Wednesday, 6 February 2013

එයා තාම චූටි කෙල්ලෙක්(හතරවන කොටස) -" එයාට උදේම Lecture එකක් ජ්‍යෙෂ්ඨතුමා.."




රාමනාදන් ශාලාවේ කාමර අංක 3342 ඉදිරිපිට ගැහැණු ලමෝ දෙදෙනෙක් බර කතාවකය.ගැහැණු ලමෝ දෙදෙනෙක් යැයි කියූ පමණින් ඔබ ඔවුන්ව හසිනි සහ තාරිකා යැයි නම් කරනු ඇත.මේ කතාව දැන් මටත් වඩා ඔබට සමීප වී හමාරය.සතියක් කතාව පමා කලහොත් මටත් වඩා තැවෙන පිරිසක් සිටියි..දිනපතා මේ කතාව ලිවිය නොහැක..මෙය ගොත ගොතා ලියන කතාවක් නම් ඕනෑම වෙලාවක අවසන් කල හැකිය.නමුත් අවාසනාවකට මෙය වර්ථමානයේදී ද සිදුවෙමින් පවතින කතාවකි...

මා පෙර කියූ ගැහැණු ලමෝ දෙදෙනාගේ දෙබස් වලින්ම අපි අද කතාව ආරම්භ කරමු.කොට කලිසමක් හා එයටම සරිලන සැහැල්ලු කමිසයකින් එකියක් සැරසී සිටියාය.කොණ්ඩය කරල් දෙකකට ගොතා තිබේ.අතරින් පතර රෑනෙන් මිදුනු කොණ්ඩා ගස් කිහිපයක් යුවතියගේ නළල මත වැටී ඇත.මුහුනේ පණ්ඩිත සිනහවකි. මා මීට පෙර මෙසේ වර්ණනා කලේ තාරිකා ගැන පමණි . මොකක්දෝ හේතුවකට දැන් දැන් හසිනි ගැනද වර්ණනා කිරීමට සිදුවී ඇත.

"ඒ කියන්නේ ඌ උඹේ ඇඟිලි දිහා කලින්ම ඉඳන් බලන් ඉඳලා?" 
කොණ්ඩ කරලක් කරකවමින්ම හසිනි ඇසුවාය.

"හ්ම්ම්ම්.වෙන්න ඇති.." 
 පිලිතුර තාරිකාගෙනි..

"වෙන්න ඇති නෙමේ බං...ඒක තමා වෙලා තියෙන්නේ..නැතිනම් අනිත් හැම එකාම දකින්න එපැයි උඹ බ්ලේඩ් එකෙන් නියපොතු හීරුවා කියලා..ඔක්කොමත් හරි..නිර්මාල් දැකපු නැති එක තමා පුදුමේ"

  ඒ අවසාන වචන කිහිපය ඇය කියූවේ අමුතුම තාලයකටය.ඇය එයින් අදහස් කලේ කුමක්දැයි මම තවම නොදනිමි.මායම් හැට හතරින් දහයක් වත් තේරුම් ගැනීමට නොහැකිව හසිනි ගැන හැදෑරීම මෝඩ කමකි.

  පුටුවක් පැත්තකට අදිමින් ඒ මත වාඩි වූ හසිනි තාරිකා දෙස බලා උන්නාය.ඇයගෙන් ප්‍රතිචාරයක් නැත..

"බලමු බලමු...ඉස්සරහට මොකද වෙන්නේ කියලා...අපිත් මේකේ ඉන්නවනේ තාරියෝ..."
 නිෂ්ශබ්දතාවයට හසිනිම පිලිතුරු සැපයුවාය.

කාට කාටත් වුවමනා කර ඇත්තේ තාරිකා සහ නිර්මාල් ජෝඩු කිරීමට මිස තාරිකා සහ මලිත් ජෝඩු කිරීමට නොවන බව හොඳටම පැහැදිලිය.සමහර විට සිදුවිය යුත්තේද එයයි.සැබෑ ජීවිතයේදී සිදුවන්නේද එයයි..ඔබත් කටකාර රස්තියාදුකාර ඉලංදාරියෙකු නම් ඔබ තවමත් තනිකඩව සිටීමට හේතුවද එයයි..ඔබගේ , අහිංසක ,වැදගත් මිතුරන් යුවතියන් දෙතුන් දෙනා සමග මුකුලුවද්දී ඔබ ඒ දෙස බලමින් හූල්ලමින් සිටීමට හේතුවද එයයි.අපි මේ කතා කරන්නේ සුරංගනා කතාවක් නොවන බව මම නැවතත් ඔබට කියමි.මේ කතාව තවමත් සිදුවෙමින් පවතී.ඉදිරියටත් සිදුවෙමින් පවතිනු ඇත. 

තාරිකාලා සහ හසිනිලා නිර්මාල් ගැන වදවෙද්දී රාමනාදන් ශාලාවට කිලෝමීටරයක් පමණ ඈතින් ඇති අක්බාර් පාලමේ බැම්ම උඩට වී ජ්‍යෙෂ්ඨ සිසුවෙක්ද කවුදෝ ගැන සිතමින් සිටියේය.ඔහුගේ තනි රැකීමට දෝ තවත් සිසුවෙක් ඔහුට ඉදිරි පසින් අක්බාර් පාලමේ බැම්ම මත වාඩි වී සිටියේය..

"මම කරපු වැඩේ ගැන මට හෙනම අවුල් බන්" 
පාලමේ බැම්ම තම නියපොතු අගින් සූරමින් මලිත් පැවසුවේය.

 "මොන වැඩේද?"

"අර කෙල්ලට නියපොතු වල පාට මකාගෙන එන්න කිව්ව එක"

 "ඉතින් උඹ ඒකිට සිය දිවි නසා ගන්න කිව්වේ නෑ නේ"

 "ඒ උනාට ඒකි නියපොතු ටික හූරගෙන එයි කියලා කවුද හිතුවේ.ඇඟිල්ලක් එහෙම කැපිලා ගියා නම් කෙලින්ම පොලීසි තමයි"

"උඹට බය පොලීසි යන්න වෙන එක ගැනද නැති නම් ඒ කෙල්ල නියපොතු හූරන් ආපු එකද? ...මචන් මලිත්...ඒ සජිනි නෙමෙයි බන්..දැන් වත් හීනෙන් නැගිටපන්..."

"ඒත් ඒ කෙල්ල සජිනි වගේමයි නිසල්..ඒ ගැන මට කියන්න තේරෙන්නේ නෑ.."

"ඕකෙන් නිදහස් වෙන්න මම උඹට වැඩක් කියන්නම්."

"මොකක්ද?"

"එක්කෝ උඹ අක්බාර් පාලමෙන් බිමට පැනපන් නැතිනම් ඔය පර්ස් එකේ තියෙන සජිනිගේ ෆොටෝ එක කෑලි වලට ඉරලා පාලමෙන් බිමට විසි කරපන්..."

නිසල්ගේ එම වදන ඔවුන් අතර වූ දෙබස අවසාන කිරීමට හේතු විය.

සඳ එලියවත් නැති නිසා මලිත්ගේ මුහුනේ හැඟීම් මොනවාදෝයි බලා ගැනීමට අපට නොහැකිය.ඔහු මොනවා සිතුවාදැයි ද අපි නොදනිමු.නමුත් විශ්වාස කරන්න...ඒ සිතුවිලි සහ හැඟීම් නොබලනා තරමට මේ කතාව සතුටු සිතින් අවසන් කල හැකිය..

මුහුණේ හැඟීම් කියවන්නට උත්සාහ කරනා අතර තුර තරුණයා මොකක්දෝ තීරණයක් ගත්තේය.


වෙනදාටත් වඩා උදෑසනින් රාමනාදන් ශාලාවේ 3342 කාමරයේ විදුලි බුබුලු දැල්වී තිබුනි.හසිනි අවදි වන විටත් තාරිකා ඇඳුම මදිමින් සිටියාය.

"මොකෝ මේ උදේ පාන්දරම කවදවත් නැතුව" 
දෑස අපහසුවෙන් විවෘත කරමින් නිදිගැට කඩමින් තාරිකා ඇසුවාය..

පිලිතුරු ලෙස මද සිනහවකි..

පොරවාගෙන සිටි ඇඳ රෙද්ද ගුලිකර දමා කඩි මුඩියේ නැගිට ගත් හසිනි , කාල සටහන සහිත කොලය පරීක්ෂා කර බැලුවාය..ඇයගේ මුහුණට සිනහවක් නැගුනි.

"ආ...ඒකයි මේ හොරේ...උදේම ලෙක්චර් එකට නිර්මාලුත් එනවා නේ..මම ඒත් බැලුවා උඹට අද මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා.."

 "අනේ පලයන් යන්න...එහෙම එකක් නිසා නෙමේ.." 
තාරිකා එසේ පිලිතුරු දුන්නද ඇයගේ හඬේ වරදක් කර අහු වූවෙකුගේ හඬෙහි පවතින ස්වරයක් තිබුනි.

විනාඩි කිහිපයකින් කඩි මුඩියේ හැඳගත් තාරිකා කණ්නාඩි මේසය ඉදිරිපිටට ගොස් දෙවරක් පමණ හැඩ බැලුවාය.වටයක් කැරකුනාය..

"ලස්සනයි ලස්සනයි..ඉක්මණට පලයන්..අරූ බලන් ඇති...මල කෝලම්.."
 ඒ දෙස බලා සිටි හසිනි විහිළුවෙන් කීවාය..

"ඇයි? උඹ එන්නේ නැද්ද? "

"මේ ශෝට් එක ඇඳගෙන දත් මදින්නෙත් නැතුව එන්න කියලද උඹ කියන්නේ..හොඳට තියෙයි අර පොට්ටයට අහු වුනොත් එහෙම"

"හා හා...එන වෙලාවක වරෙන්..මම යනවා.."
 කාමරයේ දොර වසා දමමින්ම තාරිකා පැවසූවාය.

තාරිකා පසු පස යන්නද , නැති නම් කාමරයේ නැවතී සිටි හසිනි මොනවා කරයිදැයි ඔබට පවසන්න දැ‍යි මට සිතාගත නොහැකිය.අවසානයේ ඔබගේ කැමැත්තට ඉඩ දී කාමරයේ නැවතී සිටීමට මම තීරණය කලෙමි. 

තාරිකා කරනා හැමදේම ඔබට පැවසුවද හසිනි කරනා හැම දේම ඔබට පැවසීමට මට ලෝබය.එමනිසා ඔබව කාමරයේ දොරටත් එලියෙන් තබා මම පමණක් කාමරයේ රැඳී සිටිමි.ඇය නැවත එලියට පැමිණි වහා අපි කතාව ආරම්භ කරමු.

 පැය බාගයකට පමණ පසු යුවතිය එලියට පැමිණියාය.දම් පාට උඩු කය ඇඳුමකිනුත් සුදු පැහැ සායකිනුත් ඇය සැරසී සිටියාය.සායේ පැහැයට වඩා ඇයගේ සමෙහි පැහැය සුදු යැයි විටෙක සිතේ..

එන්න...අපි ඇය පසු පසින් යමු.යුවතිය කිසිම කරදරයක් නොමැතිව පාරේ අයිනෙන් හෙමිහිට අඩි තියමින් ඇවිද ගියාය.පෙර තිබූ විසේකාර පණ්ඩිත බව බිඳක් වත් ඇයගෙන් දිස් නොවේ.මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර එලිමහන් රංග පීඨය පසු කර අඩි දෙක තුනක් වත් ඇයට ඇවිද යෑමට හැකියාව ලැබුනේ නැත..

"ඒයි...පොඩ්ඩක් හිටපන්"

විධානය ගණනකට වත් නොගෙන ඇය ඇවිද ගියාය.දැන් නම් ඇයගේ පණ්ඩිත කම මැනවින් පෙනේ..

"ඕයි...කියන එක ඇහෙන්නේ නැද්ද...ඔහොම නැවතියන්"

කරන්නට කිසිම දෙයක් නැති තැන ඇය පිටිපස හැරී බැලුවාය.කතා කරන්නේ කවුදැයි ඇය හොඳාකාරවම දනී.කාමරයෙන් එලියට බහිද්දී හූනෙක් වත් කෑගැසුවාදැයි ඇය සිහිපත් කලාය.

"උඹේ කන් බීරිද" 
 මලිත් ඇය වෙත ලඟා වෙමින් ඇසුවේය.

නැත කියන්නට මෙන් හසිනි හිස සැලුවාය.

"කෝ උඹේ යාලුවා..?"

"එයාට උදේම Lecture එකක් ජ්‍යෙෂ්ඨතුමා..."

"ලෙක්චර්...ගිලපිය කඩ්ඩ වචනේ..."

"අයියෝ...Sorry Sorry....එයාට උදේම දේශනයක් "

මවාගෙන සිටි සැරපරුෂ බව මලිත්ගෙන් ගිලිහී ගියේය.ඔහු විනාඩියක් පමණ සිනහසුනේය.උපැස් යුවලට යටින් කඳුලුද ගලාගෙන එයි..

පාඨකය..බිය නොවන්න..ඒවා සිනහව නිසා මතු වූ කඳුලු මිස වේදනාව නිසා මතු වූ කඳුලු නම් නොවේය.
"සොරි කියන්නේ සිංහල වචනයක් වෙන්න ඇති නේ..හරි හරි කමක් නෑ...උඹේ යාලුවගේ ෆෝන් නම්බර් එක කියපන්.එයාට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා.."

යුවතිය සිතුවාය..හැකි තරම් කල් අරගෙන සිතුවාය..තාරිකාගේ ජංගම දුරකතන අංකය මොහුට දිය යුතු නැත.කිසිසේත්ම දිය යුතු නැත.ඇය තීරණයක් ගත්තාය..

"මට එයාගේ දුරකතන අංකය මතක නෑ නේ.."

"ඇයි උඹේ ෆෝන් එකේ නැද්ද නම්බර් එක"

"මම ඒක නේවාසිකාගාරයේ දාලා ඇවිල්ලා..."

"ඒකත් එහෙමද..එහෙනම් මට උඹේ නම්බර් එක දියන්"

යුවතිය උඩ ගියාය.මෙය නම් බලාපොරොත්තු නොවූ පැනයකි.තාරිකාව බේරීමට ගොස් තමා උගුලට හසූ වේයැයි ඇය නොසිතුවාය..කුමක් හෝ කල යුතුය..

"අලුතෙන් ගත්තු ජංගම දුරකතන අංකයක් නිසා මට මගේ අංකයවත් මතක නෑ.." 

බොරු කීමට අසාර්ථක උත්සහයක යෙදෙමින් ඇය පැවසුවාය.

"හ්ම්ම්ම්..ඒකත් එහෙමද...එහෙනම් ඉතින් පලයන්කෝ.."

දෙවියන්ට පින් දී ඇය විනාඩි කිහිපයට එතනින් ඇවිද ගියාය.නමුත් අවාසනාව තවමත් ඇය සමගය..අඩි දහයක් පමණ ඇවිද ගිය පසු ඇයගේ බෑගයේ තිබූ ජංගම දුරකතනය නද දෙන්නට විය.අමතන්නාට සිතින් බනිමින් ඇය වේගයෙන් ඉදිරියට ගියාය.මීටර් 100ක් පමණ ඉදිරියට ගිය ඇය දුරකතන ඇමතුමට පිලිතුරු දුන්නාය..

"හෙලෝ..."

"හෙලෝ තමා..ඉක්මනට වරෙන් ලෙක්චර් එක තව විනාඩි 10කින් පටන් ගන්නවා.."

"ලෙක්චර් එක තමා...තව ඩිංගෙන් මම ගස් යන වැඩක් වෙන්නේ.."

"ඇයි මොකො..?"
"හිටපන් හිටපන්...ඇවිල්ලම කියන්නම්"

ඇමතුම හමාර කර ජංගම දුරකතනය ඇය බෑගය තුලට හොවා ගත්තාය.
ඇති යන්තම් අරූ ෆෝන් එක බෑග් එකේ කියලා දැක්කේ නෑ..යුවතිය දෙවියන්ට පින් දුන්නය.
 නමුත් අවාසනාවට ඇය දුරකතන ඇමතුමේ සිටිද්දී උපැස් යුවලක් පැලඳ සිටි සිසුවෙක් බයිසිකලයක නැගී ඇය පසු කර ගොස් තිබුනි...

මලිත් එක්වරම , තාරිකාගේ ජංගම දුරකතන අංකය ඉල්ලා සිටියේ ඇයි දැයි ඔබට ගැටළුවක් වනු නොඅනුමානය.මීට පෙර රාත්‍රියේ අක්බාර් පාලම උඩ දී ඔහුගේ සිතුවිලි හිතමතාම මම ඔබට නොපැවසුවෙමි.එන්න...පෙරදා රාත්‍රියේ මලිත් ගේ සිතුවිලි දැන ගැනීමට මෙය හොඳම වෙලාවයි...
තාරිකා සම්බන්ධයෙන් මොකක්දෝ අමුතුම හැඟීමක් තම සිතේ ඇති වේගෙන එන බව මලිත් දැන හුන්නේය.එය ආදරය යැයි වචන වලට හැරවීමට ඔහු තවමත් ඉක්මන් වැඩිය.සියල්ල සිදු කිරීමට පෙර ඔහු තාරිකාගෙන් සමාව ගත යුතුය.ඒත් කෙසේද? .. මුහුණට මුහුණ හමු වී සමාව ගැනීම මේ අවදියේ සිදු නොකල යුතුය.තමා තාරිකාගෙන් සමාව ගත්තා යැයි සැල වුනොත් සම වයස් මිතුරන් සමඟ ප්‍රශ්න ඇති වීමට හොඳටම ඉඩ තිබේ..එසේ නම් කාටත් හොරා තාරිකාගෙන් සමාව ගත යුතුය..නමුත් එය සිදු කරන්නේ කෙසේද?..තාරිකාගේ ජංගම දුරකතන අංකය ලබා ගත හොත්...අවසානයේ මලිත් තීරණයක් ගත්තේය.

පසුදා උදෑසන රාමනාදන් ශාලාව ඉදිරිපිටට ඔහු පැමිණෙද්දීත් තාරිකා රාමනාදන් ශාලාවෙන් පිටත් වී පැය භාගයකටත් වඩා ගත වී ගොස්ය. අවසානයේ ඇයගේ මිතුරිය රාමනාදන් ශාලාවේ දොරටුවෙන් එලියට බසිනු දුටු ඔහු කල යුතු හොදම දෙය ක්‍රියාවට නැගුවේය.එතැන් පටන් සිදු වූ සියල්ල ඔබ දැන් දනී..

නැත...ඔබ නොදන්නා තවත් දෙයක් ඇත..
අක්බාර් පාලමට යටින් ගලාගෙන යන මහවැලි ගඟේ කාගෙදෝ ඡායාරූපයක ඉරී ගිය කොටස් කිහිපයක් දිය සුලි වලට හසු වී ඒ මේ අත කැරකැවෙමින් තිබුනි.

------------------------------------------------------------------
 මතකය -

පෙබරවාරි 18 වෙනිදා ආයේ කැම්පස් පටන් ගන්නවලු.ගෙදර ආවා විතරයි ආයේ කැම්පස් එක පැත්තට යන්න මහාම කම්මැලියි..ඒක කම්මැලි කමකටත් වඩා දුකක් කියලා හිතෙනවා..ඔක්කොම අත ඇරලා දාලා ගෙදරට වෙලා නිදාගන්න තියෙනව නම්,...මම කොට්ටෙකුත් තුරුල් කරන් ඇදට පැන්නා.....

"යූ ආර් මයි පම්කින් පම්කින්...හෙලෝ හනී බනී...."

  අයියෝ....නින්ද යාගෙන එද්දිම ෆෝන් කට්ට කෑ ගහනවා..මේක නම් මහාම වදයක්...ඕනවට එපාවට ෆෝන් එකේ තිරය දිහා බැලුවා...
හුටා.....ඉශාරා......ඒත් කතා කරන්නේ නෑ කියලා කියපු මෙයා මොකද ආයේ කතා කරන්නේ...
ෆෝන් එක ආන්සර් කරනවද නැද්ද කියලා හිත හිත ඉඳපු මම ඕන කජ්ජක් වෙන්න කියලා ෆෝන් එක ආන්සර් කරා...

"ඇයි" 

"ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ සහන් අයියා"

"මට...මට ගිය සතියෙ නම් ලාවට හෙම්බිරිස්සාව හැදිලා තිබුනා.ඊට පස්සේ චංගුමීට කියලා බෙහෙත් ටිකක් ගත්තා...ඒක නිසා දැන් නම් අවුලක් නෑ"

"විහිළු කරලා හැඟීම් හංගන්න හදන්නෙපා අයියේ"

"සමහර හැඟීම් එලියට පෙන්නලා අනිත් මිනිස්සුත් අඬවලා මාත් අඬනවට වඩා ඒවා හංඟගෙනම ඉන්න එක හොඳයි නංගි.ඉතින් කියන්න...ඇ‍යි කෝල් කරේ..."

"ඇයි ‍අයියේ අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ..ඇයි බ්ලොග් එකේ ලියන කතාව ඔයාගෙම කතාව කියලා කිව්වේ..."

"ඉතින් කියන්න දෙයක් නෑ නේ..ඒක මගේම කතාවනේ..."

"ප්ලීස් අයියේ...ඒක නවත්තන්න...."

"ඇයි..? මම බොරුද ලියන්නේ? "

"බොරු නෙමේ...ඒ හැමදේම ඇත්ත...ඒත් ඔයාගේ බ්ලොග් එක කියවලා මට අඬ අඬ ජීවත් වෙන්න බෑ.."

"එහෙනම් ඒක කියවන්නේ නැතුව ඉන්නකෝ නංගි..ඔයා යන්න පොත් කඩේකට..ගිහින් සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතා පොතක් අරන් කියවන්න...කියවලා බෝයි ෆ්‍රෙන්ඩ් කොල්ලටත් කියවන්න දෙන්න..ඊට පස්සේ දෙන්නා එක්ක සතුටින් ඉන්න...හොඳේ....මම තියනවා...බුදු සරණයි"

"අනේ සහන් අයි.."

එහා පැත්තෙන් බෙරිහන් දෙන සද්දේ ඇහුනා..මම මොකටද අප්පා කවුරුවත් කියන මල ඉලව් කතා අහන්නේ..නැද්ද....මේන් මේ විදිහට හිනා වෙලා ඉන්න නේ තියෙන්නේ...

එහෙම හිතලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් පොඩ්ඩක් හිනා වුනා..චැක්...වැඩක් නෑ...මවා ගත්තු හිනාවක් කියලා පේනවා...

"යූ ආර් මයි පම්කින් පම්කින්...හෙලෝ හනී බනී.."

ආයේ මේ මගුලේ ෆෝන් එක රින්ග් වෙනවා..මේ කෙල්ල මගේ ආදරෙත් ගානකට වත් ගන්නෙ නැතුව මගේ කතාවටත් සීමා දාන්න එනවා..මේ කෝල් එක විතරක් ආන්සර් කරලා නම්බරේ බ්ලොක් කරලා දානවා..එහෙම හිතලා ආයේ ෆෝන් එක ආන්සර් කරා...

"අනේ පින් සිද්ද වෙයි නංගි..ඔයා මොනව කිව්වත් මම ලියන එක නවත්තන්නේ නෑ..ඒක නිසා වද නොදි ඉන්නකෝ.ප්ලීස්.."

"හෙලෝ...සහන් අයියා...මම හසිනි හලෝ...."

හුටා...නම්බර් එක බැලුවේ දැන්... Unknown නම්බර් කියලා වැටිලා තිබුනා..
යකෝ....නම්බරේ දෙන්න බෑ කියපු කෙල්ල මගේ නම්බර් එක හොයාගෙන මටම කෝල් කරනවා...

"සහන් අයියා...ඔයා ලියන කතාව මරු හොඳේ.."

"අනේ මැඩම්...ඔයාගේ බටර් පාර මට එපා හොඳේ

"ඇත්ත කිව්වේ හලෝ...කතාව හොදයි...ඒත්"

"මොකෝ බං ඒත්?, කියන්න එපා ඉතින් ඉශාරා පව්...එයාට පාඩුවේ ඉන්න දෙන්න...ඔයා කතාව ලියන එක නවත්තන්න කියලා..එහෙම උනොත් ඉතින් ඔයාටත් මගෙන් සැර පරුෂ වචන අහගන්නයි වෙන්නේ"

"අනේ නෑ නෑ...ඔයා දිගටම ලියන්න..ඒත් මගේ ගැන අරෙහෙම ලියන්න එපා අයියේ"

"අරෙහෙම කිව්වේ කොහොම?"

"පඩත්තල කෙල්ල, පණ්ඩිත කෙල්ල තව අර අනම් මනම් ලියන්නේ...අනික මම කවදාවත් ඔයාට පොට්ටයා කියලා කිව්වේ නෑ නේ..."

"හරි හරි ඕයි...ඒක නිකන් කතා රසය ඉස්මතු කරන්න ලියන්නේ..නැතුව තමුසෙට අපහාස කිරීමේ අපිරිසිදු චේතනාවෙන් නෙමේ"

"දැනටමත් අපේ ෆැකල්ටියේ හැම එකාම ඔය කතාව කියවනවා..ඉතින් ඔයා ඔය විදිහට මගේ චරිතෙ ඝාතනය කරාම කොල්ලෙක් වත් මගේ දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ නේ"

"අනේ ඉතින් ඇහැක් ඇරලා බලන්න මාර ලස්සන කෙල්ල නේ"

"ඇයි ලස්සන නැද්ද?"

"ඇයි..තමුසේ ඉන්න හොස්ටල් එකේ කණ්නාඩියක් නැද්ද? බලනවකෝ හැටි"

"අනේ මේ....යනවා යන්න පොට්ටයා..."

"පොට්ටයා.කවුද යකෝ පොට්ටයා..."

"අනේ සොරි..ඒක හිතලා කිව්වේ නෑ..."

ඊට පස්සේ බ්ලා බ්ලා බ්ලා...

තව මොන මොනවදෝ කතා කරා..විනාඩි පහලවක් විතර..ඒක තමා මම කෙල්ලෙක් එක්ක කතා කරපු දිගම ෆෝන් කෝල් එක.

97 comments:

  1. පොට්ටයාට හසිනි ටෝක් වෙන වගයි :P

    ReplyDelete
    Replies
    1. ඒ එහෙම වෙයිද?මොනවැයි ඔට්ටු?

      Delete
  2. මෙය පොතක් වශයෙන් එළිදැක්වුවා නම් මැනවි, කුතුහලයෙන් බැන බැන කියවනවාට වඩා,

    (බැරිද දවසක් ඇ දවසක් වත් ඉතිරි කොටස් ටික දාන්ඩ ඇ?? මම මේ ඇත්තටම අහන්නේ..)

    ReplyDelete
    Replies
    1. දිනපතා මේ කතාව ලිවිය නොහැක..මෙය ගොත ගොතා ලියන කතාවක් නම් ඕනෑම වෙලාවක අවසන් කල හැකිය.නමුත් අවාසනාවකට මෙය වර්ථමානයේදී ද සිදුවෙමින් පවතින කතාවකි..
      මේ ටික කියෙව්වෙ නැතෙයි?

      Delete
    2. කියවලා තමයි කීවේ,හැබැයි මේම එකම කොටස සැරින් සැරේ දාන එක හෙළා දකිනවා,අපි දුවන් එනවා ඊලග කොටස දාලා කියලා මෙතන ඇවිත් බැලුවාම හීන බිදෙනවා,කියවපු ටිකමයිනේ.. :(

      Delete
    3. මේක බ්ලොගර් අංකල්ගේ සීන් එකක් අප්පා...මම දාන ඒවා බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නේ අවුරුද්දකට විතර පස්සේ...

      Delete
  3. හූ හූ..
    පොට්ටයා..
    උබ අරකි ඇදුං මාරු කරන එක අපිව එලියට දාලා බැලුවා නේ...
    අවලමා....

    ReplyDelete
    Replies
    1. පල පල නරියා..
      මං ඇස් වහන් හිටියෙ...

      Delete
  4. හ්ම්ම් හ්ම්ම්...එතකොට බං "අරයාට" අර සින්දු කවි කරන කෙනාට මේකේ චරිතයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. එයා කට්ටිය දැකලා බය උනු පාර තමයි සින්දු කවි කරලා තියෙන්නෙ.. :ඩී
      උඹලා එදා දීපු චරිත ටික ඇතිනේ..?

      Delete
  5. ඇයි හෝතඹුවෝ උඹටම මේවා වෙන්නේ?

    ඉතුරු ටිකවත් ඉක්මනට දාපන්

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ වගේ එකෙක් රජ උනාම ඉතිං මෙව්වා වෙන එක අහන්න දෙයක්යැ... :ඩී

      Delete
  6. මන් මුල ඉඳලම කියවගෙන එන්නම්කෝ

    ReplyDelete
  7. ඉතිරි කොටස් හැකි ඉක්මනට බලාපොරොත්තු වෙමි. :)

    (අපේ ස්ටඩි ලීව් එක ඉවර වෙන්න කලින් දාන්ඩෝ!)

    ReplyDelete
    Replies
    1. හෑ..ස්ටඩි ලීව් දුන්නෙ බ්ලොග් කියවන්නෙයි?

      Delete
  8. පොට්ටයා..හොක් හොක් හොක්.

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි ආච්චියෙ... :පී ප්‍රශ්නයක්ය?

      Delete
  9. කොණ්ඩ කරල්.... හැක් හැක්... බඩාල්ලන් හිනාවෙතැකි.. :D :D :D ගාලෙ වොකැබ්බරියද... :D :D

    ReplyDelete
    Replies
    1. හෑ..එහෙම නෙමෙයිද කියන්නෙ..දන්නෑනෙ ඉතිං අපි ඔව්වා..ගෑණු ළමයි ආස්සරේ කරලා නෑනෙ වැඩිය...

      Delete
  10. සමහර කොටස්නම් බලන්න බැරි උනා. අය්යෝ පොට්ටයා කියන එකටනම් ආස නෑ .

    ReplyDelete
    Replies
    1. ඒකනෙ පව්නේ..කණ්නාඩි දැම්ම කියලා පොට්ටයා කියන එක...:ඩී

      Delete
  11. nedakin booruwa... thota henama
    gahapiya mawa kamare eliye thibbata.... gas paaluwa

    ado. mama n
    am ochchara hondin kellanta katha karanne na.

    ReplyDelete
    Replies
    1. සික්..පොඩි උන්ව සුමගට ගන්න හදනවා මං...මුන්දැලට යන්න ඕනම නොමගටනේ..

      Delete
  12. දිගම කොල් එක විනාඩි 15? ෆල ෆල උනහපුලුවා බොරැ නොකියා.

    ReplyDelete
    Replies
    1. ඒ මං බොරු කියන්නෙ කියලා ඔයාට සුවර්ද???

      Delete
  13. පොට්ටයෝ බොගේ කතා දෙකක් අතර කාල පුරාන්තරය හැකි තාක් අඩු කරව! මගේ මතකය කොටය!

    ReplyDelete
    Replies
    1. මට කියලත් කීයක් වැඩද හයියෝ..සෙලීනාගෙනුත් මට කම්ප්ලේන්..එහෙ ආවෙ නෑ කියලා...

      Delete
  14. හොද කතාවක්, සුභ පැතුම් මල්ලි.

    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
  15. ඔක්කොම හරි කියවන්න පුළුවන් හිතටම වැදෙනවා එත් ගොඩක් කල් බලන් ඉන්න වෙනවානේ ඉතුරු ටික කියවගන්න කියවන්න තියෙන ආසාවටද කොහෙද. ( මන් මේකේ එක චරිතෙක නමට කැමති නෑ )

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන විදියට තමයි ඉතිං ලියන්න වෙන්නෙ.. :)
      කාගෙ නමද කියලා කියාගන්න බැරුව ඇති නේ...

      Delete
  16. අඩේ.............. එතකොට සෙලීනට මක්කැයි වෙන්නෙ??

    ReplyDelete
    Replies
    1. එයයි මායි මැරි කරනවා මෙයාලා..මෙහෙ ක්ලයිමේට් එක එයාට හුරු නැති නිසා මං යනවා එහෙ...

      Delete
    2. ඩබල් ගේම් ගහන්න එපා යකෝ.....

      Delete
    3. හහ්..කවුද එහෙම කලේ..මං ලෝකෙටම අපේ සම්බන්ධෙ ගැන කියලා තියෙන්නෙ....

      Delete
  17. ilaga kotasa maasa kiyakinda???

    ReplyDelete
    Replies
    1. මාසයක් පරක්කු කරන්නෑ...සුවර්...

      Delete

  18. "තාරිකා කරනා හැමදේම ඔබට පැවසුවද හසිනි කරනා හැම දේම ඔබට පැවසීමට මට ලෝබය......"මන් ආසම කොටස හ්ම්ම් හ්ම්ම්ම්ම් excellent මල්ලි...... ලියන්න අපි කියවන්ම් හසිනි තරුකා එක්ක......... අනු අක්කා......

    ReplyDelete
  19. kella kemathi neththam kellage yaluwa desa beleema waradak nowe. NIWTAGE 25 NIYAMAYA

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට නිව්ටන් කලින්ම මලේ.. නැත්තන් ප්‍රසිද්ධියේ දිවිනහගන්නවා මේ නියම ඔප්පු කරන්න ගිහින්..

      Delete
  20. මේ.., මේ කතාවෙ සෙලීනා එන්නෙ කොයි හරියෙද? මොකද ඒ වෙද්දි මේක කියවන එක මම නතර කරන්න එපැයි :p :P

    එල එල කතාව මරුවට යනවා පොට්ටයෝ...

    ඔය සෙලීනා කෙලී එක්ක මඟුල් නට නට ඉන්න වෙලෙ, ඉක්මනින් කොටස් ටික ලියලා දාපියකො :p

    ReplyDelete
    Replies
    1. හහ්...මගෙ වෙන්න පව්ලව අමතක කරන්න...ඊට නරකෙයි මං කතාව ලියන එක නවත්තන එක... :ඩී

      Delete
  21. කතාව හොදයි.. සිරාව‍ටම මම හිතුවෙ නෑ උබට මෙච්චර හැකියාවක් තියෙනව කියල.. කොහොම හිටිය කොල්ලෙක් ද? (මම හිතන් හිටියෙ උබ බේස්බෝල් ගහන්න විත‍රයි දන්නෙ කියල.. ) #ඒකත් හරියට බෑනෙ බොට.. - පරණෙ

    ReplyDelete
    Replies
    1. ඔයැයිට පරණෙ කියන්නෙ නිකන්ද පරණේ...තාම පරණ කාලෙනෙ ඉන්නේ..අපි වගේ කාලේ තාලයට අප්ඩේට් වෙන්න :ඩී

      Delete
  22. කතාව හොදයි.. සිරාව‍ටම මම හිතුවෙ නෑ උබට මෙච්චර හැකියාවක් තියෙනව කියල.. කොහොම හිටිය කොල්ලෙක් ද? (මම හිතන් හිටියෙ උබ බේස්බෝල් ගහන්න විත‍රයි දන්නෙ කියල.. ) #ඒකත් හරියට බෑනෙ බොට.. - පරණෙ

    ReplyDelete
    Replies
    1. හික්/..එකම මොකෝ දෙකක්

      Delete
  23. හසිනි එක්ක යාලු වෙමු මලිත්....හොඳද......

    ReplyDelete
    Replies
    1. :පී ඔබේ ඉල්ලීම සලකා බලන්නම්...හොඳද...

      Delete
  24. ඔය ලියල තියෙන්නෙ ලෙසට ම..සුපිරියි ඈ... අනේ ඉතින් ඊළග ටිකත් පරක්කු නොකර දාන තරමට ම තමා හොද..

    (මේ නිකමට වගේ කියන්නෙ, අපේ රැග් සීසන් [ඒක රැග් කියන්න බෑ, අපේ අයියල කිව්වෙ ඉන්ටෙන්සිව් කියලයි] ඉවර වුණු ගමන් සීනියර් ල මගෙන් ඇහුවෙ "කෝ බං නංගි අර ගිය මාසෙ හිටි කණට ඇහෙන්න කතා කරන්නවත් බැරි අහිංසක කෙල්ල" කියලා :ඩී :ඩී :ඩී)

    ReplyDelete
    Replies
    1. ආපෝ..ඒ කියන්නෙ දැන් කතා කරද්දි ටකරමකට බොරළු විසි කරනවා වගේ මිහිරි නාදයක් වෙන්ටැ එන්නෙ..

      Delete
  25. නවාතැන් පොළීන් නුඹ අතුගා දැම්මද
    නුඹේ සුවද අදුරන පුංචි මකුලිච්චි
    තාමත් ඇත මග බලා දොරමුල්ලේ
    නුඹ ආලය කර නවාතැනටත් වඩා...


    ෆට්ට කතාව මචං... එපා වෙන්නේ නැතිව කියවන්න පුලුවන්, සුපිරියි!!

    ReplyDelete
  26. විසිහත උබත් එක්ක ගම්පහ ආව ගර්ල් ගේ නමත් හසිනි කිව්වා නේද ...හික්..හික්..හි ,

    ReplyDelete
    Replies
    1. ඈ කවුද එහෙම කිව්වෙ?

      Delete
  27. අඩේ උඹ කාමරේට වෙලා ඒ කෙල්ලත් එක්ක මොකක්ද කළේ. :D

    ReplyDelete
    Replies
    1. කෙල්ලගෙ පොත් පත් ටික බැලුවා..ලස්සනේ බෑ අකුරු ටික...මුතු කැට වගේ :පී

      Delete
  28. එල එල මචෝ. මම නම් ඉක්මනට ඉතුරුව දාපන් කියන්නෙ නෑ. නිදහසේ පාඩුවේ මේ වගේම ලෙසටම ලියපන්කො. ඊලග කොටස අවුරුද්දකින් ආවත් එතකල් රසවිදින්න දේවල් මේකෙ තියනව.

    ReplyDelete
  29. අඩෝ ගමයා හෙවත් රත් ගමයෝ උබ දාන්නවාද මාත් දෙතුන් පාරක් ඇවිත් බැලුවා බ්ලොග් එකට ඉතුරු කොටස දාලද කියලා උබ අන්තිමට අපිට මොනවා කියයිද දන්නේ නෑ මොනවා කීවත් මේක එළම කිරියට උඹ ලියනවා ආ.. ජය වේවා දිගටම ලියපන් ඔය පොට්ටයා එක අඩු කරපන් නැත්නම් උබට රත්ගමයා බ්ලොග් එක පොට්ටයා නමින් ලියන්න වෙයි.

    ඇයි බන් අර කාමරේ සීන් එක ලිව්වේ නැත්තේ :D

    ReplyDelete
    Replies
    1. දාලා ටික දවසක් වෙනවා..බ්ලොගර් අවුලක් තිබුනා..
      :ඩී කැත හිත් :පී

      Delete
  30. මටත් යාංතං කව්ද කියනව ඇහුනා ලොකල් සෙලිනගේ නමත් හසිනි කියලා... ඒව ජෝක් නිර්මාණයක් විදියට ඹබ ඉතාමත් සාර්ථකයි මලයා.

    ReplyDelete
  31. Replies
    1. ඈ...හිරු අක්කට මොකද උනේ..

      Delete
  32. පොට්ට රත්තා... :p :p
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. පණු ආච්චි.. :ඩි :පි

      Delete
  33. Replies
    1. ටැන්කු ටැන්කු :ඩී

      Delete
  34. මචං මම මුල ඉදන්ම කතාව කියෙව්වා! උඹේ ඔය ශ්‍යෛලිය නිසා කියවන්න තවත් ආසයි, කිසිම කම්මැලි කමක් නැතුව එක හුස්මටම කියවෙනවා! මම ලින්ක් එක අපේ batch එකේ කිහිප දෙනෙක්ටම දුන්නා, අතින් අත ගිහින් දැන් උඹේ කතාව කොළඹ NIBM,NSBM හා CIMA Division එකෙත් ජනප්‍රියයි! මලිත්ට සතුටු විය හැකි අවසානයක් වෙන්න කියල අපි බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා! ඔබට ජය!!! :) :) :)

    ReplyDelete
    Replies
    1. :) :) ටැන්කු...ටැන්කු...

      Delete
  35. "රාමනාදන් ශාලාවේ කාමර අංක 3342 ඉදිරිපිට ගැහැණු ලමෝ දෙදෙනෙක් බර කතාවකය.................

    පුටුවක් පැත්තකට අදිමින් ඒ මත වාඩි වූ හසිනි තාරිකා දෙස බලා උන්නාය.ඇයගෙන් ප්‍රතිචාරයක් නැත.."

    3342 කාමරය ඉස්සරහා පු‍ටු ගෙනත් තිබ්බේ කවුද දන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. කවුරු දන්නවද ඒ ගැන.... :)

      Delete
  36. පොට්ගමයෝ මේවගේ කුප්ප ගතිය මදි බොල , මේක එක දිගටම ලියන්නේ අන්තුව අස්සෙන් තව කුප්ප / චාටර් කතා ටිකක් දැම්මනම් එලය

    ReplyDelete
    Replies
    1. පැහැදිලි කිරීම :
      පොට්ට රත්ගමය ----> පොට්ගමය , කතාව කොටස් වශයෙන් පලකරන්න , ඒ කතා සෙට් එක අස්සෙන් ඉස්සෙල්ල කිව්ව එව්වා දමන්නේ නම් පස්ටය

      Delete
    2. බලමු බලමු...ඉඳහිටවත් සීරියස් වෙන්ට එපැයි...

      Delete
  37. කියවන් යනවා..බලමු බලමු අන්තිමේ මොකද වෙන්නෙ කියලා...

    ReplyDelete
    Replies
    1. :) :) තව ටික කාලයක් ඉන්න වෙනවා හැබැයි..

      Delete
    2. වෙනි අයියේ, මට පේන්නෙ මේ යන විදිහට අපිට මේක මූ මැරෙනකම්ම් කියවන්න වෙනවා.. :)

      Delete
    3. අපෝ එච්චර කල් ලියන්නෑ..කියවන්න ඔයාලා නෑනෙ එතකොට... :ඩී

      Delete
  38. Uba kawadda ban senior une

    Junior batch eka thama gedarane

    Ane Raigamayo :P

    ReplyDelete
    Replies
    1. හැබෑටම මං කවද්ද සිනියර් උනේ.... ? :පී

      Delete
  39. //"යූ ආර් මයි පම්කින් පම්කින්...හෙලෝ හනී බනී...."

    අයියෝ....නින්ද යාගෙන එද්දිම ෆෝන් කට්ට කෑ ගහනවා//

    අය්යෝ මගේ ෆෝන් එකේ රින්ග් ටෝන් එකත් ඕකමයි...

    රත්ගමයා කතාව ලියන විදිය දැක්කාම මට මතක් වෙන්නේ සමන් එදිරිමුණි.

    ReplyDelete
    Replies
    1. මේ කාලෙ හිට් එකනෙ... :)

      Delete
    2. matath mathak une ediriya

      Delete
  40. නියමයි බන්.. මේක මම කිසිදා නොකියවපු ජාතියෙ අමුතුම අපූර්ව කතාවක්..

    මම මේ කල්පනා කළේ උඹේ මේ ලිවිල්ල ගැන.. වෙලාවකට ඊරිසියත් හිතෙනවා බන්..

    ReplyDelete
  41. ආ බං මේක මගේ රීඩරේ වැටුනේ අදනේ.. මට මොකෝ පරක්කු උනේ මේක එන්න?

    ඒක පැත්තක දාමු මේ හසිනිද දන්නේ නෑ නේ එදා අර ගිහින් හිටියේ?

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් එකේ අවුලක් තිබුනා.. ඒ යාළුවෙක්..කිව්වට පිලිගන්න එකක්යැ ඉතිං...

      Delete
  42. මේක කියවන්න ආසයි.ඒත් තෝ පරක්කු කරනවනේ පොට්ටයෝ...මං මේ 4 කියවන්නේ 5 දැම්මට පස්සේ..:D

    ReplyDelete
    Replies
    1. දැන් කියවපිය...ලියලා ඉවරයි යකෝ

      Delete
  43. කතාව කෙසේ වෙතත් ලියන විදිහනo පට්ට.. කෝ 6?

    ReplyDelete
  44. hahha this is the best :D btw sorry i don't have sinhala fonts hehe
    and this is my favorite part "එහෙනම් ඒක කියවන්නේ නැතුව ඉන්නකෝ නංගි..ඔයා යන්න පොත් කඩේකට..ගිහින් සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතා පොතක් අරන් කියවන්න...කියවලා බෝයි ෆ්‍රෙන්ඩ් කොල්ලටත් කියවන්න දෙන්න..ඊට පස්සේ දෙන්නා එක්ක සතුටින් ඉන්න...හොඳේ....මම තියනවා...බුදු සරණයි" XD (Y)

    ReplyDelete
    Replies
    1. :) ඉතින් බොරු නෙමේ නේ...

      Delete
  45. story eka wena athakata yana patak thama penne..:D

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)