Saturday, 9 February 2013

එයා තාම චුටි කෙල්ලෙක්(පස්වන කොටස) - "මම ඔයාට ආදරෙයි.මාව බදිනවද?"

ඉර බැසයමින් තිබේ..හන්තාන කන්ද දෙසින් ඉර බැසයන එන හැටි කියා ඔබව අමුතුම අලුත්ම ලෝකයකට රැගෙන යාමට මට උවමනා නැත.කෙදිනක හෝ ඔබත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිනියහොත් ඒ ලස්සන ඔබගේ දෑසින්ම දැක ගත හැකි වනු ඇත.හැකි පමන ඉක්මනින් මේ කතාව ලියා අවසන් කිරීම මගේ එකම අරමුණ වී තිබේ.විශ්ව විද්‍යාලය තව දින කිහිපයකින් පටන් ගනු ඇත.ඉන් පසු මෙම කතාව ලියාගෙන යෑම ඉතාමත් අපහසු වනු ඇත.

පස්වරු හයත් පසු වී තිබේ.
එන්න...අපි හෙමිහිට කතානායිකාවන්ගේ කාමරයට රිංගමු.සමාවන්න.දැන් මේ කාමරයට හොරෙන් රිංගිය යුතු නැත...අපි කාමරයට ඇතුලු වෙමු..යුවතියන්ගේ කාමරය දැන් අපේ කාමරයකටත් වඩා හුරු පුරුදු වී තිබේ.

කාමරයට ඇතුලු වූ වහාම සුන්දර යුවතියක් ජංගම දුරකතනයත් කනේ තබාගෙන කාමරයේ ඒ කොනටත් මේ කොනටත් ඇවිදියි.කලවා යන්තම් වැසෙන සේ ඇද සිටි කොටම කොට කලිසම් පොඩියත් සිහින් පටි සහිත ස්කිනියත් ඇයට ක්‍රීඩාශීලී පෙනුමක් ගෙන දෙයි.
රාත්‍රී ඇදුමට මොන ක්‍රීඩාශීලී පෙනුමක්ද...
ඇය වරෙක නොසන්සුන් ශබ්දයක් මුවෙන් පිටකරයි..ඉන් පසු නැවත ජංගම දුරකතනයේ අංක කලබලයෙන් ඔබයි...

මා කතාව පටන් ගත් දිනයේදීම සුන්දර යුවතියක් ජංගම දුරකතනයත් රැගෙන එහේ මෙහේ ඇවිදියි යැයි කියුවා නම් ඔබ එක් වරම
 "ආ....ඒ නම් තාරිකා" 
යැයි පවසනු ඇත.ඒත් දැන් දැන් කතාව වෙනස් වෙමින් පවතී.ඒ සුන්දර යුවතිය හසිනි බව දෙවරක් නොසිතාම ඔබ පවසනු ඇත.

ජංගම දුරකතනයත් රැගෙන ඇය මේ අමතන්නට උත්සහා කරන්නේ කාටදැයි මා සිතටද සැකයක් දැනේ..

සෑම ප්‍රේම කතාවකම මෙන් කතා නායිකාවගේ යෙහෙලිය තනිකඩයි යන මතය ඇය බිද දමාවිද?

හිතවත් පාඨකය..මගේ සීතටද සියුම් දුකක් දැනේ..නිගමනයකට එලඹීමට පෙර අපි තාරිකා කොහේදැයි සොයා බලමු..කාමරය පුරා සොයා බැලුවද ඇයගේ සලකුණක් වත් නොමැත.

"බාත් රූම් එකේ බැලුවද?"
ඔබ මගෙන් විමසනු ඇත.
ඔබ එය පැවසීමටත් ප්‍රතමයෙන් මා එය පරීක්ෂා කර බැලූයෙමි.කාමරයේ සෑම තැනක්ම යනුවෙන් මා අදහස් කලේ එබැවිනි.

කාමර පරීක්ෂාව අවසන් වෙද්දීම වාගේ දොරට තට්ටු කරනා හඩක් ඇසුනි.අතේ තිබූ ජංගම දුරකතනය ඇද මෙට්ටය මතට අත හැර දැමූ හසිනි , වහ වහා දිව ගොස් දොර විවෘත කලාය.එලවලු පිරවූ මලු දෙකකුත් අත් දෙකේ රදවාගෙන තාරිකා දොර ඉදිරිපිට සිටියාය.

"කොහේද බන් ගියේ..මම දැන් පැය භාගෙක ඉදලා කෝල් කරනවා උඹට..ෆෝන් එකත් ඕෆ් කරගෙන.."

එසේ නම් ඇය කලබලයෙන් මෙන් ඇමතුම් ලබා දී ඇත්තේ තාරිකාටය.දැන් නම් හිතේ සතුටින් කතාව ලියාගෙන යෑමට හැකිය. 

එලවලු මලු දෙක වරක් ඔසවා හසිනි ඇසූ ප්‍රශ්නයට පිලිතුරු දුන් තාරිකා කාමරයට ඇතුලු වූවාය.

"යන දේවස්තානෙක කෝල් කරලා යන්න එපැයි හරකියේ.තව ටිකක් බලලා මම වෝඩ්න් මැඩම්ට කියන්න ඉදියේ "

"මම උදේ කිව්වනේ බන් හවස එලවලු ගේන්න යනවා කියලා"

"එලවලුවක් ගැන නම් කිව්වේ නෑ..නිර්මාලයා ගැන නම් උදේ කියලා ගියා වගේ මතකයි"

"අනේ මේ නිකන් ඉදපන් කතා හදන්න නැතිව.උගේ හිතේ ඔහොම මගුල් විකාර නෑ.."

"හ්ම්ම්ම්...කැරට් , ලීක්ස් ....යකෝ මේවා ගන්න වෙච්චර වෙලා යනවද? නුවර ටවුමේ උඹ කැරට් වැව්වද? "

එලවලු මල්ල අවුස්සමින් තාරිකා ඇසුවාය.

"තනියම නෙමේ බන් ගියේ..නිර්මාල් එක්ක ගියේ..ඌටත් මොනාද බඩු වගයක් ගන්න ඕන කිව්වා.උගේ බඩු තෝරන්න ගිහින් තමා මෙච්චරම වෙලා ගියේ.."

"ආයි අෆ්ෆා....මුන් දැන් සවාරිත් යනවනේ..ඔහොම්ම හනිමුන් එකත් පලයන්..අපිට කියන්නවත් එපා.."

"අනේ නිකන් කතා හදන්නේ නැතුව ඉදපන්..හොදටම මහන්සියි බන්..මම යනවා වොශ් එකක් දාගන්න...ඔය ටවල් එක මෙහෙට දාපන්"
තුවාය ඉල්ලා සිටිමින් තාරිකා තම අත දිගු කලාය.

හසිනි මොහොතකට නැවතුනාය..ඉන් පසු තාරිකා දෙසට වේගයෙන් දිව ආවාය...

ඇය දිව එද්දීම තාරිකා දකුණු අත එක් වරෙම පසුපසට කර හංගා ගත්තාය..එම අතේ කුමක් හෝ හොරයක් තිබේ.එය අප දැන ගත යුතුමය.
මම ඔබට නැවත මතක් කරමි.කාමරය තුලට ආවාට යුවතියන්ගේ අතින් ඇල්ලීමට අපට අවසර නැත.ඉතින් හසිනි අත අල්ලාගෙන හොරය කුමක් දැයි බලාගන්නා තුරු අපිට ඉවසා සිටිය යුතුවේ.

"පෙන්නපන්...පෙන්නපන් අත..." 
එසේ කෑ ගසමින් හසිනි , තාරිකාව ඇද මත පෙරලා ගත්තාය.ඉන් පසු පිටුපසට කල අත අඹරවා ඉදිරියට ගත්තාය.

ඇයගේ අතේ රෝස පැහැ අත් පලදනාවකි.එහි තැනින් තැන පබලු අල්ලා තිබේ.මට නම් එහි ලස්සනක් නොපෙනේ..නමුත් හසිනිට නම් එය හිතට අල්ලා තිබෙන සෙයකි..

"නිර්මාලයා නේද දුන්නේ..ඇත්ත කියපන්...නැතිනම්.." 
අඹරවා අල්වාගත් අත වම් පැත්තට කරකවමින් හසිනි කෑගැසුවාය.

"ආ...ආ....ඔව් ඔව්...අත ඇඇරපන්....කියන්නම්..." 
තාරිකා පින් සේන්ඩු වූවාය,

"'හරි දැන් කියපන්..."
අඹරවා  තිබූ දෑත නිදහස් කරමින් හසිනි ඇද මත හරි බරි ගැසූ වාඩි වූවාය.

"ඔරලෝසු කනුව යට උමග තියෙන්නේ.."

"ඔව්..ඉතින්.."

ඒකේ තිබුණ කඩේක මේක තිබුනේ..මම එතනින් නිකන් යන ගමන් නිර්මාල්ට කිව්වා මේ බ්‍රේස්ලට් එක ලස්සනයි කියලා..එච්චරමයි කිව්වේ...ඊට පස්සේ.."

"හෝව් හිටහන්....ඉතුරු ටික මම කියන්නම්"
 හසිනි මැද්දට පැන්නාය..
මම දැන් ඇයට පන්ඩිත කෙල්ල යැ‍යි නොකියමි.ඒ ඇයගේ හැටිය..මීට පෙර දිනක කවුදෝ කෙනෙක් ඇයට පන්ඩිත කෙල්ල යැ‍යි නොකියන ලෙස ඉල්ලා සිටියාය.ඉතින් පාඨකය, ඇය පණ්ඩිත කෙල්ලක් නොවේ.

"උඹ එලවලු මාකට් එකේ එලවලු තෝරන අතරේ ඌ උඹටත් හොරෙන් ගිහිල්ලා ඔය බ්‍රේස්ලට් එක අරගෙන ඇවිල්ලා උඹේ අතින් අල්ලලා....." 

එසේ කියමින් ඇය එක් දණහිසක් නවමින් ඉදගෙන තාරිකාගේ අතින් අල්ලා ගත්තාය.

"තාරි...මාගේ කුලුදුලේ කරනා පස් වෙනි ප්‍රේමය පිලිගන්න ...කියලා බ්‍රේස්ලට් එක උඹේ අතේ බැන්දා"

"අනේ පලයන් යන්න..බැන්දේ නෑ බන්...මට දුන්නා..."

 "හරි හරි...දුන්නත් එකයි බැන්දත් එකයි..හැබැයි මගුල මටත් කියපන් හොදේ.."

"අනේ බයිලා නවත්ත ගනින්..මම යනවා නාගන්න"

තුවායත් කරේ දමාගනිමින් තාරිකා නානකාමරය දෙසට හැරුනාය..

"ඒ..මේ පොඩ්ඩක් ඉදපන්..අද මාර වැඩක් උනානේ..."

"මොකක්ද? උඹ අර උදේ කලබලෙන් කෝල් කරලා හවසට කියන්නම් කියපු සීන් එකද?"

"ඔව් ඔව් බන්..ඒක තමා."

"ඉතින් මොකක්ද උනේ?

"පොට්ටයා මගේ පස්සෙන් ඇවිල්ලා උඹේ ෆෝන් නම්බර් එක ඉල්ලුවනේ.."

තාරිකාගේ දෑස් උඩගියාය..නානකාමරය දෙසට තැබූ දෙපය ආපසු ඉබේම හැරුනි.

"ඉතින් උඹ දුන්නද?

"පිස්සුද...මම කිව්වා උඹේ ෆෝන් නම්බර් එක තියෙන්නේ මගේ ෆෝන් එකේ, මම ෆෝන් එක හොස්ටල් එකේ දාලා ආවා කියලා..."

"අම්මෝ.,..ඇති යන්තම් උඹට එහෙම බොරුවක් වත් කියාගන්න මොලේ තිබුනා.."

"මොලේ නෙමේ..හෙට උදේට මම ඉවරයි.."

"ඇයි?"

"මම උඹට කෝල් කරපු වෙලේ , ඌ දැක්කා මගේ අතේ ෆෝන් එක තියෙනවා.."

දහවල් වරුවේ සිදු වූ සියලු සිදුවීම් ඔබත් , මමත් , මලිතුත් , හසිනිත් හොදාකාරවම දනීමු..නොදන්නේ තාරිකා පමනි.ඉතින් හසිනි සියලු විස්තර තාරිකාට පවසන තෙක් අපි පිරිමි නේවාසිකාගාරය වෙත ඉක්මන් ගමනින් ඇවිද යමු..

නිතර නිතර රාමනාදන් ශාලාවේ යුවතියන්ගේ කාමරයේම රැදී සිටි නිසා අක්බාර් ශාලාවත් දැන් නුහුරුය.කෙසේ හෝ නිර්මාල්ගේ කාමරය සොයාගෙන අපි එයට ඇතුලු වෙමු..

අපි කාමරයට ඇතුලු වෙද්දීත් කාමරය ඇතුලත කතාවක් සිදුවෙමින් පවතී.

"රුපියල් 100ක් ඉවරයි එහෙනම්" 
කාමරය තුල සිටි මිතුරා නිර්මාල්ගෙන් අසයි..

"100 වගේද බන් මේක ගොඩ ගියොත්"

"දැන් බලපන්..මුලින් ඔය අතේ බදින මල ඉලව්ව..පස්සේ සෙන්ට් බෝතල්..පස්සේ ඇදුම්...දවල් කෑම..කෙල්ලෙක් එක්ක යාලු උනාම ඔය දේවල් වලට බජට් එක වෙන් කරන්න වෙනවා.රුපියල් විසි පහේ කෑම එක කාලා ඉන්න අපිට මොන බ්‍රේස්ලට් ද බන්" 

ඇද රෙද්ද ගසමින් මිතුරා පැවසුවේය.

"උඹට ඔය ඉරිසියාව තියෙන්නේ..ඔන්න ඔය ලයිට් එක ඕෆ් කරලා නිදාගනින්..හෙට උදේම යන්න තියෙනවා.."

යුවතියන්ගේ කාමරයේ අපි ගත කල වේලාව හොදටම වැඩිය.පිරිමි ලමුන්ගේ දෙබස් වලින් අපට ඇසුනේ අවසාන දෙබ්ස් කිහිපය පමනි..

"ක්ලික්" 
හඩින් පසු කාමරයම අදුරේ වෙලුනි.

දැන් නම් තවත් කොහේ හෝ යන්නට කම්මැලිය.හෙට උදේ වන තෙක් අපිත් කොහේ හෝ වැටී නිදා ගනිමු..
ගැහැනු ලමෝ මෙය කියවයි නම් ඔබට මෙහි නිදා ගැනීමට අවසර නැත.මෙය පිරිමි නේවාසිකාගාරයකි..

පසු දිනයේ සූර්යා අහසේ නැග එද්දීත් පිරිමි ලමෝ දෙදෙන හොදටම නිදිය.තව දුරටත් මෙහි රැදී සිටීමෙන් පලක් නොමැත.එන්න අපි රාමනාදන් ශාලාව වෙත පිය මනිමු.

අපි ඒ දෙසට ඇවිද යද්දීත් තාරිකා සහ හසිනි හාදු වංගුවත් පසු කර තිබුනාය.හසිනි ඇද සිටියේ සුදු පැහැ කමීසයකි.සුදු පැහැය ඇයට හොදින් ගැලපේ.කලු පැහැයද එසේමය.ඇයට ගැලපෙනා ඇදුම් මොනවා දැයි ඔබටම තේරුම් ගැනීමට හැකි වන ලෙස ඇයගේ ඡායාරූපයක් බ්ලොග් අඩවියේම දැමීමට මට සිත් දෙයි.ඇයගේ Facebook Account එකේ ඇය පමනක් තනිව සිටිනා ඡායාරූප කිසිත් නැත.එබැවින් මම එම අදහස අත් හැර ගතිමි.අනික මෙහි ඡායාරූපයක් දැමුවහොත් හොද නැත්තේ ඇයටය.මටත් නොදැනීම මගේ හිතත් ඇය ගැන වද වෙනවා මට හැගේ.
කතාව ගලායන ආකාරය නිසා තාරිකාගේ ඇදුම් පැලදුම් විස්තර කිරීමෙන් මම වැලකී සිටිමි.

"නංගි"

නැවතත් පෙර තිබූ ගොරෝසුකටහඩම පිටු පසින් ඇසුනි.මෙවර එය සැරපරුශ ලෙස ඇසුනේ නැත..එය විදානයක්ද නොවීය..එබැවින් යුවතියෝ දෙදෙන එක තැනම නතර වූවාය.

"උදේ ලෙක්චර්ද?" 
කවදාවත් අසා නොමැති අහිංසක හඩකින් මලිත් ඇසුවේය.

"ඔව් ජ්‍යේෂ්ඨතුමා.."
පිලිතුර හසිනිගෙනි..

උඹෙන් නෙමේ නංගි ඇහුවේ..මම ඇහුවේ තාරාවගෙන් 

 "ඔව් ජ්‍යේෂ්ඨතුමා.."
 තාරිකාද පිලිතුරු දුන්නාය,

 "අනේ මේ..දැන් සාමාන්‍ය කතාවක් යන්නේ...ජ්‍යේෂ්ඨතුමා කෑලි ඕන නෑ..."

"නියපොතු වල පාට මැකුණද?"

"ඔව් ජ්‍යේශ්ඨතුමා.."

"අයියේ කියපන් බන්...සාමාන්‍ය කතාවක් යන්නේ.."

"ඔව් අයියේ..."

"ඒවා මකන් එන්න කිව්වේ උඹලා එක්ක තරහට නෙමේ බන්..මේකට එන්නේ සාමාන්‍ය අම්මා තාත්තගේ එව්වෝ.නිකමට හිතපන්..උඹ මේකප් දාලා මාල දාලා මාර පොශ් විදිහට ආවට පස්සේ මේකප් දාන්න තියා දවල්ට කන්නවත් සල්ලි හොයාගන්න අමාරු අම්මා තාත්තගේ එකාට දුක හිතෙනවා නේද? "

"ඔව් අයියේ.."

"අන්න ඒකයි එහෙම එන්න කිව්වේ...නැතුව තරහකට නෙමේ.."
 මලිත් එසේ පවසමින්ම හසිනි දෙස හැරුනේය.

"මම උඹෙන් ෆෝන් නම්බර් එකක් ඉල්ලුවේ මේ ටික කියන්න..මේක උඹලට කිව්වේ නැති නම් හිතයි අපි මහා යක්කු ජාතියක් කියලා" 

"දැන් පලයල්ලා"

එම විදානයත් සමගම යුවතියෝ දෙදෙන ආපසු හැරුනෝය.පියවරක් ඉදිරියට තබද්දීම 

"ඔහොම නැවතියල්ලා.."

යුවතියෝ නැවතුනෝය.අහිංසක මලිත් ගේ කටහඩ වෙනුවට වෙනත් කටහඩක් ආදේශ වී තිබුනි..

"පෙන්නපන් උඹේ අත" 
තාරිකා දෙසට අත දිගු කරමින් මලිත් තර්ජණය කලේය,

තාරිකා බියෙන් අත දිගු කලාය.ඇයගේ අතෙගි තිබූ රෝස පැහැති අත් පලදනාව තම අතින් අල්ලා ගත් මලිත් තාරිකාගේ දෑස දෙස එක එල්ලේ බැලුවාය.උපැස් යුවල නිසා මලිත්ගේ දෑස තාරිකාට එක එල්ලයේ නොපෙනේ..නමුත් උපැස් යුවල පිටුපස ඇති දෑස් කෝපයෙන් දිලිසෙනු ඇතයි ඇයට සිතුනාය.

එක පාරක් නිදහස දුන්නාම තොපි එනවද මේක කෝලම් මඩුවක් කරන්න..ගලවපිය තොගේ අතේ තියන බලු පටිය...

"උඹට හෙන ආතල් ඇති නේ නංගි..උඹලා හෙන පොශ් කෙල්ලෝ නේ.." 
අත් පලදනාව තම අතට ගනිමින් මලිත් පැවසුවේය.

තාරිකාගේ දෑසේ පනින්නට ඔන්න මෙන්න පොරකන කදුලු බිදු දෙකකි.මා කතාව ආරම්භයේත් ඔබය යමක් කියූවෙමි..
සත්තකින්ම යුවතියට මේවා හුරුපුරුදු නැත..

"ඉක්මන්ට යන්න ඕන නේ උඹලට..හිටපල්ලකෝ.."

මලිත් කිහිප වරක් වට පිට බැලුවේය.ඉන් පසු නැවත කතා කරන්නට පටන් ගත්තේය.

"මේ පාරේ ඇවිදගෙන එන හැම කොල්ලා ගාවටම ඔලුව පහත් කරගෙන ගිහින් මම මේ කියන හැම අකුරක්ම අඩු කරන්නේ නැතුව කියපන්.ඇහුනද උඹට?"

"ඇහුනා ජ්‍යේශඨතුමා..."

"ගිහින් පද්ද පද්ද කියපන්..මෙහෙම...."

එසේ කියමින් මලිත් තාරිකාගේ දෑස් දෙස බැලුවේය..යුවතිය හඩන්නට ඉකිබිදිමින් මලිත් දෙස බලා සිටී..

"මම ඔයාට ආදරේයි...මාව බදිනවද?"

ඉන් පසු තත්පර තුන හතරක නිශ්ෂබ්දතාවයකි..

"හරි දැන් මට කියපන්.."

යුවතිය ගොලු වී සිටියි.මලිත් ඇය දෙස කන්නට මෙන් බලා සිටියි..කිසිත් කරන්නට නොහැකි තැන ඇය එම වචන කිහිපය කියන්නට තීරණය කලාය.

"මම ඔයාට ආදරෙයි...මාව බදිනවද?" 
යුවතිය කට පාඩමෙන් මෙන් කියාගෙන ගියාය..

"යකෝ උඹ කවද හරි ආදරේ කරන්නේ පිදුරුතලාගල කන්දටද?..හැගීමෙන් කියපිය"

"මම ඔයාට ආදරෙයි...මාව බදිනවද?.." 

යුවතිය එවර නම් හැගීමෙන් කියුවාය.කොතරම් හැගීමෙන් කියුවාදැයි කිවහොත් මලිත් ඇය දෙස තත්පර පහකට වැඩි කාලයක් නිසලව බලා සිටියේය..
සිතුවිලි දැහැනෙන් මිදුනු ඔහු ඉන් පසු කතා කලේය..

"ආන්න හරි...දැන් ඕක කිය කිය පලයන්...එකෙක්ට හරි කියන්නේ නැතුව ගිහින් තිබුනොත් බලා ගමු.."

යුවතියෝ දෙවන වරටද ආපසු හැරුනෝය..

"ඒයි උඹ කොහේද හැරෙන්නේ...උඹට යන්න කිව්වේ නෑ.."

ඒ තර්ජනය හසිනිටය....

හසිනි සහ මලිත් තනිකරමින් තාරිකා ගියේය.
ඇය පසුකර යන සියලු පිරිමි ලමෝ සිනහසෙමින් යනු පමනක් ඈතට පෙනුනි..

"උඹ අල්ලගන්න තමා ඉදියේ..උඹ ඊයේ ෆෝන් එක හොස්ටල් එකේ දාලා ආවා කිව්වා නේ.."

 හසිනි උඩ ගොස් බිම වැටුනාය..තාරිකාට වඩා යමක් ඇයට සිදුවීමට යන බව ඇයට ඉවෙන් මෙන් වැටහුනාය..

ඇයට සිදුවන්නේ කුමක්ද..මෙම කතාව කියවන ඔබ , මා එය පවසන තෙක් නොයිවසිල්ලෙන් බලා සිටිනවා ඇත..නමුත් සමාවන්න..එය මම සහ හසිනි පමනක් දැන සිටීම ප්‍රමානවත්ය.කතාව කියනවා යැයි ඔබට පොරොන්දු වූවාට කතාවේ හැමදේම ඔබට පවසන බවට මම පොරොන්දු නොවුනෙමි.ඉතින් අද කතාව මම මෙතැනින් නවත්වමි.මේ කතාව ලියන්නේ මමය.ඉතින් මා ලියන්නේ මට වුවමනා කරනා දේවල් පමනි..

-------------------------------------------------------------------------------------

මතකය - 

කැම්පස් පටන් ගන්නේ 18 වෙනිදා උනාට ගෙදර ඉදලාම දැන් ඇති වෙලා.හැමදාම ඒකාකාරීව ජීවිතේ ගෙවන්න බෑ.ඕන දෙයක් කියලා හිතලා මම අදම කැම්පස් යනවා කියලා හිතාගෙන අල්මාරිය ඇරලා අදින්න ඇදුම් තුන හතරක් අරන් නවලා ඇද උඩින් තිබ්බා.ඇදුම් දාන්න බෑග් එක හොයනකොටයි තේරුනේ බෑග් එක මේසේ උඩ නෑ.ම්ට හොදට මතකයි ඊයෙත් බෑග් එක මේසේ උඩ තිබුනා කියලා.අම්මා හෝදන්න දාලද දන්නෑ..

ඉක්මනට ඉක්මනට අම්මා ගාවට දුවලා ගියා.බෑග් එක හේදුවට කමක් නෑ බෑග් එකේ පොඩි pocket එකේ shipper එක අම්ම ඇරලා බැලුවොත්.එහෙම උනොත් විනාසයි.

හිතුවා වගේම බෑග් එක රෙදි වැලේ වේලෙන්න දාලා..
දන්න හැම දෙයියෙක්වම සිහි කර කර ගිහින් බෑග් එක වැලෙන් අර ගත්තා..ඉස්සෙල්ලාම අත ගියේ පොඩි pocket එකට..

හුටා...

හිතුවා වගේම මෙච්චර කල් පරිස්සම් කරපු දේ එතන නෑ..
හිතේ සැකේ යන්න දෙපාරක් තුන් පාරක් බෑග් එක එහාට මෙහාට පෙරලා පෙරලා බැලුවා.

"මොකක්ද හොයන්නේ?  , මේකද?"

පිටිපස්සෙන් ආපු සද්දයක් නිසා මම හැරිලා බැලුවා...

අයියනායක දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ.. රෝස පාට ඇට ඇට තියෙන බ්‍රේස්ලට් එකත් අතේ තියාගෙන අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා..

"ඔය මොකක්ද?.ඕකක් නෙමේ මම හෙව්වේ...මේක ඇතුලේ මම කරපු Assignment එකක් තිබුනා.ඒක දැන් නෑ...අම්මා හෝදද්දී ඒක අයින් කරාද?"

අතේ පැලවෙන කෙබ්බයක් දෙපාරක් හිතන්නේ නැතුවම මම ඇදලා ඇරියා.
 
"ඔය පොඩි පොකට් එකේ කොහොමද Assignment එකක් දාන්නේ.."
හුටා..
එතකොට තමා මටත් ඒක මතක් උනේ..දැන් දීපන්කෝ උත්තර..

 "නෑ නෑ...Assignment එකක කටු සහහන් වගයක්.."

කටුසටනක් නෑ තිබුනේ නෑ.මේන් මේක නම් තිබුනා..."

බ්‍රේස්ලට් එක මගේ ඇස් ඉස්සරහ එහාට මෙහාට වැනෙනවා...දෛවයත් කොලොප්පම් කරන්නේ මටම නේ..

"ඕක ෆැකල්ටියේ කාගේ හරි කෙල්ලෙක්ගේ වෙන්න ඇති.ට්‍රිප් යද්දී බෑග් මාරු කරගන්නව නේ..එතකොට අමතක වෙන්න ඇති."

මුලින් කියපු බොරුත් බොරු වෙන විදිහේ බොරු ටිකක් ඇදලා බාලා වැඩේ හොදටම නෝන්ඩි වේගෙන එනකොට බ්‍රේස්ලට් එකත් අරගෙන මම පැනගත්තා.

බඩු ටිකත් ලෑස්ති කරගෙන එලියට අඩිය තියද්දිම චූටි මල්ලී පන්ති ඇරිලා ගෙදර එනවා..

"කොහේද යන්නේ?"

"මම යන යන තැන තොට කියන්න තෝ ජනාඪිපතිතුමාද?"

"ඔව් ඒ වගේ...කැම්පස් එකට නේ යන්නේ?"

"ඔව් කැම්පස් එකට තමා "

"ඉතින් අයියේ 18 නේ කැම්පස් පටන් ගන්නේ...දැන්ම යන්නේ මොකො? "

"තොට නෑනා කෙනෙක් ගේන්න යන්නේ"

 එහෙම කියාගෙනම මම ඉස්සරහට ගියා...
ඇයි වදේ..අපි යන තැන් දැන් අම්මට , තාත්තට අමතරව මල්ලිලාටත් කියන්න වෙලානේ.

"මේ...ලොකු අයියේ..."

මම හැරිලා චූටි මල්ලි දිහා බැලුවා.. 

"කවුද නෑනා..? හසිනි අක්කද? තාරිකා අක්කද?  " 

"හසිනි අක්කා

මම එහෙම කියන්න හිතලත් කට වහගෙන එතනින් මාරු උනා.කොච්චර කරත් චූටි මල්ලිට නෝන්ඩි වෙන්න බෑ නේ..ඕක තමා කියන්නේ බ්ලොග් එකක කතාවක් ලිව්වත් ඒක මල්ලිලට අහු වෙන්න ලියන්න එපා කියලා..

කොච්චියෙන්ම කොළඹට ගිහිල්ලා වෙනදා වගේම බදුල්ලේ කෝච්චියේ එල්ලුනා..බදුල්ල කෝච්චිය කියන්නේ මතක ගොඩක්.ඔව්..මේක තමයි ඒ කොච්චි පෙට්ටිය..

Welcome එක , එහෙමත් නැත්නම් Social එක ජූනියර් බැජ් එකට දීලා හරියටම සතියකට විතර පස්සේ , ඒ කියන්නේ එයා මට ආදරෙයි කියලා සතියකට පස්සේ දවසක් වෙනකල් මගේ මතකය දුවලා ගියා..

"
මේක මතකද? "
සාක්කුවේ තිබුන බ්‍රේස්ලට් එක අතින් අරගෙන මම ඉශාරගෙන් ඇහුවා..

එයාගේ තිබුනේ හිස් බැල්මක්..ඒ බැල්ම දිහා එක එල්ලේ බැලුව නම් මට තේරුම් ගන්න තිබුනා එයා මට කරන්නේ ආදරයක් නෙමේ කියලා..ඒත් ඒ ඇස් දිහා බලන්න තරම් හයියක් මට තිබුනේ නෑ.ඇස් දිහා බැලුවහම මතක් උනේ සජිනිව..ඉතින් මම බ්‍රේස්ලට් එක දිහාම බලාගෙන ඉදියා..
"මතකයි අයියේ.."

"දැන් ඉතින් මේක මගේ ලග තියාගෙන ඉදලා වැඩක් නෑ නේ..ඕන්න දැන් ඒක නියම අයිතිකාරි ලගටම ගියදෙන්..කෝ දෙන්න අත...ගලව ගත්තේ මම නේ..මමම ඒක දාන්නම්.."

එහෙම කියලා බ්‍රේස්ලට් එකත් එක්ක මම එයාගේ අත දිහාවට මගේ අත දික් කරා..

"නෑ අයියේ..."

අත පැත්තකට අරගෙන එයා කතා කරන්න ගත්තා..ඒක පැත්තකට ගත්තා නෙමේ මගේ අත ගසලා දැම්මා කියලා එදා මට තේරුම් ගන්න බැරි උනා...ඇත්තටම ආදරේ කරද්දී මොන පිරිමිය උනත් සෑහෙන්න බොලද වෙනවලු..ඒ කතාව නම් සහතික ඇත්ත..

"අයියා ඕක තියාගන්න..මාව මතක් වෙන්න හැමදාම ඕක තියාගන්න"

"අනේ පිස්සී...මට ඔයාව අමුතුවෙන් මතක් වෙන්නේ නෑ...මතක් වෙන්නේ අමතක වෙච්ච කෙනෙක්වනේ..ඔයා එක මොහොතක් වත් මට අමතක වෙන්නේ නෑ..ඉතින් ඒක නිසා අමුතුවෙන් ඔයාව මතක් කරන්න ඕන නෑ.."

මම හෙන රොමෑන්ටික් ටෝකක් දුන්නා..

"කමක් නෑ අයියා ඕක තියාගන්න..මම වෙන එකක් ගන්නම්.."

"ආ...නියමයි අදහස...මම මේක තියාගන්නම්...ඊට පස්සේ ඔයාට අලුත් එකක් අරන් දෙන්නම්..එතකොට හරි නේ වැඩේ..."

"හ්ම්ම්ම්ම්..හරි.." 
එයා එච්චරමයි ඒ ගැන කිව්වේ...

කෝච්ච්චිය ගැස්සෙද්දී ආයේමත් මම පියවි ලෝකෙට ආවා.නුවර යන්න තව පැය දෙකක් විතර යනවා..බෑග් එක ඇරලා laptop එක අරගෙන අද කතාවේ මතකය කියන කොටස ලිව්වා..පැය දෙක ඇතුලතම ඒ කොටස ලිව්වා.ඔයාලා බලනවා ඇති මේ පොඩි කොටස ලියන්න පැය දෙකක් යන්නේ කොහොමද කියලා.

ඒත් මේ පොඩි කොටස මට මතක කන්දක්...මේ ලියපු හැම වචනයකම තියෙන්නේ ඒ මතකය..

ගෙදර ඉදිය නම් එක පාරක් අඩලා විනාඩි ගානකින් ලියලා දාන්න තිබුනා..ඒත් මේක කොච්චිය..ඒකෙත් තුන් වෙනි පන්තිය.මගේ ඉස්සරහා ශීට් එකේ තව තුන් දෙකෙන් මූනට මූන බලන් ඉන්නවා..මම කතාව ලියන්නත් ඕන..හැගීම් හංග ගන්නත් ඕන..මේක මහා ගින්දරක්... 

106 comments:

  1. තෝ ගන්දබ්බයා වලේ කෙල්ලංට නොපෙනෙන්න ගෑනුංගේ කාමර වලට රිංගනවා නේ...
    නෙද්දකිං අවලමා.....
    ඊලග කෑල්ල ඉක්මන්ට දාපිය ඈ මැරුං නොකා...

    ReplyDelete
    Replies
    1. සික් විතරක් සිත පිනා යන කමෙන්ට් එකක් මුලින්ම බලන්න ආවා මදැයි.. :/

      Delete
  2. Ikmanta kathava ivara kranna epa... Thava godak kal liyannako.

    ReplyDelete
    Replies
    1. මේක මෙගාවක් නෙමෙයි එතකොට ගිගාවක් වෙනවනෙ :)

      Delete
  3. Ikmanta kathava ivara kranna epa... Thava godak kal liyannako.

    ReplyDelete
    Replies
    1. මොකො මේ එකම ගොඩක්

      Delete
  4. Ikmanta kathava ivara kranna epa... Thava godak kal liyannako.

    ReplyDelete
  5. me cn eka nam marai raththo. Eth kellekwa campus ewandath bayai bun me wena cn wala hatiyata..........

    On balahan SB kaaraya lagadima ganu pirimi wen karanawa campus wala ara iskolawala wage. Utath pissune....

    ReplyDelete
    Replies
    1. කියන තරම් යකා කළු නෑ.. :)

      Delete

  6. Man oyata adarei... mawa badinawada? :)

    ReplyDelete
    Replies
    1. මං සෙලීට වචනයක් දීලා ඉවරයි :පී

      Delete
  7. නියමයි කියලා විතරක් කියන්නංකො අද.. හුඟ කාලෙකින් අයියා මල්ලිට ආදරෙන් අමතනවා දැක්කෙ.. :-)

    කවුද බන් සජිනියි, ඉශාරයි කියන්නෙ.. උඹ දැන් රට පටලෝලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. සජිනි කියන්නෙ සජිනිටටට ඉශාරා කියන්නෙ ඉශාරටටට :පී

      Delete
  8. කෝච්චියේ යනකොට, ඉස්සරහා නොදන්න කෙනෙක් වාඩි වෙලා ඉන්නකොට, අතීත මතක මතක් වෙලා, හැඟීම්බර වෙලා ඇඬෙන්න එන එක නවත්තගන්න තියෙන අමාරුව කියන්නේ ඒක විඳපු එකෙක්ටම තේරුම්ගන්න පුළුවන් එකක්..

    ReplyDelete
    Replies
    1. හිරු අක්කට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ නෑ වගේ.. :)

      Delete
  9. දවස් 4ක්ම හොරෙන් කියවල් ගියා.... තවත් එහෙම කරන අසාධාරණයි බං....

    මේ ලියවිල්ල අමුතුයි..... පට්ටම සිරා.... කොපිකරල මෙහෙම කථාවක් ලියන්න හිතෙන තරමට සිරා උබේ ශෛලිය.... භය වෙන්න එපා... උබේ වාසනාවට මට කථා ලියන්න බෑ

    ReplyDelete
  10. //උඹ අල්ලගන්න තමා ඉදියේ....//
    රත්තෝ! මේ උඹම තමයි! තෝ තමයි මෙහෙම කුජිත විදිහට කතා කරන්නේ!
    මේක වෙන්ඩ මචං තව මාස 3ක් වත් බලං ඉන්ඩ වෙයිවගේ නේ..මොකෝ තාම අලුත් නැව ආවේ නෑනේ!

    ReplyDelete
    Replies
    1. ගාල්ල පැත්තෙ හැම කෙනාම කතා කරන්නෙ මෙහෙමයි :පී

      Delete
  11. "දැන් බලපන්..මුලින් ඔය අතේ බදින මල ඉලව්ව..පස්සේ සෙන්ට් බෝතල්..පස්සේ ඇදුම්...දවල් කෑම..කෙල්ලෙක් එක්ක යාලු උනාම ඔය දේවල් වලට බජට් එක වෙන් කරන්න වෙනවා.රුපියල් විසි පහේ කෑම එක කාලා ඉන්න අපිට මොන බ්‍රේස්ලට් ද බන්"

    සිරාම සීන් එක..

    ReplyDelete
    Replies
    1. ඔයා කන්නෙත් රු:25 බත් එකද? හෑ..පාර්ලිමේන්තුවෙය වැඩ :ඩී

      Delete
  12. අඩේ.........ඊළග කෑල්ල තවත් රසවත්... :D

    ReplyDelete
  13. mmmmmmmm.................. Apple puff wage...
    ee langa keella...........thawath rasawath.

    ReplyDelete
  14. තාම එක කොටසයි බලන්න ලැබුනේ.. ඉතිරි ටිකත් ඉක්මනට බලන්න ඕන..ජය වේ!

    ReplyDelete
  15. දිගටම කියවනවා. ලියපියවු.

    ReplyDelete
    Replies
    1. පිකටින් එකක්ය.. :පී ලියන්නම් කියවන්න වරෙව් :ඩි

      Delete
  16. අනේ මන්දා බන් ඇත්තට දැන් උඹ කැමති හසිනිටද තාරිකාට ද?එතකොට එදා එක්කන් ආවේ කව්ද?

    ReplyDelete
    Replies
    1. මං කැමති සෙලීනට :ඩී

      Delete
  17. අඩො පාරෙ සිම් විකුන්න හිතන් උන්නු මටත් කැම්පස් යන්ට අයිඩියාවක් ආවනේ...

    ReplyDelete
  18. kuppayata adenawalu paw appa

    ReplyDelete
    Replies
    1. ඇයි අඬන්න තහනම්ද?

      Delete
  19. කතාව ලියන Style එකනම් එලම තමා! Thumbs up!

    ReplyDelete
  20. දැන් තේරෙනවා වැඩේ...රත්තා මනෝ ලෝකෙක ඉඳගෙන උගේ චරිතෙන් කතාවක් නිර්මාණය කරනවා.....එල.

    ReplyDelete
    Replies
    1. මගේ චරිතෙන්.. :ඩී පිස්සුය..මං හෙන ජනප්‍රියයිනෙ..මේ තියෙන එව්වා කරන්න බෑ හොරාට...

      Delete
  21. මල්ලි හසිනිව දැන්නම් හරියට තේරුම් අරන් මේ ලෝකේ ඉන්න ගොඩක් කට කාර එයාල වගේ අයව පිරිමි ළමයින්ට තේරෙන්නේ නේ හසිනි වගේ අය ජීවිත ගොඩක් ලස්සන කරන අය බාහිර ඔපෙ නැතුවට.......හසිනි එක්ක හන්තාන සීතල සුළග විදින කොටසක් අරන් ඉක්මනටම එන්නෝ හොදේ .....එඉ පොට්ටයා මන් අනු අක්කා.......

    ReplyDelete
    Replies
    1. අක්කා හසිනිට මෙච්චර කැමති මොකද? :ඩී

      Delete
  22. අනික් කෑල්ල ලියපාන් මචන් ඉක්මනට !

    ReplyDelete
    Replies
    1. තව දවස් දෙක තුනකින් :)

      Delete
  23. ආයෙ රත්ගමයා... කුජීත කතාවක් දාලා උයේ

    ReplyDelete
    Replies
    1. දැනුයි ඇහැරිලා තියෙන්නෙ එක්කෙනෙක්... :පී

      Delete
  24. හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com

    ReplyDelete
    Replies
    1. ටැන්කු.. :) වෙලාවක් ලැබුනු ගමන්ම අනිවාර්යයෙන්.:)

      Delete
  25. අඩේ රත්තො උඹ කාටවත් පේන්නෙ නැතුව ඔය කාමරවලට රිංගන්නෙ කොහොමද කියල කියහංකො.

    පේරාදෙනියෙ කැම්පස් එකේ ඉර බහිනව බලන්න ඊගාව ආත්මෙ තමයි විබාගෙ ලියල එන්න වෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. හැකියාව හැකියාව :ඩී

      Delete
  26. එළම එළ රත්තා මල්ලි....

    ReplyDelete
  27. ඇත්තටම රත්තො ලස්සන අතීතයක්.... දුක හිතෙන මතකයක්... ඒක හැමෝටම උරුම උන දෙයක්.... ආදරේ කරද්දි සමහර වෙලාවට පොඩ්ඩක් දුක හිතෙනව... සමහර වෙලාවට ගොඩක් දුක හිතෙනව... ආදරේ ඔහොම තමයි රත්තෝ... මමත් දැනට අවුරුදු 5කට විතර ඉස්සෙල්ල ගොඩාක් ජීවිතය විදවපු කොල්ලෙක්... ඒත් දැන් මම ජීවිතය විදිනව.... අන්න ජීවිතේ හැටි.... මගේ ජීවිතේ සුන්දරයි පැත්තෙත් ඇවිල්ල ගියොත් නර්කෙයි..... මම ගහන්නෙ නෑ...

    http://jeevithayasundharai.blogspot.com

    ReplyDelete
    Replies
    1. :) පොදු වේදනාවක්
      වෙලාවක් ලැබුනු ගමන් එන්නම් :)

      Delete
  28. ඉරිසියාව උපදී මට දැන් උබේ ඔය ලිවිල්ල ගැන ඉරිසියයි බන්.
    මොනා උනත් එල තොට විතරෛ ඔහොම විකාර සුපිරියට ලියන්නේ.
    මේ සිරාවට උබ ගෑණු හොස්ටල් වලට රින්ගලා තියනවා ද කොහේදෝ ඔචරම ඒ ගැන දන්නේ ලියන්නේ

    ReplyDelete
    Replies
    1. අහෝ මේ බෝ පැලයක් වගේ ඉන්න මට මඩ ගහනවනෙ :ඩී

      Delete
  29. ඉක්මනට දාපං අනිත් එකත්.. මොනා උනත් අන්තිමේ දුන්න පනිශ්මන්ට් එක මරු ඈ.. උඹට කෙල්ලො කීයක් විතර ආදරෙයි කියලා තියෙනවද බං..

    ReplyDelete
    Replies
    1. හික්ස්..ගැනලා කියන්නම්.. :ඩී

      Delete
  30. කතාව ලස්සනයි, උඹලගෙ කැම්පස් එකත් සිරාවටම ලස්සනයි... ඒත් "ජ්‍යේෂ්ඨ කණිෂ්ඨ" දෙබස් දකිද්දි හිතෙනවා මොරටුවට ගියේ වාසනාවට කියල... කෙල්ලොන්ට ඔහොම නම් කොල්ලොන්ට මොනව කියනව ඇද්ද? පේරා ආවනම්, ගොඩක් වෙලාවට මං ඔය උත්තමයන්ගෙන් ගුටි කාල (හැබැයි එකෙක්ට හරි නිල් වෙන්න ගහල) කැම්පස් යන එක නවත්තලා... :D

    ReplyDelete
    Replies
    1. ඒවා ඒ කාලෙට විතරයි.. :)

      Delete
  31. ගුටි කන්නේ නැතුව හෂිනිට මොකද කලේ කියලත් දාපන් .

    ReplyDelete
    Replies
    1. ඒක මං විතරක් දැන ගත්තම ඇති :පී

      Delete
  32. අඩේ මේකත් "මංචි ඇපල් පෆ්" වගේනෙ :ඩී

    ReplyDelete
  33. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ට ඉතිං රජා භාණ්ඩාගාරික තනතුරවත් දෙන එකක්යැ....

      Delete
  34. අපි හසිනි එක්ක නාලු වෙමු සුදූ........ එතකොට සේලම හලියයි....

    ReplyDelete
    Replies
    1. කහ පාට මට ඔයා සුදූ කිව්ව හන්දම මං ඒක කරනවා... :ඩී

      Delete
  35. මලිත්ට මම පොඩ්ඩක්වත් කැමති නෑ. මහ ජරා මනුස්සයෙක් වගේ හැඟීමක් එනවා. girl කැමති නොවෙනව නම් තමයි හොඳ එයාට. මොකද එයා බය කරල බලෙන් කැමති කරගන්න හදන කෙනෙක් වගේ. අනික කතා කරන්න දන්නෙ නෑ.

    අර උඩ තව කෙනෙක් කියල තිබ්බ වගේ මේක මගේ මොරටු මානසිකත්වෙ වෙන්න පුලුවන්. හැබැයි මම උනා නම් ඔහොම ඉවසගෙන ඉන්නෙවත් කියන දේ කරන්නෙවත් නෑ.

    ReplyDelete
  36. පට්ට පට පට...ඔහොම යන්...

    ReplyDelete
  37. හන්තාන කන්ද පැත්තෙන් ඉර බැස්සේ කවදාද?
    කැම්පස් එකේ කෙල්ලෝ එලවලු ගන්න නුවර ගියේ කවදාද පෙරාදෙනිනම් යනවා....
    ඕනාවට වඩා බොරු ලියන්න එපා බං... :P හොදටනේ කියන්නෙ

    ReplyDelete
    Replies
    1. හිටපන් උෙඹ් අළුත් ෙඩාංගලත් නැති කරනවා මං

      Delete
  38. මේ කතාව ඔයා සම්පූර්ණයෙන් ලියල ඉවර කරන්න. ඊට පස්සෙ ඔක්කොම එකපාරට කියවන්නම්.. නැත්නම් ඊලඟ කොටස එනකන් බලාගෙන ඉන්නෙ කොහොමද මෙහෙම....

    ReplyDelete
  39. anikath ikmanin liyapan.
    Hashinita krpu de kypan,nathnam uba aye pera enna nemei, hariya? ?

    (malsara)

    ReplyDelete
    Replies
    1. පල පල ඩෝ...ඒවා එහෙම කියන්නේ නෑ...

      Delete
  40. //උඹ අල්ලගන්න තමා ඉදියේ....//
    මාත් මේක ගැන කියන්ඩමයි ඉදියේ... හූ
    ඒත් නාඩියා ඒක කියලනෙ.. ඒක කැතයි අප්පා.. මෙහෙම කියන්ඩ //උඹ අල්ලගන්න තමා හිටියේ....// හරිද?

    ReplyDelete
  41. කතාවේ මේ කොටසට නම් මන් කැමතියි :)

    ReplyDelete
    Replies
    1. අනේ...ඇත්තෙයි...ඔයාට කැමති වෙන්න තමා ලිව්වේ

      Delete
  42. හිතුවක්කාරි(හිතූ)15 February 2013 at 14:48

    අඩොව්.., උඹ 5වෙනි කොටසත් දාලානෙ. මට තව ඩිංගෙන් මිස් වෙනවා... :/ :/ සිරාවට නියමෙට කතාව යනවා ....

    කෙල්ලොන්ගෙ කාමර වලට එබෙන එකනම් චාටර් හොදේ,, හිටුකො සෙලීනාට කියන්නම්..

    ReplyDelete
    Replies
    1. ආ...මේන් වැඩක්...සෙලීනා දන්නෝ මගේ ගැන..මම එයාට කියලා තමා කමාරේට ගියේ..

      Delete
  43. සින්ඩි15 February 2013 at 15:14

    ලියන විදිහ තමයි ඔක්කොටම වඩා හොද...රත්ගමයා තමන්ගේම කතාව ඉමැජිනේෂන් එක්ක මික්ස් කරලා නේද මෙච්චර ලස්සනට ලියන්නේ? කොම හරි ලියන වදිහ සුපිරි..අහ මෙහ් පික්ච එකට සෙලීනා වා දැම්මා නම් තව හොදයි වගේ :p

    ReplyDelete
    Replies
    1. සෙලීනා දාන්න බෑ...ඒපාර ඇමරිකාවේ අයත් කියවන්න ආවොත් කතාව...

      Delete
  44. අපි කතාවට කිඳා බැහැලා බලාගෙන ඉන්නකොට, උඹ පාඨකයා කියල අපිව එලියට ඇදලා දාන හැටිනම් හරි නෑ කොලුවෝ. ඔහොම වැඩක් අර හඳගමගේ ටෙලියක තිබුණා. මම යාලුවෙක්ගෙ ගෙදර හිටියේ. එයාගේ නංගි නාට්‍ය හා රංග කලාව කරන කෙනෙක්. එයා කිව්වා කතාවට සමවැදිලා ඉන්න ප්‍රේක්ෂකයාව එතනින් මුදවන්නයි එහෙම කරන්නේ කියලා. මට සැක උඹත් ඔන්න ඔය ශිල්පෙ හදාරන කෙනෙක්ද කියලා. D.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක එදිරියගේ ස්ටයිල් එක..

      Delete
  45. දන්නවද අයියේ, මේ ටිකේම මං කෙරුවෙ ඔයාගෙ බ්ලොග් එකේ පොස්ට් කියවපු එක..ඇත්තටම මං කියවපු බ්ලොග් අතරින් හොදම බ්ලොග් 3න් මේකත් එකක්..අනිත් දෙක තමයි "පොඩි මෑන්" , සහ "නවම් මාවත"..ජීවිතේට හොද ආදර්ශ ගන්න පුලුවන් හොදම බ්ලොග් තමයි මේ..
    ඔයා ලියන විදිහට මං හරි ආසයි, ඔයා ලියල තියෙන ආදර කතා, විරහ කතා කියවද්දි ඒව මගෙ කතාවද කියල හිතුන..
    ගොඩක් දෙවල් කියන්න ඕන නැහැ නෙ, මෙ බ්ලොග් එක නම් ඉතාමත් විශිශ්ටයි..කියවන්න ඕන තරම් පොස්ට් තියෙනව..මං තාම බාගයක් විතර තමයි කියෙවුවෙත්..
    ලියල තියෙන විදිහට ඔයාගෙ හැඩරුව හිතාගන්න පුලුවන්, එත් අපිට බලාගන්නත් එක්ක ඔයගෙ පොටෝ කෑල්ලක් මේකට දාන්නකො..
    ඉතින් දිගටම මේ විදිහට ලියන් යන්න ලැබෙන්න කියල පතනව..ආදර කතාවෙ ඉතුරු ටිකත් ඉක්මනට දාන්න..
    ආ.. කියන්න අමතක උනානෙ , මේ මගෙ පලවෙනි comment එක..ඔක්කොම කියවල එක comment එකක් දානව කියල හිතුන නිසයි එකින් එකට comment නොකරෙ.
    කියන්න නම් ගොඩක් දෙවල් තියෙනව, ටික ටික කියන්නම්කො..:D

    ඉතින් ඔබට ජය රත්ගමයානෙනි..(ඇත්ත නම "සහන්" ද?? )


    අපි "රේල් පාර" railpaara.blogspot.com

    බලන්න ආවට වැඩක් නෑ, තවම ලියන්න පටාන් අරන් නෑ..හිහී..මේ ටිකේ විරහව විදිනව තනියම..:'(

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි...හෙන දිග කමෙන්ට් එකක් නේ ඕයි!!

      Delete
    2. හිහී..ඒකනම් එහෙම තමයි..හිතුන ඔක්කොම ලිව්ව...ආදරේ පුදුම දුකක් නේද??

      Delete
  46. Kalin kiyavpu kotas dan amthkath vegena enva.6 veni kotasa liyanna adahasak nadda ah???

    ReplyDelete
  47. malayo mata xam 1 asseth padam karanakota mathak wenawa oyage kathawe elanga kotasa dalada danne nea kiyala...he he sooo next kotasath ekmanata danna..me eththata umbata kello keeyak hitiyada kiyala hariyatama ganan karala ealaga mathaka kotase dapan onde.....

    ReplyDelete
    Replies
    1. හුටා...මේක නම් ලෙඩක්

      Delete
    2. ane pala pala mata ethi ledak ne..pottaya...

      Delete
  48. Ilaga kalla kawada daanne??? Ela writtin!!!!

    ReplyDelete
  49. category 1t ekka ube boge time line 1kut tinawa nm watinawa gamayo

    ReplyDelete
  50. ලංකාවේ සියලුම රුපවාහිනී නාලිකා අන්තර් ජාලය ඔස්සේ නැරබීමට හොදම තැනක් - http://tv.athalaga.com/

    ReplyDelete
  51. Athatama aiye me kathawa nam supra..... style eka tama supirima...
    habai aiye pana dennam kiwath wiswasa karanna bari jatiyak tama kello kiyanne

    ReplyDelete
  52. Mamath lankawema campus ekakin igana gaththu kenek. Namuth mei tika kiyannama ona. Meka dakina aya noyek dewal kiyai. Namuth mata awankawama kiyanna puluwan kawru kalath, kohoma kalath RAG eka kiyanne thamange maanasika asahanaya penwana deyak, eitath wada pahadili kaloth eika manussayekuta nogalapena pawkara kamak.

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)