සමීප බවක් දැනෙනවා...
    මම රත්ගමයට සුබ පතනවා.. නවත්තන්න එපා.. දිගටම ලියන්න... මගෙන් සුබ පැතුම්..
    කියවල comment එකක් නොදා යන්න හිතෙන්නේ නැ... ඒ නිසා ඔන්න ඉතින් කිවා... :)

    ReplyDelete
  36. පොට්ට සින්නෙක් කිව්වහම ගාල්ලේ කොල්ලෙක්ව මතක් උනා. හෙහ්හෙ :)
    කවද්ද එතකොට බකට් දෙන්නේ ? අන්න එදාට පොට්ට සින්නා ගොඩ යයි නෙහ්. රැගේදි අහන්න බෑ නේ :)

    ReplyDelete
    Replies
    1. :පී කවුරු දන්නවද?

      Delete
    2. මධුරංග අයියා......මටත් මතක් වුණේ එකම එක පොට්ටයෙක් විතරයි හික්ස්,....

      Delete
  37. රත්ගම එවුවංට ගාල්ලත් කොළඹ වගේනෙ. :D

    නියමෙට ලියල තියෙනව රත්‍තො.

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්නෝකො එහෙම නෙවෙයිද කියලා තව ටික කාලෙකින්

      Delete
  38. උබ හරිම ක්‍රියේටිව් මචං.. කථාව සුපිරි, සාමාන්යෙන් මම කොටස් වශයෙන් යන කතා කියවන්න වැඩිය කැමති නැති උනත් මේ කතාව ආසාවෙන් කියවනවා. දිගටම මේ කතාව ලියපන් .
    ___ජය___

    ReplyDelete
    Replies
    1. ටැන්කු ටැන්කු :ඩී

      Delete
  39. මෙකේ උඩ කොටසෙ ඉන්නෙ කාන්තා නේවාසිකාගාර වලට රිංගන හොර තක්කඩියෙක් වුනාට යට හරියේ මතකයන් අස්සෙ ඉන්නවා මොකෙද්ද මංද පිරිමියෙක් ඈ.... ආන්න ඒ පිරිමියාට මගේ ගෞරවය පිරිනමන්ටෝන.... 

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගෞරවය පල කරන්න කීයක් හරි දෙනෝකො..මේ දවස්වල සතේ අතේ නෑ

      Delete
  40. හම්මූ හොඳ වෙලාවට මං ගම්පහ නෙමේ....^_^

    එකම කතාවෙ කතා දෙකක් නෙහ්....බලමු බලමු...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් බලමු බලමු..

      Delete
  41. //අනික අනුන්ව හිනස්සන මිනිස්සු කොච්චර ඇඬුවත් කාටවත් එයාලගේ ඇස් වල තියෙන කඳුළු පේන්නේ නෑ නේ..ඒ කඳුළුත් විහිළුවට අරගෙන පුලුවන් තරම් හිනා වේවි..// ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...

    මේක ඇත්ත කතාවක්නෙ(කතා collection එකක්) බං.. නිකන් බොරු එපා. :p කොහොම වුනත් මට මේ කතාව කොහොම ඉවරයක් වෙයිද කියලා හිතනන් බැරි තරම් දුරයි වගෙ.. ඊළඟ එකත් ලියමුකෝ>.

    ReplyDelete
    Replies
    1. නොකිව්වට කාටත් හුරු පුරුදු අත්දැකීමක්..
      සියළු ගැටළු නිවාරණය සඳහා ඊලඟ කොටස එන තෙක් ඉවසා වදාරන්න... :පී

      Delete
  42. මචන්, මේක ලියන එක නවත්තන්න නම් එපා හරිය...
    කතාව ඔක්කොම කියවල කොමෙන්ට් එකක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ නවත්තන්නෙ නෑ දැන්නම්.. :)

      Delete
  43. අයියේ....මම මේ බ්ලොග් එක කියවන්න ආවේ අහම්බෙන්..ඇත්තටම මම බොලද ප්‍රේම කතා වලට කැමති නෑ..ඒත් මේක මොකක්ද බොලද බවකුත් එක්ක කියවලා අත අරින්න බැරි හැගීමක් එනවා..ඊලග කොටස එනකල් බලන් ඉන්න බැරි හැගීමක් එනවා..උඹ පොතක් ලියපන් කෝ...හැකියාව තියාගෙන මේ වගේ අස්සකට වෙලා ඉන්නෙපා බං/.. සිරා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. අස්සෙ නෙමෙයි අප්පා..මං ඉන්නෙ පාර අයිනෙමයි..

      Delete
  44. අර අන්තිම ඇනෝට +1. මම කියන්නෙත් ඒකමයි. බොළඳ කතා කියවන්න ආස නැති උනත් මේක කියවන්න හිතෙනවා. මොකද මන්දා. කලින් එකත් කියෙව්වනේ... රස දන්නෝ නෙව අපි. ලියාපිය දවස් දෙහෙකට එකක්වත්.

    ReplyDelete
    Replies
    1. සතියකට වගේ එකක් ලිව්වොත් අවුල්ද?

      Delete
  45. ගම්පහ කොළඹ නේන්නං බං දැං...

    ReplyDelete
    Replies
    1. ඔව් නේ...බැසිල් මාමි හදනවලු නේ ඒ පැත්ත දැන්

      Delete
  46. මේ හොට නෑති මෑකෝ ගිරවා කොතරම් නෑ කිවුවත් මෙය මුගේම කතාව බව රට්ටුන්ගේ මතයය්....කතාව ලෙසටම පට්ටවන අතර ඊලග කෑල්ල තවත් රසවත්බව හෑගේ....ඈනි වේ,රත්ගමය්යේ බොට බූට් එක තියල රත්ගම හන්දියෙන්නන් එන්න එපා කීපන්....කපනව ඩෝ(එළවලු පලතුරු වගේ එව්ව :P).....

    ReplyDelete
    Replies
    1. :පී මං හයි වේ එකෙන් යන්න කියන්නම්

      Delete
  47. මේකේ අන්තිමේටම රත්ගමයගෙ කතාව වෙයිද දන්නේ නෑ :ඵP

    ReplyDelete
    Replies
    1. :) එහෙම වෙයිද හැබෑටම?

      Delete
  48. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  49. යකෝ එකම පෝස්ට් එක රී පබ්ලිෂ් කරන්න එපා බං....

    ReplyDelete
    Replies
    1. අළුතෙන් එව්වා මෙව්වා ටිකක් ඇතුල් කළා..අළුත් එක හෙට දිහාට දාන්න ඉන්නෙ..

      Delete
  50. ela aiyaaa..mn meka fb ekedi ahamben dakke...man da dawasema oyge story read krpu eka kare.oyge writing style eka pattaaaaa pata pataa..........e unath meka oyge kathawada jst a story ekakda kyla hthagnda baaa...yatin tiyne tika oyge life eka kyla hituwata ehama na wage.oya tama 2nda year ne...eka terum berum krla dnnkoo aiyee.....sry sinhala usu nokalata....mama 4n eka use karanne.....gd luck

    ReplyDelete
    Replies
    1. හැම ප්‍රශ්නෙකටම උත්තර ඉස්සරහට ලියවෙන කොටස් වලින්... :)

      Delete
  51. ඉතින් ඉතුරු ටිකත් ඉක්මනට දාපන්කෝ

    ReplyDelete
    Replies
    1. ලියලා ඉවරයි..ඉක්මණට දාන්නම්..:)

      Delete
  52. කොටස් දෙකම අයි කියෙව්වේ ..අමුතු ගතියක් තියෙනව වගේ .

    ReplyDelete
    Replies
    1. අනික් කොටස හෙට හවසට......

      Delete
  53. සිරා සීන් එකක්ද ? කෙල්ල ගම්පහ නම් වරෙන් අපි දෙන්නම් හැල්ප් එකක්... කථාව ලස්සනයි...අන්තිම ටික දුකයි...

    ReplyDelete
    Replies
    1. :පී සිරාවටමද සිරා කිව්වෙ...?

      Delete
  54. "යුගයේ අප්සට්ම රචකයා ලියන මොන්ගල්ම නවකතාව තාම ඉවර නැද්ද බං.. "

    ReplyDelete
    Replies
    1. උන්දැගෙන් අහලා කියන්නම්..:)

      Delete
  55. ඒ ඇත්ත කතාවක් ද හලෝ ..මාර අප්සට් එකනේ ... :(

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්තටම මේක ඇත්ත කතාවක්ද මන්දා...හික්ස්..

      Delete
  56. කතාව නම් ලස්සනට ලියලා තියෙනවා. හැබැයි ඇත්ත කතාවක්ද මන්දා....
    කෝක වුනත් ඉක්මනින්ම ඉතුරු කොටස දාන්න.......

    ReplyDelete
    Replies
    1. හෙට හවසට නොවැරදීම..:)

      Delete
  57. Galle kollek ne..ela..nuwara ewun mata kiyanne "dekkoth galle; gahana gahana eka galle" kiyala..supiriyatama liyala male..ela ee..

    ReplyDelete
  58. අනික අනුන්ව හිනස්සන මිනිස්සු කොච්චර ඇඬුවත් කාටවත් එයාලගේ ඇස් වල තියෙන කඳුළු පේන්නේ නෑ නේ..ඒ කඳුළුත් විහිළුවට අරගෙන පුලුවන් තරම් හිනා වේවි. සුපිරි

    ReplyDelete
  59. සිරාවටම ලියල තියෙනවා බන් පට්ටයි යේ කියල වැඩක් නෑ.. හිමින් ඉතුරු ටිකත් කියවන්න හිතාගෙන ඉන්නේ

    ReplyDelete
  60. පට්ට පට පට අහ්හ්හ්....
    රත්ගමයට ජය. :පී

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)