Sunday, 24 February 2013

එයා තාම චූටි කෙල්ලෙක්(අවසාන කොටස) - "එතකොට හසිනි කෝ? "




මම ඔබව කතාවේ මාස තුනක් ඉදිරියට ගෙන ගමි.ඒ මාස තුන තුල සිදු වූ දේ අනන්තය.අප්‍රමානය,නමුත් ඒ මතකය අවදි කර නැවත නැවත රිද්දා ගැනීමට මට නොහැකිය.මෙපමන කල් මතකය නැමති බලාපොරොත්තුවක් නිසා කතාව ලියාගෙන ගියෙමි.නමුත් දැන් ඒ බලාපොරොත්තුවත් නැත.
විශ්ව විද්‍යාල භූමිය පුරාවටම ඇති රොබරෝසියා මල් ගස් වල එකදු මලක් දක්නට නොමැත.සතියක් පිපී ඊලග සතියේ පරවී බිමට වැටෙන රොබරෝසියා මල් , මාස තුනකට පසුවද පිපී තිබේ යැයි බලාපොරොත්තුවීම අණුවන කමකි.

 නමුත් Milk bar එක අසල ඇති රොබරෝසියා මල් ගස ඒ අතින් වෙනස් කමක් උසුලයි.එකම එක රොබරෝසියා මලක් ගසෙහි ඉහලම අත්තේ පිපී තිබුනි.අප මෙහි පැමිණියේ එම පිපී තිබූ රොබරෝසියා මල ගැන සමීක්ෂනයක් කරන්නට නොවන බව මම අවධාරනය කරමි.
එන්න...අපි Milk Bar එක දෙසට ඇවිද යමු.

අප කතා නායකයා අයිස් ක්‍රීම් එකකුත් අතින් ගෙන කිරිහල අයිනට වන්නට තිබෙන බංකුවක වාඩිවී සිටියේය.නිසල් ඔහුට අනෙක් පසට වන්නට තිබෙන බංකුවේ වාඩි වී සිටියේය.දෙදෙනාම බලා සිටින්නේ මා පෙර කියූ රොබරෝසියා මල දෙසය.ඔවුන් කතාව අරඹනා ආකාරයක් පෙනෙන්නට නැත.

පාඨකය, මෙතැන රැදී සිටීමෙන් අපිට ඇති ප්‍රයොජනයක් නොමැත.අපි ගැහැණු ලමුන්ගේ නේවාසිකාගාරය වෙතට යමුද?

එම සිතුවිල්ල සිතින් පහව යද්දීම මලිත් කතාව ඇරඹුවේය.

"මම හෙට තාරිකාට කියනවා බන්"

 "හෙට නෙමේ මලිත් දවස.හෙට කලබල වැඩියි.තව ටික දවසක් ඉවසපන්" 

"හෙට තමයි දවස" 
මලිත් තීරණාත්මක හඩින් පැවසීය.

"සෙනග මහ ගොඩක් අස්සේ ඒකිට ආදරෙයි කියලා ඒකිගෙන් කැමැත්ත ගන්න පුලුවන් වේවි කියලා උඹ හිතනවද? තව ටික දවසක් යන්න ඇරපන්.ඒකි කොහොමටවත් උඹට කැමති වෙන්නේ නෑ."

"ඇයි අකමැති වෙන්නේ.අපි පොඩි උන් නෙමේ නෑ.අවුරුදු 22ක් කියන්නේ මොකක් හරි තීරණයක් තනියම හිතලා ගන්න පුලුවන් වයසක් නිසල්"

"එහෙම තීරණයක් හිතලා ගන්න පුලුවන් වයසක් නම් උඹ ඔය ප්‍රශ්නේ මට උස්සන් එන්නේ නෑ නේ.ජීවිතේ මොන වයසකදිවත් තීරණයක් තනියම හිතලා ගන්න මිනිස්සු බයයි බන්.අනික ඒකි තාම චූටි කෙල්ලෙක්.උඹ ගැන ඒකිට තියෙන ප්‍රතිරූපේ අන්තිම සවුත්තුයි.අන්තිම කියන්නේ අන්තිමම සවුත්තුයි.එහෙම තියෙද්දී ඒකි උඹට කැමති වේවිද?"

"කැමති වෙන්න හරි නොවෙන්න හරි මම හෙට තාරිකාගෙන් අහනවා"
දෙබස් අවසාන කරමින් මලිත් තීරණාත්මක හඩින් පැවසීය. 

හෙට දවස කුමක්ද? හෙට දවසේ විශේෂත්වය කුමක්ද.ඔබට මෙන්ම මටද එය මහත් වූ ප්‍රේහේලිකාවකි.නිසල් කියූ ආකාරයට නම් හෙට සෙනග ගොඩක් ගැවසෙන දිනයකි.
එන්න..මෙය දැන ගැනීමට ඇත්තේ එකම ක්‍රමයකි.අපි පීඨාධීපතිතුමාගේ කාමරයට හොරෙන් පනිමු.රාමනාදන් ශාලාවට මහ රෑ ඇතුලු වූ අපිට මෙයත් වැඩක්ද..

කවුරුත් නොමැති වෙලාවක් එනතෙක් සිට අපි කාමරයට ඇතුලු වෙමු.ඔබලා කාමරයේ අනික් තැන් සෝදිසි කරනා අතරවාරයේ මේසේය මත තිබී , හෙට දවසේ විශේෂත්වය මම සොයා ගත්තෙමි.එය ආරාධනා පත්‍රයකි.නවකයන් පිලි ගැනීමේ දිනයට කෙරෙනා ආරාධනා පත්‍රයකි.

                                             එය ආරාධනා පත්‍රයකි.නවකයන් පිලි ගැනීමේ දිනයට කෙරෙනා ආරාධනා පත්‍රයකි.


දිනය හරියටම හෙට දවසය.එසේ නම් හෙටින් පසුව සියලු සිදුවීම් අහවර වනු ඇත.

හිරු අවරට යමින් තිබේ.වෙනදා පුරුද්දට රාමනාදන් ශාලාව වෙත අඩිය එසවීමට ගියත් එම එසවූ අඩිය නැවත පසු පසට ගන්නට මටම සිදුවේ.මතකයත් මට ඔච්චම් කරනා හැටියකි. රාමනාදන් ශාලාවේ අපිට අයිති කිසිවෙකුත් නැත.සමාවන්න...මට අයිති කිසිවෙකුත් එහි නොමැත.ඉතින් අවේලාවේ එහි යෑමට මට දැන් හේතුවක් නොමැත.

පසුදා පලමු හිරු කිරණ විශ්වවිද්‍යාල භූමියට පතිත වද්දීත් බොහෝ දෙනා අවදි වී සිටියෝය.පිරිමි ලමුන්ගේ නේවාසිකාගාර වල ඇදුම් මැදීම සිදුවන්නේ තරගයට මෙනි.විටෙක එකෙක් කන්නාඩිය වෙත පැමින හැඩ බලයි.තවත් එකෙක් ඔහුව පසෙකට ඇද දමා කොණ්ඩය පීරයි.ගැහැනු ලමුන්ගේ නේවාසිකාගාර වල තත්වය කෙසේ ඇද්දැයි ඔබටම සිතා ගත හැකිය.ගැහැනු ලමුන්ගේ නේවාසිකාගාර අස්සේ ගොස් කාගෙ කාගේත් හිත් රිද්දවාගැනීමට මට අවශ්‍ය නැත.
නවක සිසුන්ට අමතරව ජ්‍යේෂ්ඨ සිසුන්ද තම තමන්ගේ ඇදුම් පැලදුම් කෙරේ විශේෂ සැලකිල්ලක් දක්වයි.අප කතා නායකයාද එසේමය.

හැද සිටි කමීසයට සුවද විලවුන් තවරමින් ඔහු කණ්නාඩිය දෙසට පිය මැන්නේය.

"අප්පට සිරි..ඇලුත් කලිසමකුයි ශර්ට් එකකුයි..උඹ අලුතින්ම ගත්තද ? " 

මලිත්ගේ ගමන නවතමින් නිසල් ඇසීය.

"නෑ බන්..මේ මල්ලිගේ ඇදුම්..මම ගෙදර ගිහින් එද්දී අරන් ආවා." ඔහු සිනාසෙමින්ම පැවසීය.

"හා හා...හොදයි හොදයි...මලමාලයා වගේ පලයන්.එතකොට තාරිකා එක පාරින්ම කැමති වේවි."

පිලිතුරු ලෙස සිනහවකින් පමනක් සංග්‍රහ කල මලිත් කන්නාඩිය ඉදිරිපිටට ගොස් කොන්ඩය පීරීම ආරම්භ කලේය.

 මේ අතර ජ්‍යේෂ්ඨ සිසුන්ගේ විධානය පරිදි නවක සිසුවෙකුගේ අතින් එල්ලී ගත් නවක සිසුවියෝ එකිනෙකා පසුපස එකිනෙකා සේ පේලි සෑදී නවතා තිබූ බස් රථවලට ගොඩවීම ආරම්භ කර තිබුනි.

                                                  නවක සිසුවෙකුගේ අතින් එල්ලී ගත් නවක සිසුවියෝ

ඔබ සිතුවා මෙන්ම තාරිකා නිර්මාල්ගේ අතේ එල්ලී සිටියාය.ජෝඩුවට එකිනෙකා නැතුවම බැරුවාක් මෙනි.සියලුම සිසුන් බස් රථ වලට ගොඩවීමෙන් පසු හෝටල් පරිශ්‍ය බලා ගමන් ආරම්භ කෙරුනි.

එතකොට හසිනි කෝ? 

ඔබ පුදුම වී මාගෙන් අසනු ඇත.ඇය කොහේ කෝ ඇති.එපමනකින් පමනක් මම පිලිතුරු දෙමි.සමහර චරිතයන් කතාවෙන් පමනක්ම නොව මාගේ ජීවිතයෙන්ද ඈත් වෙමින් තිබේ.කතාව ආරම්භයේදී තාරිකා කතා නායිකාව වූවාය.ඉන්පසුව හසිනි කතානායිකාව වූවාය.දැන් මේ කතාවට කතා නායිකාවක් නොමැත.වර්ථමානයේදී කතාවක් ලියද්දී මුහුණ දීමට සිදුවන අහියෝගය එයයි.

බස් රථ හෝටල් පරිශ්‍ය වෙත ලගා වීම්මෙන් පසුව සියලුම සිසුන් හෝටලය වෙත ඇතුලු වූවෝය.විදුලු ආලෝක රේඛා සැනෙකින් මතුවී සැනෙකින් නිවී යයි.

                                               විදුලු ආලෝක රේඛා සැනෙකින් මතුවී සැනෙකින් නිවී යයි.



සංගීත නාදය සිත් ආදරයෙන් පුරවාලයි.

මෙ සියලු සිදුවීම අතර උපැස් යුවලක් පැලදූ දෑසක් කාවදෝ සොයයි.නමුත් ඔහු සොයනා චරිතය හෝටල් ශාලාවේ සිටියේ නැත.ඇය කොහේ යන්නට ඇතිද...

                                     මෙ සියලු සිදුවීම අතර උපැස් යුවලක් පැලදූ දෑසක් කාවදෝ සොයයි

එන්න,අපි හෝටලයෙන් පිටත ආලින්දය දෙසට ඇවිද යමු.යුවතිය සිටියාය.පිටත ආලින්දයේ මුල්ලකට වී සිටියාය.ඇය ඉදිරියේ තවත් කෙනෙක් සිටියේය.ඔව්..නිසල්...ඇය ඉදිරියේ නිසල් මොන මොනවාදෝ කියමින් යුවතියට තර්ජනය කරමින් සිටියේය.

"හොදට අහගනින් නංගි.උඹට මතකයි නේ පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල්..ඒ විදිහට ආයේ කැම්පස් එක ඇතුලේ ඉන්න ඕනද?"

නැත කියන්නට මෙන් තාරිකා හිස සැකුවේය.

"සම්ප්‍රධායක් විදිහට මෙහෙම Welcome එකක් දෙද්දී සීනියර් බැජ් එකේ අයියලා එයාලා කැමති කෙල්ලෙක් තෝරගෙන එයාට ආදරෙයි කියනවා.උඹටත් කවුරු හරි කැමතියි කිව්වොත් එයාට කැමතියි කියපන් . එහෙම කිව්වේ නැති උනොත් උඹගේ ලොකු ලයින් කියලා ආයේ රැග් කරාවි.තේරුනාද?"

යුවතියට කිසිවක් තේරුනේ නැත.ඇය තේරුන ලෙසට සිටින්නට උත්සහා කරේත් නැත.විහිලුවට ආදරෙයි කියනා ලෝකයක් ගැන මේ ඇසුවාමය.

"ඒත් අයියේ, මම එහෙම කාටවත් කැමති නෑ නේ" ඇය සිහින් හඩින් පැවසුවාය.

"කැමති නැති බව ඇත්ත ඕයි.ඒත් කැමති කියලා කියපන්.ඒක මේ මොහොතට විතරයි.ඒක හැමදාම වෙන දෙයක්."

ඔහු කියනා දෙය පිලි ගනු හැරෙන්නට ඇයට විකල්පයක් නොවීය.මොහොතක් වත් පමා නොවී ඇය හෝටලය තුලට ඇතුලු වූවාය.

 ඇය පැමිනෙන තෙක් බලා සිටි පුද්ගලයා වහ වහා ඇය දෙසට ඇවිද ගියේය.ඉන් පසු ඔහු ඇය ඉදිරියේ සිට ගත්තේය.

"තරිකා..මම ඔයාට කැමතියි." 
ඔහු එය එක හුස්මට කියා දැමුවේය.යුවතියේගේ දෑස දෙස බලමින්ම ඔහු එය කියා දැමුවේය.

තාරිකා මොහොතක් නිහඩව සිටියාය..

"මමත් අයියට කැමතියි."

මෙය තවත් එක කතාවකි.ලෝකයේ සිදුවන දහසකුත් කතා අතරින් එකම එක කතාවකි.වෙනසකට ඇත්තේ එය මාගේ කතාව වීම පමනි.මෙතැන් සිට සිදු වූ සියල්ල මටත් වඩා හොදට ඔබ දනී.ඔව්...මටත් වඩා හොදටම ඔබ දනී.

 ----------------------------------------------------------------------------------------------
මතකය--

කැම්පස් එකක් කියන්නේ වෙනම ලෝකයක්.මේ ලෝකේ ඇතුලේ එක එකා ජීවත් වෙනවා. රුපියල් විසි පහක බත් එකට බෙදලා තිබුන එලවලු ව්‍යාංජන තුන දිහා බලාගෙනම මම හිතුවා.පරිප්පුයි ගෝව මැල්ලුමයි බීටුයි, හැමදාම එකම කෑම තුන.ඉදලා හිටලා දවසක සෝයා මිටි.මේවා කකා ඉගෙන ගන්නවට වඩා හොදයි කාන්තාරෙක කූඩාරමක් ගහගෙන වැලි බිස්නස් එකක් කරන් ජීවත් වෙන එක.කෑම පිගාන පේලියට තියලා තිබුන බංකු උඩ පස්ස පැත්ත ස්ථාන ගත කරලා වාඩි උනා වීතරයි අලුතෙන් ගත්තු Iphone එක නාද වෙන්න ගත්තා..

නෙද්දකින්..වෙලාවට මට මගේ ගැනම දුකයි..පාවිච්චි කරන්නේ iphone , android Mobile, ඒ උනාට කන්නේ රුපියල් තිහේ බත් එක.

"යූ අර් මයි පම්කින් පම්කින් හෙලෝ හනී බනී"

එක දිගට නාද වෙන ෆෝන් කට්ටේ සද්දේ නිසා මුලු කැන්ටිම පුරාම ඉන්න එව්වොන්ගේ අවධානේ මා වෙත ලගා වුනා.අම්මපා නිදහසේ කෑම එකක් වත් කන්න නෑ..

අඩේ...කෑම වගේද කෝල් එක කිව්වලු..හසිනිගෙන් කෝල් එකක්..මගේ හිතේ රස නහර පිනා ගියා.

"හෙලෝ..කියන්න නංගි.." 
 හෙනම පැණි ස්වරයකින් මම එයාව ඇමතුවා.

"මට අයියව Meet වෙන්න ඕන"

"කවද්ද? කොහේදිද? මොකටද?"
 මමත් ඉතින් බියංකාර වෙලාම ඇහුවා.සමර විට මේ කතාව එලකිරියෙන් ඉවර කරන්න පුලුවන් වේවි.මේ දවස එනකල් මම කොච්චර කල් බලාගෙන ඉදියද.

"අද, මේ දැන්..හම්බුනාම කියන්නම් මොකටද කියලා."

"හරි හරි..කොහේටද එන්න ඕන..? " 
කෑම එක කනවට වඩා මට සිහිය තිබුනේ හසිනිව හම්බෙන එක ගැන.

"Milk Bar එක ගාවට,ඉක්මන්ට එන්න අයියේ"
 ඒ අන්තිම වචන ටික කියපු විදිහට මට පියාඹලා යන්න හිතුනා..ඒත් පියාඹන්න බෑ නේ මට.අනික මේ සරමකුත් ඇදගෙන..හොදට හිටී...

කෑම එකත් පැත්තකට දාලා දඩ බඩ ගාලා කාමරේට දුවලා ගියා.තිබුන හොදම ඩෙනිම් කලිසම ( මල්ලිගෙන් උස්සපු කලිසම  ) ඇදගෙන ඒකටම හරියන ටී ශර්ට් කෑල්ලක් දාගත්තා.කොන්ඩෙත් ඩිංගක් වතුර ටිකක් ගාලා හදා ගත්තා.මමත් දැන් හෙනම බොලද වේගෙන එනවා වගේ.. ආදරේ කරද්දී හැමෝම එහෙමයිලු..

අල්විස් පොකුණත් පහු කරලා පාර දිගේ මම හෙමීට ඇවිදගෙන ගියා.


                                                                   අල්විස් පොකුණත් පහු කරලා පාර දිගේ මම හෙමීට ඇවිදගෙන ගියා.
 ඇවිදගෙන යන්න මට දැන් අරමුණක් තියෙනවා.වෙනදට නොතිබුන විශ්වාසයක් මට මගේ ගැන තිබුනා.බලන් ඉදපු කෙනෙක්ට ඒක පේන්නේ නැතුව ඇති.මොකද මම කණ්නාඩි දෙකත් දාගෙනමයි ඉදියේ.

Milk bar එක අයිනේ තියෙන පුංචි බංකුවක එයා වාඩි වෙලා ඉදියා.ඇගටම තදවෙන්න ඇදගෙන හිටපු ඩෙනිමයි ඊටම හරියන සුදුපාට කමීසයයි එයාගේ ලස්සන තවත් වැඩි කරනවා.කොන්ඩේටත් මොකක්ද අලුත් දෙයක් කරල.
වෙනදට හසිනිගේ ලස්සන කියාගෙන යද්දී කොහොම හරි මොකක් හරි කියලා මග ඇරපු මම අද ඒ ලස්සන කිසිම ගානක් නැතුව කියාගෙන යනවා.මේ කතාවේ දවස් හැගීම් ඔක්ම එක මොහොතකින් වෙනස් වෙනවා

"සහන් අයියා" 
එහෙම කියාගෙනම හසිනි නැගිට්ටා.දුවලා ගිහිල්ලා එයාව තුරුල් කරගන්න තියෙනව නම්.හෝව්...ඉක්මන් නොවී හිටපන් හිත.ඒකට උඹට කවද හරි කාලයක් ඒවි.

"නංගි, ඇයි හදිස්සියේම"

"ප්‍රශ්නයක් අයියේ.ලොකු එකක්" 
කියාගෙන්න බැරි දේවල් හිතේ තියෙද්දී මොන කෙල්ලත් හැසිරෙන්න ඔහොමයි.

"ප්‍රශ්නේ විසදගන්න කලින් මම මොනව හරි අරන් එන්නම්" 
එහෙම කියාගෙනම milk bar එකේ කවුන්ටර් එක ලගට ගිහිල්ලා රුපියල් 30 අයිස්ක්‍රීම් දෙකක් ගත්තා.දවල්ට කන්න සල්ලිත් නෑ.ඒත් කන්නේ අයිස්ක්‍රීම්.

 "ඉතින් කියන්න, මොකක්ද ප්‍රශ්නේ"

"අයියා ලියන කතාව ගැන ප්‍රශ්නයක්"

මලා..එතකොට තමා මතක් උනේ සති දෙකකින් විතර කතාව ලියලා නෑ කියලා.මොනා කරන්නද..කතා ලියන්නයි ඉගෙන ගන්නයි දෙකක් කරන්න බෑ නේ.

"මේ ඉරිදා තව කොටසක් දාන්න ඉන්නේ නංගි" 
මම තව කොටසක් කියලා එයාට කිව්වේ මේ කතාව හය වෙනි කොටසින් ඉවර කරන්න හිතාගෙන නෙමේ.මේ කතාවේ තව කොටස් තියෙනවා.තව ගොඩාක් කොටස් තියෙනවා.ඒත් මොකක් හරි කරුමෙකට මතකය කියලා කොටසක් ලියන්න අරගෙන හැමදේම මම පටලවා ගත්තා.වර්ථමානෙත් එක්ක කතාව ලියාගෙන යද්දී වෙනසක් වේවි කියලා හිතුවා.ඔව්..ඒක වෙනසක් උනා..ඒත් ඒකම ප්‍රශ්නයකුත් වෙනවා.

"ඊලග කොටස නෙමේ අයියේ.ඒ කතාවේ අයියා මගේ ගැන ලියව විදිහට මම කැමති නෑ"

"මොකක්ද.? පණ්ඩිත කෙල්ල කියලා කියපු එකද? ඉතින් මම දැන් එහෙම ලියන්නේ නෑ නේ"

"නෑ නෑ...අයියට මගේ ගැන interest එකක් තියෙනවා කියලා හිතෙන විදිහට ලියන එක"

"ඉතින් එහෙම එකක් තියෙනවනේ" 
මට එකපාරටම එහෙම කියන්නත් හිතුනා.ඒත් කෙල්ලගේ හිතේ තව මොනවදෝ තියෙනව වගේ.

"ඔයා ලියන කතාව නිසා මට හැමොමලා විහිලු කරනවා අයියේ,එයාලා හිතන්නේ ඔයයි මමයි අතරේ afire එකක් තියෙනවා කියලා"

ඒ විහිලුව ඇත්තක් වෙනව නම්...

"මට නම් ඒකේ ප්‍රශ්නයක් නෑ..ඒත් සඳුන්"

"සඳුන්?" 

මම පුදුම වෙලා ඇහුවා..සත්තයි මම පුදුම උනා.

"ඔව් අයියේ..සඳුන්..එයා තමා කිව්වේ අයියත් එක්ක මේක කතා කරන්න කියලා.දැන් එයා මෙතනට එයි."

අයිස්ක්‍රීම් එකත් දියවෙලා බිමට වැටෙන්න යනවා වගේ.හැම කතාවකම කතානායිකාවගේ යාලුවට කොල්ලෙක් නෑ කියන කතාව බොරුවක්..ඒක පට්ටපල් බොරුවක්..එහෙම වෙන්නේ සුජීව ප්‍රසන්න ආරච්චිලා ලියන නවකතාවල විතරයි කියලා මට අමතකම වෙලා ගියා.දෙයියනේ..මම ලියන්නේ සැබෑලෝකයේ කතාවක්.මේක මට වෙච්ච කතාව.ඉතින් මම එහෙම හිතුවේ කොහොමද.මේක මම කලින් දැනගෙන ඉදිය නම්..මතකයට බම්බුහැහිලා ගිය දෙන්..

හිතුවිලි අස්සේ හිරවෙලා ඉන්දැද්දි හසිනිගේ මූණේ හිනාවක්..මම එයා හිනා වුනේ ඇයි කියලා පිටිපස්ස හැරිලා බැලුවා.ඔව්..ඒ සඳුන්...
සඳුන් අපින් දෙන්නා අතරට ආවා..ඒ දෙන්නා මගේ ඉස්සරහම අතින් අල්ලගත්තා. 

"මේ ඉන්නේ සඳුන් අයියේ.එයා මෙඩිකල් ෆැකල්ටි එකේ."

හසිනි හිනා වෙනවා..මමත් බොරුවට හරි හිනා වෙනවා,කණ්නාඩි දෙක දාගෙන නිසා මම අඩනවා කියලා කාටවත් පේන්නේ නෑ.
 මම මේ ලියාගෙන යන විදිහ බොලදයි කියලා ඔයාලා කියාවි.ඔව්...මේක හෙනම බොලදයි..ඒත් එතන ඉදියේ මම..ඒකේ වේදනාව දන්නේ මම..ඉතින් මට බොලද වෙන්න ඉඩ දෙන්න..ගොඩාක් බොලද වෙන්න ඉඩ දෙන්න..

එයාලා දෙන්නා මොන මොනවද කිව්වා..මමත් ඔහේ අහගෙන ඉදියා.අයිස්ක්‍රීම් එකත් දියවෙලා අත දිගේ පහලට වැටෙනවා.මම මෝඩයෙක් වගේ හිනා වෙවී බලාගෙන ඉන්නවා..

විනාඩි පහලවකට විතර පස්සේ මම ආයේ එන්න හැරුනා. ගජසිංහ පාලම ගාවට වෙනකල් අරමුණක් නැතුව ඇවිල්ලා නිකමට හැරිලා බැලුවා..මම අරන්දීපු අයිස්ක්‍රීම් එක දෙන්නත් එක්කම තුරුල් වෙලා රසකර කර කනවා..අමාරුවෙන් හරි හිනාවෙලා මගේ ෆෝන් එක අරගෙන හසිනිට යවපු අන්තිම මැසේජ් එක මම යැව්වා...
"I'm very Sorry.Just Ignore Everything." 


හිනැහෙමින් ඔය දෑත පටලවන් මුමුණන්න
බිම වැටුනු රොබරෝසි මල් මත්තේ ඇවිදින්න
කාටවත් නොපෙනෙන්න ඔය දෙතොල සිප ගන්න
සිහින මැව්වා මදිද ඔයා මට හිමි වෙන්න

වල පැත්තේ දවාලෙත් පෙම්වතුන් ඇවිදිනවා
මහ රෑට සීතලට උන් තුරුලු වී එනවා
පොද වැස්ස වැටුනාම කුඩ අස්සේ ගුලි වෙනවා
 තාමටත් මගේ තනිය හන්තාන පුරවනවා
                                  -සහන්/(මලිත්)-

155 comments:

  1. මේක මෙච්චර ඉක්මනට ඉවරවෙයි කියලා හිතුවේ නෑ මචං....

    ඒත් මොනවා කරන්නද.................

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද..කතා දෙකෙන්ම ඉතුරු වෙන්නේ අමිහිරි මතකයන් විතරයි නේ

      Delete
  2. යැස්... :D මට ඔනෑ විදියට වැඩේ උනා.. තොට ඔහොමමමයි වෙන්ට ඔනෑ

    ReplyDelete
  3. අවසානය දුක හිතෙනවා....කතාව සාර්ථකයි..මම ආසාවෙන් කියවපු හොඳ කතාවක්...තවත් හොඳට ලියන්න අයියේ

    ReplyDelete
    Replies
    1. ටැන්කුයි නංගි...තව නම් දිග කතා ලියන්නේ නෑ අප්පා...

      Delete
  4. අඩේ...ඔන්න මම ඇත්තක් කියන්න යන්නේ! මට ඇඩුනා....

    ReplyDelete
    Replies
    1. හුටා....කන්නාඩි දෙක දාගනින්....කාටවත් පේන්නෑ එතකොට... (අත්දැකීමෙන්)

      Delete
    2. මේ කතාව තාම කියවන්න බැරි වුනා බං.. ඒත් උඹේ කතාව?

      Delete
  5. Replies
    1. මොනා කොරන්නද ඉතින්...බලෙන් කැමැත්තක් ගන්න බෑ නේ

      Delete
  6. Ayyo... kathava ivara una vdhta nam dukai :-( .blog eka kyvna ayage waden berenna vage mehema ikmnta ivara krpu eka nam hela dakinava :-@.

    ReplyDelete
    Replies
    1. කවද හරි ඉවර කරන්න වෙනව නේ ඉතින්..ඒක අද කොරත් හෙට කොරත් මොකො :)

      Delete
  7. Replies
    1. මොකෝ බොල...කවුරුවත් මැරුන්නෑ නේ

      Delete
  8. Replies
    1. ඉන්න ටිකේ ඉමුකෝ සුදෝ සිමියේ...

      Delete
  9. කොහොමින් කොහොම හරි කමක් නෑ ගෑණු ළමයිගේ නේවාසිකාගාරයට යන 1 නෙවෑත්තුවා

    ReplyDelete
    Replies
    1. ආ...කවුද කිව්වේ නැවැත්තුවා කියලා

      Delete
  10. අනේ කතාව ඉවරද. . හ්ම්ම්. . . .

    ReplyDelete
    Replies
    1. ඒකනේ...දන්නෙම නැතුව ඉවර වෙලා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒ වුනාට. . . . මෙයා නම් හොඳම නෑ. . . මං හිතුවෙ තව ගොඩාආආආක් කල් කතාව කියවන්නනෙ. . හ්ම්ම්ම්. . . .

      Delete
    4. මම නෙමේ නේ ඉතින්..හසිනි නේ ලියන්න එපා කරේ :)

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  11. අවසානේ ගැනනං මගේ පැහැදීමක් නෑ ඈ...
    මොනා කරන්නද ඉතිං...
    මොන කෙල්ලද බං පොට්ට කොල්ලෙක්ට කැමති වෙන්නේ...
    හා නැද්ද කියපං....

    ReplyDelete
    Replies
    1. ආන්න මැට්ටට තේරුනා..උඹ වගේ බඩ ගෙඩියොන්ට තමා කැමති වෙන්නේ

      Delete
    2. අනේ...හිතූට හිනා ගිහිල්ලා....ශෝයි

      Delete
  12. අඩේ රත්ගමය්යේ,ආයෙ කෑටයන් ඕනෙ නෑ.පට්ටය් කතාව..කතාව මෙච්චර ඉකමනට ඉවර වෙච්ච එක ගෑනනම් දුකය් බන්.....උඹට රත්ගමය නෑතුව බූට් රාජ් වගේ නමක් දෑම්මනන් තමා ගෑලපෙන්නේ.....ඕව ගනන් ගන්නෙපා බන්...උඹට කවද හරි මෑක්ස ලවු එකක් සෑට් වේවි...එතකන් කානිවල් පෑත්තෙ ගිහින් සොට් එකක් දෙකක් දාගත්තනන් සියලු රෝග නිවාරනය්නේ..:P

    ReplyDelete
    Replies
    1. අද යන්න ඉන්නේ..ගිහින් බොනවා වැටෙන්නම...නෙක්ටෝ

      Delete
  13. anthima kotasa nam rathgamayo patta chater.....mula tika hodata rasa winda kenekta anthima kotase hageemak enneme na...dukak,,,sathutak....kisima deyak na...anthima kotasa chaaaater

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඉතින්...මේවා හිතලා ලියන කතා නෙමේ නේ..වෙන දේවල් එපැයි ලියන්න

      Delete
  14. දුර හන්තානේ උස් කඳු මුදුනේ
    පායා දිලෙනා පුංචි තාරුකා
    කාටද පාර කියන්නේ
    මහවැලි ඉවුරේ මදනල අතරේ
    මුසුවී ඇසෙනා මියුරු ගීතිකා
    කා වෙනුවෙන්ද ගැයෙන්නේ

    සරසවි උයනේ මන්දිර සෙවනේ
    ගතකළ සමයක සොඳුරු නිමේෂය
    නෙත් ඉදිරියෙහි මැවෙන්නේ
    පෙර සංසාරේ කළ පින් මදිදෝ
    හදවත මඩිනා විරහ වේදනා
    මේ ලෙස දෑස තෙමන්නේ

    මේ ගංගාවේ සුදු මල් පාවේ
    මිය ගිය සෙනෙහස නටඹුන් අභියස
    කණ කොක් සුදය දිලෙන්නේ
    විහඟ ගීතයේ වැයෙන තාලයේ
    ජීවිතයේ කොටසක් ලියවුනිදෝ
    හෙට ඇයි හිරු පායන්නේ

    ReplyDelete
    Replies
    1. දුක් ගීතයට ජොලි මූඩ් එකක තනුවක් ද?

      Delete
  15. සිරා කතාව අයියේ නමුත් ඇයි ඉක්මනට ඉවර කලේ පට්ට

    ReplyDelete
    Replies
    1. ඉවර කරේ නෑ බන්...ඉවර උනා....තව ඉතින් මොනා ලියන්නද

      Delete
  16. ලිවීමේ රටාවනම් ඇත්තටම ලස්සනයි.. වෙනසක්..! ඒත් කතාව තව ලියාවි කියලා හිතුවා. :(

    ReplyDelete
    Replies
    1. තව ලියන්න පුලුවන් විදිහට නෙමේ නේ ඉවර උනේ..

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. දැං බකට් දෙන්න කලින්ද වෙල්කම් දෙන්නේ? නැත්නම් බකට් නැද්ද?

    ReplyDelete
    Replies
    1. බකට් දීලා තමා වෙල්කම්..කතාවේ බකට් නෑ...
      "මම ඔබව කතාවේ මාස තුනක් ඉදිරියට ගෙන යමි"

      Delete
  19. meka boruuu ehema wenna baaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :( :( anu akka :( epa meka mehema wennama baaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
    Replies
    1. එහෙම තමා උනේ..හසිනි කැමති සඳුන්ට/...

      Delete
  20. හය්යෝ සල්ලි කිව්වලු.ඔය ගෑනු ගැන වැඩිය විශ්වාස කරන්ඩ හොද නෑ

    ReplyDelete
    Replies
    1. ඉතින් හසිනි මට ආදරේ කිව්වේ නෑ නේ..ඒ කෙල්ල කරේ කතාව කියවපු එක විතරයි..මම නේ ඒක ආදරේ කියලා වැරදියට තේරුම් ගත්තේ

      Delete
  21. අයියෝ.. මෙහෙම අවසානයක් මම බලාපොරොත්තු උනේ නෑ.. :( ඒ මදිවට ඉවරත් කරලා...

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් ගොත ගොතා ලියපු කතාවක් නෙමේ නේ .එහෙම ලිව්ව නම් හැමෝටම ඕන විදිහට ඉවර කරන්න තිබුනා

      Delete
  22. සුපිරියි බං සුපිරියි

    ReplyDelete
  23. ගනන් ගන්න එපා මචන් බොට ඉටි කිරිස් කෙල්ලෙක් හම්බෙයි ඔහොම යනකොට..හොඳම හොඳ ලස්සනම ලස්සන එකියක්.. මම එහෙම පතනවා !!

    උබ කතාව ලියපු විදිහ ගැන කියන්න වචන නෑ...උඹ තුල හිටපු ඒ සුපිරි ලේඛකයව එළියට ඇදලා ගත්තු මේ කෙල්ලො දෙන්නටත් පොඩි සම්මානයක් දෙන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. ලිවිම නං කියල වැඩක් නෑ.නියමය්

      Delete
    2. ඇක්චුවලි මෙතන කෙල්ලෝ තුනක්...ලක්ස් රිදී රැයක් වගේ එකකක්දී දෙමු තෑග්ගක්//

      Delete
    3. තුනක් !!! කෝ කවුද අනිත් එකී.. ?

      Delete
  24. කොටස් දෙකක් මඟ හැරිණි.

    ReplyDelete
    Replies
    1. එසේ නම් කියවා එන්න...

      Delete
  25. හයියෝ බන්....
    එතකොට තාරිකා කැමති වුන එකට මොකද වුනේ?.

    ReplyDelete
    Replies
    1. පහු ගිය මතකය කොටස් කියෙව්ව නම් මොකද උනේ කියලා තේරුම් ගත්තෑකි..

      Delete
  26. යකෝ මොකද යකෝ මේක මෙච්චර ඉක්මනට ඉවර කරේ.....
    ඇත්ත කථාවක් නම් ඒක edit කරන්න තිබුණා නේ බං...:(
    අපරාදේ...

    ReplyDelete
    Replies
    1. මේක ඉක්මනට වෙලා ඉක්මනට ඉවර උන කතාවක්.හසිනිට ප්‍රශ්න ඇති වෙනව නේ තව ලිව්වොත්..

      Delete
  27. ඇඩෙනවා ඇස් දෙකෙන්ම
    කුප්පයි
    කුජීතයි..............

    ReplyDelete
    Replies
    1. කන්නාඩි දෙකක් නිර්දේශ කරමි..

      Delete
  28. Replies
    1. ලියනගේ කියලා කෑල්ලකුත් තියේ..

      Delete
  29. ඇයි බං මේක මෙහෙම ඉවර කලේ.. මම හිතන් හිටිය ඔක්කොම අප්සට් උනානේ..

    ReplyDelete
    Replies
    1. මමත් හිතන් ඉදපු ඔක්කොම අප්සට් ගියා...මෙහෙම නෙමේ ඉවර කරන්න ඉදියේ...

      Delete
  30. Lokka sorry singlish walata..meka sira story ekakda machan..ela ban..ohe hondata lyatheheki honde..

    ReplyDelete
    Replies
    1. මේක සිරාද නැද්ද කියලා මම තාමත් හොයනවා..

      Delete
  31. ඇයි බන් මෙච්චර ඉක්මනට ඉවර කලේ? මදැයි නිවාඩු දවසේ බ්ලොග් එකක් කියවන්න ආවා..

    ReplyDelete
    Replies
    1. ආදර කතා ඇති වගේ කියලා හිතුනා...කුප්ප කතාත් ලියන්න එපැයි

      Delete
  32. මං මේක කියවනෙ නෑ.. මේක ලියන ලේඛකයා ඉරු මල්ලිගෙ හරි ලොකු කම!! :D :D :D

    ReplyDelete
    Replies
    1. පුහ්!!! මේන් මට ලොකුකමලු..මම හෙන අහිංසක හිත හොද පොට්ට කොල්ලෙක්

      Delete
  33. කථාව ලස්සනයි අවසාන උනා ඉක්මන් වැඩි වගේ තව ටිකක් දික් ගැහුනානම් හොදයි ...

    ReplyDelete
    Replies
    1. හසිනි තමා ඔක්කොම කරේ..එයා ආදරේ සඳුන්ටලු නේ

      Delete
  34. පව්... :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කෙල්ල වෙන්න ඇති පව් නේ කොටෝ..

      Delete
  35. kathawa thawa tikak tibunanam thanma hoda

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද...හසිනිගේ කැමැත්ත මගේ කැමැත්තයි...

      Delete
  36. මේකට මට "අයියෝ' කියලා නොකියා ඉන්නද කියන්නෙ උඹ?? :/

    මෙහෙම ඉක්මණට ඉවර වුනු එකනම් අපාරධයක්.. කොච්චර ප්‍රශ්න තිබ්බාද මට මේක ඇතුලෙ විසඳගන්න.. :/ අවසානෙදි කරකවලා අතඈරියා නෙ මූ...

    ඒත් ඉතින්, නවකතා පොත් වල වගෙ හරිම පැහැදිලි, කියවන අයට කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන, ලස්සන අවසාන ..., සැබෑ ජීවිතේ කතා වල නැහැනෙ.. ඒක ඉතින් ඇත්තක්...

    ම්ම්ම්... මේ කතාව උඹ ලියපු විදියනම් ෆට්ට! ඒ ශෛලියට මම ආසයි..!! සම්හරවිට ඊළඟට උඹ ලියන කතාව ෆට්ට රොමෑන්ටික්, සුන්දර අවසානයක් තියෙන කතාවක් වෙයි රත්ගමයෝ... :D

    අන්න ඒ කතාවට මම සුභ පතනවා හොදේ..?? ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයැයිට දුක හිතිලා..ඔයාට හරි සංවේදී හිතක් නේ හලෝ තියෙන්නේ..ඔයා හරි සුවීට් හලෝ..
      ප්‍රශ්න නම් සෑහෙන්න විසදන්න තිබුනට ඒවා එකක් වත් විසදන්න දුන්නේ නෑ නේ...
      ශෛලියට විතරෙයි ආස? මට ආස නැතෙයි? ආසනම් කියපන්...මම උඹව දෙවනි මනමාලිට ගන්නම්...

      Delete
  37. ඇත්තටම මේක කියවලා දෑසට කඳුළු ආපු අය බොහෝ දෙනෙක් මෙවැනි අත්දැකීම වලට මුහුණ දීපු අය වෙන්න ඕනේ. සමහරු හිතනවා වැඩියෙන්ම දුක ලව් එකක් තිබිලා නැති වුනාම කියල. ඒත් ප්‍රාර්ථනා කරන ලව් එක ඉෂ්ට නොවෙන වෙලාවල් වල ඇති වෙන දුක, කලකිරීම බොහොම වේදනාකාරීයි.

    ReplyDelete
    Replies
    1. ඔව්..හැම එකාම ආදරේ කරද්දී පොඩි දුකක් හරි විදලා තියෙනවා..ඒ දුක අවුස්සලා මගේ විදිහට ලිව්වාම උන්ට මතක් වෙනවා උන්ගේ කතාව..එතකොට උන් කතාවට ආස වෙනවා..ඒක ගොඩක් තැන් වල මම කරපු දෙයක්...කෙනෙක්ට දෙයක් දැනෙන්න ලියන්න ඕන නම් අපි අපේ කතාවක් නොලියා උන්ට උන කතාවක් ලියන්න ඕන..එතකොට තමා කියවන අය කියවන්නේ...

      Delete
    2. චැහ් මූව කන්ඩ එපෑයෑ... මෙච්චර වෙලා ඇඳලා නේ ඉඳියේ.. ( කොපියක්. හික් ) මේක මුගේ කතාව කියලා..

      Delete
  38. මේක වෙන්න බෑ,, මේක වෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඕක වෙලා ඉවරයි ඩෝ...මම හිතුවට එයා කැමතියි කියලා ඒක මගේ හිතේ තිබුන දෙයක් විතරයි.. :)

      Delete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. This comment has been removed by the author.

    ReplyDelete
  41. මොනවා උනත් උඹ කරපු දේ හරි....මොනවා උනත් ඇත්තටම ආදරේ කරපු කෙනා දුක් වෙනවට අපේ හිත කැමති නෑ...එක තමයි ඇත්ත....

    ReplyDelete
    Replies
    1. සදුට ඉඩදී හිරු පැනලා ගියා... :0

      Delete
    2. එහෙම තමා නයම කොල්ලෝ......පෙරලුන පිට හොඳා කියල හිතා ගනින්...එදා උනේ නැත්නම් ඔය දේ අද හරි අනිවා වෙනවා....පට්ට කතාව මචෝ....

      Delete
  42. aiyoo sirawata duka hithuna bun.. office eka inna gaman kiyewwe.. "ඔව් අයියේ..සඳුන්..එයා තමා කිව්වේ අයියත් එක්ක මේක කතා කරන්න කියලා.දැන් එයා මෙතනට එයි." ma tika kiyawna kota nodenuwath ma f*** off kiyala kegehuna bun.. offic eka kattiyage es uda giya :D oyawage kathandarayak matath wela thiyanawa.. ube hadawath e welawe gehunu vidiha mata hodata tharum ganna puluwan... anyway hats off mate!!

    ReplyDelete
    Replies
    1. හුටා....මල කෙලියයි..ඔෆිස් වෙලාවේ බ්ලොග් කියවීම ශරීර මෙව්වා එකට කෙසේ වෙතත් පොකට් එකට අහිතකරයි....
      :)

      Delete
  43. කතාව ලියලා තියෙන විදියනම් අතිශය සුපිරියි.

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා....
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා.....
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා....
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා.....

    ReplyDelete
    Replies
    1. ආයෙත් එහි යන්න හිතුනට එයා නෑ නේ..තනියම ගිහින් එන්න වෙන්නේ...එයා වෙන කෙනෙක් එක්ක කොහේ හරි ඇති...

      Delete
  44. මම නම් දැනගෙන හිටියා උබට මේක මේ විදියට ඉවරකරන්න වෙයි කියලා....මම හිතන්නේ හසිනි නෙවයි මේක නවත්වන්න කිව්වේ...:)

    ReplyDelete
    Replies
    1. නෑ..හසිනි කිව්වේ නෑ..ඒත් ඉතින් තව ලියලා වැඩක් නෑ නේ හසිනි නැතුව :)

      Delete
  45. ඇස් වල අවුලක්ද මන්දා මේ නිල් පාටට තියෙන අකුරු කියවන්න අමාරුයි එක දිගට. ඒත් ඔන්න කතාව නිසාම හෙන ට්‍රයි එකක් දීලා කියෙව්වා... ඔහ්හ් එතකොට මෙතනින් ඉවරද කතාව?

    ReplyDelete
    Replies
    1. මම කලිනුත් කිව්වා කන්නඩි දෙකක් ගන්න කියලා..කෝ ඇහුවේ නෑ නේ

      Delete
  46. ane dewiyanee.......hithuwewath nathi awasanayak..... :(

    ammoo welawata ape amma gedara hitiye ne mama me kathawa kiyawana wele...naththam mama adapu widihata ape amma balai mata pissuda kiyala... :) hithata wadennama liyala thiyenawa ayye.mama asai ayya post liyana widihata....
    lassana wasanthayak issarahata ayyata udawei nemei uda wenawa.....a wasanthayata suba pathanawa mama.....!!!

    ReplyDelete
    Replies
    1. වසන්තෙ නම් ඉතින් හැමදාම එනව නේ... ඒත් මම බැලුවා පහු ගිය ටිකේ ඔයා මොකද නැත්තේ කියලා.. :)
      අඩන්න තරම් දෙයක් උනේ නෑ නේ මේකේ :O

      Delete
  47. ඕවා ඔහොම තමා බං.
    හිත හදාගනින්...:/

    ReplyDelete
    Replies
    1. ඔව්..හිත හදා ගත්තා...මට සෙලීනා ඉන්නව නේ යකෝ..

      Delete
  48. මගේ ජිවිතේ දෙවැනි කොටස වගේ.....
    වෙනසකට තියෙන්නේ ඔයා විශ්වවිද්‍යාලයට ගියපු කෙනෙක්.....
    මම ස්කොලේ යන කෙනෙක්.....
    කොහොම උනත් ලස්සනයි අය්යේ.....
    සුබ පැතුම් මුළු හදවතින්ම......

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම කතාවල ඩිංග ඩිංග මේ කතාවේ කොහේ හරි ඇති...

      Delete
  49. අප්පටසිරි :(

    ReplyDelete
    Replies
    1. හුටා මොකො සීන් එක?

      Delete
  50. තව කොටසක් තියෙනවා. ඉවර නෑ.

    ReplyDelete
    Replies
    1. ලියාගන්න බැරිව ලතැවුනු..එකම එක දිග පුංචි කොටසක්..තවම ලියනවා මං

      Delete
  51. ඕයි තමුසෙ සන්තොස වෙනවා. ඔය විදියටම වෙල ඒ එකෙල්ල කමති උනා.. ඩන් මම වින්ඩොනොවා එකිවත් බෙඩෙගෙන

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ... :)

      Delete
  52. ගහන්න හිතෙනවා මේ මෝඩ කොල්ලට..... හැබැයි හෙන රොමැන්ටික් කොලුවෙක්.. අරුන් දෙන්න අයිස්කිරිං එක කන දිහා බලලා යවපු ඇස් ඇම් ඇස් ඇස් ගැන ඒ කිව්වේ... හි හි

    ReplyDelete
    Replies
    1. ඒක ඇස් ඇම් ඇස් එකක් වෙන්නත් පුලුවන්....තව.....එක්කෝ ඕන නෑ.. :)

      Delete
  53. This comment has been removed by the author.

    ReplyDelete
  54. කතාවනම් හිතාගන්නත් බෑ. O.o o.O
    මටත් දැන් හිතෙනවා පේරාදෙනියට ඇප්ලයි කරන්න කොලඹ ඉදල.. :D

    ReplyDelete
    Replies
    1. ආන් ඒකයි අපි කොළඹ නොදා පේරාදෙණිය විතරක් දැම්මේ :)

      Delete
  55. 'මතකය' කොටස ලියද්දි උබ කීපාරක් අඩන්න ඇද්ද...?

    කියවපු මගෙනම් ඇහැට කදුලක් ආවා

    අර හසිනි කියන කෙල්ල මේ කතාව කියවනවනම් අනිව එකිත් මේ කොටස කියවල අඩන්න ඇති.

    අවුලක් නෑ මචෝ යන එවුන්ට යන්න දිය බොට සෙලීනා ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු අඩවන්න වගේම හිනස්සන්නත් වචන වලට පුලුවන්!

      Delete
  56. කෙල්ලෝ ඔක්කොම එකයි බන්, හරිම ආත්මාර්ථකාමීයි! විශේෂයෙන්ම කැම්පස් යන උන්... උන් බලන්නෙ කොල්ල කරන ඞිග්‍රිය විතරයි... අවංකවම කියනව නම් තාරිකායි, හසිනියි දෙන්නම ගොඩක් පව් කරල තියෙනවා සහන්ව/(මලිත්ව) නොලබන්න, මට හොදටම විශ්වාසයි උඹ ගොඩක් පින් කරල තියෙනවා ඒ දෙන්නටම වඩා හොද කෙනෙක්ව ලබන්න...!!!

    ReplyDelete
    Replies
    1. හැම කෙල්ලම එකම මිම්මෙන් මනින්න බෑ :)

      Delete
  57. හුටා...මම වාසනාවන්ත ඩයල් එකක් නේ බලාගෙන ගියාම...

    ReplyDelete
  58. අයියෝ බන්

    ReplyDelete
    Replies
    1. කොරන්න දෙයක් නෑ අයියා...

      Delete
  59. එල කතාව අයියෙ ඈ....
    තව කොටස් දෙක තුනක් ඇද්දනං තමයි පාර.....

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් ගොත ගොතා ලියන කතාවක් නෙමේ කියලා කිව්වා නේ බන්

      Delete
  60. කෑවා... මං කිව්වෙ අයිස් කිරිං.

    ReplyDelete
    Replies
    1. උබ කන බොන රෙන හැටි මගේ බ්ලොග් එකේ දාන්න ඕන නෑ නේ

      Delete
  61. උඹෙ photo එකත් ගතියට ගැලපෙනව කතාවටම.වඩේ උඹ නියමෙට ලියල තියනව.තව කතාවක් පටන් ගනින් ලියන්න.හැබැයි ඒකත් පේරාදෙනිය ගැනම ලියපන්. අලුත් නැවෙන් හොද තාරාවියෙක් හරි හසිනියෙක් හරි හොයා ගනින්.proud to be a RICHMONDITE

    ReplyDelete
    Replies
    1. කවුද ඩෝ මේ..ඉස්කෝලේ කාඩ් එකෙන් කතා කරන්නේ :)

      Delete
  62. අදයි කතාව කියවල ඉවර කරේ බං. අනේ මන්ද! මුකුත් හිතාගන්න බෑ.උඹත් ලියන ලිවිල්ලක්! පිස්සු හැදෙන කතාවක්. ඒ උනාට මං මේකේ සමහර තැන් දන්නා නිසා මට නිකන් කොයිල් වගේ උනේ මොකද්ද කියල. කොහොම හරි කතාව නම් පට්ටයි.උඹේ කතාවත් කවදාහරි මීටත් වැඩියෙන් පට්ටම වෙයන්!
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මේකේ පසු සටහනක් දාන්න ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා

      Delete
  63. අනේ හැපෝයි... තවත් මල් හිතක්.....

    ReplyDelete
    Replies
    1. හැම ආදර කතාවක්ම තමන්ගේ කතාව නෙමේ නම් ඒක මල් කතාවක් තමයි...

      Delete
  64. ayyooo bn ayye...adenawa ..sirawatama....pissu hadenawa..elata liyala tiyenawa..
    ayyagekendare poddak balagaththa nam godama thama..:D

    ReplyDelete
  65. අවසානය නම් දුකයි ඒත් කතාව ගලපල තියෙන හැටි ලස්සනයි කියවන්න ආස හිතෙනවා .. දිගටම ලියන්න හොදේ ....

    ReplyDelete
  66. යකෝ මාස 3කට පස්සේ ආපහු බ්ලොග් ලෝකෙට ආවේ .ආව ගමන් කියවන්න ලැබුනේ මුගේ කුජීත කතාවනේ .කතාවනම් පට්ටම පට්ට බන් .හැමෝම වගේ කතාවේ අවසානේ ගැන දුක් උනාට මම නම් කතාවේ අවසානෙට ගොඩක්ම කැමති බන්.උබේ කතාවේ අවසානේ ලස්සනයි .විරහ දුකෙත් අමුතුම ලස්සනක් තියෙනවා බන් .ඒ ලස්සන දන්නේ ඒ දුක විදපු උන් . කොටස් සේරම එක හුස්මට කියවන ගියා කොමෙන්ටු දාන්නෙත් නැතුව .සේරටම වැඩිය අන්තිම කොටසේ අන්තිමට තිබුණු පද පේලි 8 හිතට වැදුන බන් .තවත් මේ වගේ පට්ටම පට්ට කුජීත කතා ලියපන් . මම ලකියා

    ReplyDelete
  67. මැක්සා රත්ගමයා අයියේ....ඒ උනාට මේක අහවර වෙච්ච විදිහ හෙන ලොල් සහගතයි...

    ReplyDelete
  68. අදමයි මේ පැත්තට ආවෙ,
    කියවන්න හිතෙනෙම විදියට ලියලා තිබ්බ නිසා මාත් කියෙව්වා ඔක්කොම මරු ඈ..
    ඒත් අවසානෙ නම්........ :(

    ReplyDelete
  69. no update after 1 n half month.me patte enawatath wedak ne :(

    ReplyDelete
  70. shaaa mara lassanai.eka digata okoma kotas kiyawwe .digatama liyanna.

    ReplyDelete
  71. melo rahak nh bn ube weda.hemadama enwa aluth post thiynw kiyala hithagena.Masa 2k apiwa rasthiyadu kara......

    Kathawanam pattai.Bokkatama weduna.Pere gena thiyena katha thawa liypan machan.Monawa hari kmk nh ikmanat post ekak dapiyoooooooooo

    ReplyDelete
  72. mona reddakda bang? uba sucide wath kara gatthada? inna lokeka indala hari post ekak dapan.
    dan nam mala panininawa honde.
    ma0 galle wala dangedara :D

    ReplyDelete
  73. ඉෂානි29 April 2013 at 00:01

    මන් මෙහෙම ආදරය කරලවත්, පේර කැම්පස් එක මට පුරුදු තැනක් වත්, මන් ඔයාව දන්නෙවත් නැ.. ඒත් මොන එහෙකට මට මෙච්චර දුක හිතෙනවද මන්ද.

    ReplyDelete
  74. පට්ට බන් දුක හිතෙනවා ඔයි.........මොනවද බන් මෙහෙම ඒවා ලියන්නේ දැන් ඉතින් නින්ද යන්නේ නෑ මගේ හිස්ට්‍රිය මතක් වෙනවනේ......හැබයි කැම්පස් නම් නෙවේ.....මොනව උනත් great මචන්

    ReplyDelete
  75. මල් 7ඉ බන්, උබේ කතාවට නම් පට්ට දුකයි. හැබැයි ලියන්න නම් උබ හෙබේ දස්සය

    උබට විතරක් නෙමෙයි බන් ඔහොම උනේ ඔය කතාවේම වෙන වෙන වර්සන් වලින් හෙමොටම වගේ වෙලා තියෙනවා, අන්න එකයි ඇත්ත

    ReplyDelete
  76. Hodatama liyala tiyanawa. Adenawa aaa

    ReplyDelete
  77. කියන්න වචන නෑ සහෝ. කතාව නම් මාරයි සුපිරි. මචන් උබට මාර හැකියාවක් තියනවා. ලියපන් පොතක් අනිවා උබ ගොඩ යනවා ...... මට මේක අහු උනේ අහම්බෙන් හැබැයි මම කොටස් ඔක්කොම කියෙව්වා. සුපිරියටම තියනවා.... අනිවා ලියපන් පොතක් .... :D

    ReplyDelete
  78. උදේ ඉදන් රත්ගමයා බ්ලෝග් එක කියෙව්වා.. උදේම මල්ලිගේ ගැනු ළමයි ගැන විස්තර ටික කියවන්න ගිහින්.. තනියම හිනා වෙලා තව පොඩ්ඩෙන් ගෙදරින් චාටර් වෙනවා.. දැන් තමා සේරම ටික කියවලා ඉවර වුනේ.. නිදි මරාගෙන කියෙව්වට හැබයි හරිම ආසාවෙන් කියෙව්වා.. නියමයි.. මේක පොතක් විදියට ගහන්න පුළුවන් වුනා නම් මරු.. තව තවත් හොදට ලියන්න තව ගොඩක් කතා.. අපි එනවා කියවන්න... සුබ පැතුම් අය්යේ.. :)

    ReplyDelete
  79. lassanai aiye... wish you gd luck,,,, :)

    ReplyDelete
  80. අයියා මේක සිරාවටම ඇත්ත කතාවක්ද??/ ඔයා කියන ඉශාරා , හසිනි ඉන්නෙ මොන batch එකේද??? 11 batch ද?? i am in 11 batch E FAC

    ReplyDelete
  81. එක දිගට කියෙඋව ෆට්ට කතව සහෝ

    ReplyDelete
  82. Oi, Sahan kiyanne ubane nee. :) Sahan liyanagee :P .

    ReplyDelete
  83. started reading ur blog... no tym to write my thesis. Ayyo mata una wedak.

    ReplyDelete
  84. අනේ මන්ද ගාල්ලෙ උන්ටමයි වෙන්නෙ.....

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)