Wednesday, 13 November 2013

චූටි මල්ලීගේ පෙම්වතියට ලියුමක් ලීවෙමි - "අයියේ....හැමෝටම වෙනදේ මටත් කවද හරි වෙනවා."





ආරම්භය - චූටි මල්ලීගේ පෙම්වතියක් නිසා මා මීට පෙර චාටර් වූ ආකාරය කියවන්න මෙතනින් යන්න.



පාන්දරම වෙලාව හගවන්නට ජංගම දුරකතනයේ තමා තිබූ එලාම් ඔරලෝසු නාදයට මා ඇස් ඇරියෙමි.

"සුදු අරලියා මල....පිපිනේ ඇයි තනිව..."

නමුත් සමාවන්න..එය එලාම් එකට දමා තිබූ හඩ පටය නොවේය.එය මාගේ Ring Tone එකය. කෝල් එක ගන්නා එකා මොකා වුවත් මම ඌට ශිෂ්ඨ කුණුහර්පයෙන් බැනිය යුතුය.වෙලාව තවමත් උදෑසන 8 පසු වූවා පමනි..ශුවර් එකටම ඇමතුම ගන්නේ උදේ පාන්දර මුත්‍රා බර උන එකෙක් විය යුතුය.නැතිනම් උදෑසන 8ට නැගිටින එකෙක් මේ ලංකාවේ සිටීද?

"හෙලෝ.."  

නිදිමත පිරිනු සෙක්සි වොයිස් එකකින් මම ඇමතුමට පීලිතුරු දුන්නෙමි..

"ඔයා උදේ නැගිටලා මම ගන්න ෆෝන් කෝල් එකට හෙලෝ කියද්දී දැනෙන ඒ හැගීමට මම හරි ආසයි කුක්කු බෝලේ..මට ඒ සද්දේ අහද්දී කිති කැවෙනවා අනේ..."

 මා නවය වසරේ සිටියදී මාගේ පෙම්වතිය වූ හය වසරේ නැගණිය මට පැවසුවා යාන්තමට මෙන් තාමත් මතකය. 

"හෙලෝ....දැන්ද ඕයි නැගිට්ටේ"
 
අනෙක් පසින් රලු හඩකි..දෙවරක් නොසිතාම මම ජංගම දුරකතනය නැවත අතට ගෙන අංකය පරීක්ශා කලෙමි.නන්නාදුනන අංකයකි.මට ජනාධිපතිතුමා සිහි විය.මාගේ ෆේස්බුක් ස්ටේටස් එකක් වත් එතුමා දැකලාද? 

 ""හෙලෝ ඕයි...ලොකු අයියේ...මේ මම....චූටි මල්ලී"

හුටා....චූටි මල්ලීගේ කටහඩත් වෙනස්ව ගොස් තිබේ..මාස දෙකකින් පමන මම ඌව දැක්කේ නැත..ශුවර් එකටම දැන් චූටි මල්ලී ලොකු ලමයෙකු වී තිබේ..මාස දෙකකට පෙර නැවත විශ්ව විද්‍යාලයට යෑමට පෙර චූටි මල්ලී පැවසූ යමක් මා සිහියට නැගේ...

"අයියේ....හැමෝටම වෙනදේ මටත් කවද හරි වෙනවා..."

එසේ නම් මූ ලොකු ලමයෙක් වී තිබේ...මම ලොකු මල්ලිලා දෙන්නෙක්ගේ ලොකු අයියාය..මාගේ උරහිස මත මහා බරක් පැටවෙනවා දැනුනි.ඇරත් එපමන බරක් පැටවෙන්නට විදිහක් නොමැත.මුන්ට කන්න අදින්නට දෙන්නේ මම නොවේය.අපේ තාත්තා ගැන මට සියුම් දුකක් දැනුනි...

"ඔයි පොට්ටයෝ...නැගිටපිය..."

උපැස් යුවල් පලදින හැම අයියා කෙනෙක්ටම මල්ලීලා කතා කරන්නේ පොට්ටයා කියා නිසා මට එහි ගානක් නොමැත.

"ඔව් කියපන්..ඇයි කෝල් කරේ? මොකක්ද මේ පාර කේස් එක? "

"අනේ අයියේ...මට ආයේ ප්‍රශ්නයක්...ඔයා නිවාඩුවට ගමේ එනවද...ඔයානේ අපේ සෙල්ලම් ගෙදර ලොක්කා...." 

"මිහිරෙන්...මතකයේ ඇදේ....ඒ රසේ,....රැදේ මා සිතේ....මිහිරි....මතක හද රැදේ...... ලොකු අයියා තමා අපේ සෙල්ලම් ගෙදර ලොක්කි....අයියා නොදැක කොච්චර නම් කල් ගිහින්ද?"

මිහිරි සංගීත ඛන්ඩයක් සමග මා සිත අතීතයට රැගෙන යයි...නෙක්ටෝ බෝතලයක් රැගෙන මා වටා කැරකෙන චූටි මල්ලී මා මතකයට නැගේ..එක අතකින් ඌ පව්ය...මා ඌට උදව් කල යුතුය.

"ඕයි....අහගෙනද ඉන්නේ...එනවා නේද ගෙදර"

"ඔව් ඔව් එනවා තමා....මොකක්ද ප්‍රශ්නේ බොට තියෙන...ෆෝන් එකෙන් කියන්න බැරි එකක් නේද? "

ශුවර් එකටම මූට ලොකු ලමයෙක් වීම දරා ගැනීමට නොහැකිව මානසිකව වැටී ඇත.උගුරු ඇටය ඉදිරියට නෙරා ඒම..කටහඩ ගොරෝසු වීම..රැවුල් ගස් එකින් එක මතු වීම... ඉන පලල් වීම..පියයුරු ලොකු වීම ආදී වූ විපර්යාස රාශියකට මාද මුහුන දුන්නා මට ලවට මෙන් මතකය.

"ඔව් ඔව් අයියේ...මේක ෆෝන් එකෙන් කියන්න බෑ..හොද අයියා වගේ ඉක්මනට ගෙදර එන්නකෝ..."

"හ්ම්ම්ම්...එන්නම්....එතකල් කේස් එකක් දාගන්නැතුව හිටපන්."

චූටි මල්ලීට ඇත්තේ අධ්‍යාපනය සම්භන්ධ ගැටලුවක් නොවන බව මම කලින්ම තේරුම් ගත්තෙමි.අධ්‍යාපනය සම්භන්ධ ගැටලුවක් නම් ඌ මට කතා කරන්නේ නැත.ඇමතුම කෙලින්ම යන්නේ පොඩි මල්ලීටය.මා එක ඔබට මීට පෙරද පවසා තිබේ...ශුවර් එකටම මූ සූදානම් වන්නේ වලත්ත වැඩක් කිරීමටය.එය කුමක්දැයි දැන ගන්නා තෙක් මට ඉවසිල්ලක් නැත.
 -------------------------------------------------------------------------------------
CHOGM නිවාඩුව ලැබුනු සැනින් මම ගෙදර පැමිනියෙමි.අපේ රට දැන් වෙනස් වෙලාය.රට වටේම අධිවේගී මාර්ගයන්ය..වරායවල්ය...ගුවන් තොටුපලවල්ය...මට හෙනට ආඩම්බරය.. සුද්දා අපේ රටට නිදහස දුන්නේ නොමැති නම් , මේ වෙනකොට අපි එංගලන්තයත් යටත් කොරගෙන හමාරය..අපි ඒ අතින් කෙල පැමිනියහු වෙමු.

 ගෙදරට අඩිය තැබූ සැනින් මට සුපුරුදු පිලි ගැනීම චූටි මල්ලීගෙන් ලැබුනි.

"අනේ අම්මේ..මෙන්න ලොකු අයියා ඇවිල්ලා...අනේ එන්න අයියේ ඇතුලට..තිබහත් ඇතිනේ..කෝ දෙනවකෝ හලෝ ඔය බෑග් එක මට..."

චූටි මල්ලීට ඇත්තේ සුලු පටු ප්‍රශ්නයක් නොවන බව මම වටහා ගත්තෙමි..එක් අතකට එංගලන්තයේ රජ කුමාරයා ගැන මට දුකත් සිතේ..ඌට වඩා මට පිලි ගැනීම වැඩිය..

මා කාමරයට පුරුදු ලෙසම ඇතුල් උනෙමි..කාමරය සුපුරුදු ලෙසම පිලිවලට සාදා ඇත.මගේ ඇද සුපිරිසිදුය...ඇදට ඉහලින් බිත්තියේ සෙලීනා ගෝමස්ගේ ලොකු...චායාරූපයක් එල්ලා තිබේ..මට චූටි මල්ලී ඉඹින්නට තරම් සිත් වේ...

"මම නෑනාගේ පින්තූරයක් අයියගේ ඇද උඩටම වෙන්න එල්ලුවා..."

ඉන් පසු ඔහු පොල් දත් පෙන්වා සිනාසෙයි..ආන්න බලන්න ප්‍රිය පාඨකය...මගේ චූටි මල්ලී ඒ අතින් මැණිකක්මය.

ගමන් මලු සියල්ල පිලි වලට ඇද අයිනට වන්නට තැබූ චූටි මල්ලී මාගේ ඇදේම වාඩි විය.මමද ඔහු අසලින් වාඩි වූයෙමි.

"හරි...මොකක්ද දැන් ප්‍රශ්නේ...කලින් වගේ ගුටි කන සීන් එකක් නම් කලින්ම කියපන්..මොකද මම දැන් වැඩිය ගහගන්න යන්නේ නෑ."


"මම දන්නැති තරුශියෙක් නෑ ඕයි....., මම දන්නේ මගේ සචිනි බබාව...."

ඒ අවසන් වදන මම කියූ විදිහට චූටි මල්ලී ගැබ්බර වූවාදෝයි සීතේ..ඌ දැන් ලොකු ලමයෙකි..ලොකු ලමයෙක් යනු ඌ දැන් තාත්තා කෙනෙක් වීමට සුදුසු එකෙකි.

"සචිනි??? ඒ කව්ද ඕයි... "

"අනේ මේ තොට ඒවයින් වැඩක් නෑ..සචිනි කියන්නේ..මට වඩා අවුරුදු තුනක් බාල නංගි කෙනෙක්..මම නමය වසරේදී කොච්චියේ යද්දී සෙට් උනේ..දැන් ඒකිට ලමයි දෙන්නෙක් ඉන්නවා"

චූටි මල්ලීගේ ඇස් ලොකු විය..කට විවෘත විය...මූට පිට ගැස්ම හැදීගෙන එනවා වත්ද?

"ලොකු අයියේ..."

"මොකෝ ඕයි.."

"අම්මා දන්නවද ඕක? "

"මොකක්ද?

"අයියාට ලමයි දෙන්නෙක් ඉන්නවා කියලා"

"තොට මාන්දමද @$#%#% , ඒකි බැන්දේ වෙන එකෙක්ව..."

"ආ....ඒක මිසක්...ඒත් මම බැලුවා අයියට ලමයි ඉන්නවා කිව්වම..."

ඌ එම දෙබස කියා කින්ඩියට හිනා වෙයි....

"මොකක්ද මුද්දරස්පලමෝ කිව්වේ.."

"නෑ මම කිව්වේ මම ඔය සීන් කෝන් දන්න නිසානේ අයියාටම මේ වැඩේට එන්න කිව්වේ..."

"හ්ම්ම්ම්ම්ම්ම්ම්...හරි...දැන් කියපන් කෙල්ලගේ විස්තර..."

"මෙහෙමයි...එයාගේ නම තරුශි තාරකා පෙරේරා.., තාත්තා හික්කඩුවේ බැංකුවක මැනේජර් කෙනෙක්..එයා යන්නේ (ගාල්ලේ ප්‍රසිද්ද බාලිකා පාසලක නමක්) එකට.එයා කන්න කැමති බූන්දී...බොන්නේ සරුවත්...මිකී මවුස්ලා දෙන්නෙක් තුරුල් වෙලා ඉන්න බෑග් එකක් තමා එයා දාන්නේ....ආ ඊලගට මේන් මේක එයාගේ....."

බ්‍රවුන් පේපර් කඩදාසියක ඔතා තිබූ යමක් හෙතම මා වෙතට දික් කරයි..ඔහුගේ ඇස් කාන්තියෙන් බබලයි.එය හරියට ශ්‍රීලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ලැබුනු ස්වාදීන රූපවාහිනියේ එව්වලාගේ දැස් වල ඇති වන කාන්තිය මෙනි.
මමද ප්‍රවේශමෙන් බ්‍රවුන් පේපර් බෑගය විවෘත කර බැලුවෙමි.එහි ඈත්තේ පෑනකි..විල්ල උරච්චි වෙන්නටම හපා තිබූ එහි තීන්ත ඉවර වීමටද ආසන්නය.සිය වරකට වඩා කටේ දමා තිබූ නිසාදෝ එහි පෑන් බටයේ තිබූ අකුරුද මැකී ගොස්ය.අප්පිරියාවෙන් යුක්තව මම එය එලියට විසි කරන්නට සූදානම් වූයෙමි...

"අය්යේ එපා......"
හින්දි චිත්‍ර පටයක මෙන් චූටි මල්ලී මාවතට පිම්මක් පැන එය උදුරා ගත්තේය.ඉන්පසු එය තුරුල් කරගත්තේය.මටම හිරිකිතයක් දැනුනි.
චූටි කොල්ලන්ගේ හීන..මම සිතුවෙමි..මීට බොහෝ කලකට පෙර මමද සචිනි නම්වූ හය වසරේ නංගිගේ මක්ක කෑල්ලක් මොවැනිම ලෙස ආරක්ශා කරගත් හැටි මට සිහියට නැගේ..
පුදුම වීමට දෙයක් නොමැත,,මූ මගේම චූටි මල්ලීය.මම මුට උදව් කර යුතුය.

"මම දැන් මොකක්ද කරන්නෝන.."

ලොකු මිනිහෙක් කතා කිරීම අරඹන්නා සේ චූටි මල්ලී කතාව ඇරඹුවේය.

"මම මීට කලින් ලියුම් දෙකක්ම ලියලා එයාට දුන්නා...ඒත් එයා ඒවා අරගෙන ගියා ගියාමයි කිසිම උත්තරයෙක් දුන්නේ නෑ තාම...
අයියාට හොදට ලියන්න පුලුවන්නේ..අනේ මට Love Letter එකක් ලියලා දෙන්නකෝ..."

හුටාය...මට දැන් ලව් ලෙටර් ලියන්නත් සිදුවෙලාය..මා කුමක් කරම්දෝයි සිතාගත නොහැක...සැනෙන් මට ඝණ දෙවි නුවණ පහල විය.

"හරි...මම ලියලා දෙන්නම්...හැබැයි එක කොන්දේසියක් උඩ"

"අනේ...ඒ මොකක්ද අයියේ...කියන්න...ඕන දෙයක් මම කරන්නම්..."

"මට නින්ද යනකල් මගේ පිට කහපන්"

"හරී......මම කරන්නම්....."

එදින රාත්‍රියේම චූටි මල්ලී මාගේ සේවයට කැප වුනි....
 පසුදා උදෑසන චූටි මල්ලී මාව අවදි කර මාගේ සරමත් අන්දා තිබුනි...

"ලොකු අයියේ.....මගේ ලියුම හරි නේද...."

සෙමෙන් දෑස් ඇරියෙමි...අයියනායක දෙයියන්ට ඔප්පුවෙච්චාවේය...මා ඉදිරියේ කුඩු කාරයෙක් වැනි එකෙක් හිටගෙන සිටියේය..උගේ කොන්ඩය ජෙල් ගා ඊට උඩින් ගල් රෝලක්ද කොහේද යවා තිබේ.මූනේ ෆ‍්රයාර් ඇන්ඩ් හැන්ඩ්සම් ක්‍රීම් එකද කොහේදෝ උලා තිබේ..ඒ සුවද මට ඉතා හුරු පුරුදුය.පාසල් නිල ඇදුමටද මොකක්ද කර තිබේ..චූටි මල්ලී හෙනට පොශ් වෙලාය...නමය වසරේ ඇම්බිත්ති කොල්ලන්ගේ බාල ආශාවන්...මම මටම කියා ගත්තෙමි...

"මගේ ලියුම?"

හෙතෙම මා ඉදිරියේ දෑස් අයා බලා සිටී..

මට පොරොන්දුව සිහි විය..හනි හනිකට ඇදෙන් බට මම කෙලින්ම මාගේ පාසල් සමයේ පොත් ගබඩා කර තිබූ කාමරයට දිව ගියෙමි.එකි ඇති නමය වසරේ විද්‍යාව පොත අස්සේ තිබූ ලියුමක් දූවිලි ගසා දමා එලියට ගත්තෙමි..ඉන් පසු හනිකට දිව විත් එම ලියුම චුටි මල්ලීට භාර කලෙමි.

"ආ...මේක අරන් පල...ගිහිල්ලා මේකේ තියෙන සචිනි කියන නම වෙනුවට උඹේ තරූශි ද මොකක්ද එකීගේ නම දාලා ගිහින් දියන්.."

චූටි මල්ලීගේ සිත සතුටින් පිනා ගොස් තිබේ..හෙතම උඩ පැන්නේය.

"මගේ හොද ලොකු අයියා...."

එසේ කියමින් මාව ඉම්බේය..ඉන් පසුව පාසල් බෑගයත් රැගෙන එක පිම්මේ පාසල වෙත දිව්වේය...
-----------------------------------------------------------------------------
 සවස් වරුවේ ඔහු ගෙදර පැමිනියේ සතුටිනි..මාගේ මුහුණ දෙස එක එල්ලේ බලන්නේ නැත.විටෙක තනියම සිනාසෙයි..ඉන් පසු සිවුරුවම් බායි.....ආදර ගීත මුමුණයි...
හිතවත් පාඨකය...මම කෙල්ලෙක්ට ලියුමක් ලියුවහොත් මේ දේවල් මේ ආකරයටම සිදු වෙන බව මම ඒකාන්තයෙන්ම දනිමි.
මම චූටි මල්ලී වෙතට කිට්ටු කලෙමි...

"මොකෝ වැඩේ හරිද?"

"අනේ ම්න්දා...හරි යයි වගේ..ලියුම ගත්තා..අරගෙන මම ඉස්සරහම කියවන්න ගත්තා..ඊට පස්සේ ලැජ්ජාවෙන් දිව්වා..."

මට මගේ ගැන ආඩම්බරයක් දැනුනි...කාලයත් සමග මා පරිණත ලේඛකයෙකු වී තිබෙන අපූරුව..

දින දෙකක් කිසිදු ප්‍රශ්නයකි තොරව ගෙවී ගියේය..

එය සෙනසුරාදා දිනයකි..වේලාව හවස පහට පමන වන්නට ඇත.නිවසේ සීනුව නාදවන හඩ ඇසුනි...මම සිටියේ Vampire Diaries බලමින් නිසා ඇදෙන් බැසයෑමය කම්මැලි කමින් යුතුව සිටියෙමි..තවත් වරක් සීනුව නාද විය...

"අම්මේ....කවුද ඇවිල්ලා..."

ඇදේ සිටම මම බෙරිහන් දුන්නෙමි...මට මොනවදෝ කියමින් බැන බැනම අම්මා දිර විවෘත කලාය...

"hallo.. චමිඳු ගෙදර ඉන්නවද"
 
ගොරෝසු කටහඩක් මා සවනට වැටුනි..

"ආ....ඔව් ඉන්නවා...කවුද මේ?"

"ආ....මම පෙරේරා..හික්කඩුවේ අහවල් බැංකුවේ මැනේජර්"

මාගේ ඇස් වලින් කදුලු බේරේනු මටම දැනේ...බඩේ අමාරුවක්ද කොහේද සෑදීගෙන එන සෙයකි...
"එන්න ඇතුලට....චූටි පුතා......චූටි පුතා...මෙන්න ඔයා හම්බෙන්න අන්කල් කෙනෙක් ඇවිල්ලා...."

"ආ...චමිදු නැතත් කමක් නෑ...මට චමිදුලෑ අම්මා එක්ක ටිකක් කතා කරන්න ඕන චමිදු ගැන.."
"ඒ මොකක්ද...? "

"නෑ,...මේ කලබල වෙන්න දෙයක් නෙමේ...චමිදු අපේ දුවට ලියුමක් දීලා තියෙනවා පෙරේදා...මීට කලිනුත් මෙහෙම ලියුම් දෙකක්ද කොහේද දීලා තිබුනා... තාම චූටි ලමයිනේ...පොඩි කමට කරන වැඩ කියලා හිතලා තමයි මම ගනන් ගත්තේ නැත්තේ...චමිදුලාගේ අම්මා හිත කලබල කරගන්න එපා මේවට..."

අම්මාගේ හිත කියවීමට මට සුපිරි බලයක් වුවමනා නැත.ඇය සිතනා දේවල් මට ඒ ආකාරයෙන්ම සිතා ගත හැකිය..

"මේ තියෙන්නේ අන්තිමට දීපු ලියුම..මේක චමිදුගේ අකුරු උනාට චමිදු ලියපු එකක් නෙමේ මම හිතන්නේ...බලන්නකෝ ලියලා තියෙන දේවල්.."

"හුටාය...ලියුමේ තිබූ දේවල් මා දෑස් ඉදිරියේ මැවී පෙනෙන්නට විය...

"සචිනි , මගේ කුක්කු බෝලේ...
 ඔයාට කොහොමද...මම නම් ඔයා ගැන හිත හිත ඉන්නවා රත්තරනේ...ඔයා ගැන හිතලම කොට්ට උර දෙකක් මම කාල ඉවර කරා...මට පිස්සු නේ හලෝ...ඔයාගේ ඔය ඇස් දෙක මාව පිස්සු වට්ටලා ඉවරයි මැනික..පෙරේදා මම අම්මත් එක්ක පොලේ ගියා...පොලේ තිබ්බ ගස් ලබ්බක් ගස් ලබ්බක් ගානේ මට මතක් උනේ ඔයාගේ මූන..අනේ මට ඔය මූන කන්න තියෙනව නම්...මට දහස් වාරයක් එහෙම හිතුනා..ඒත් කවුද දන්නේ...මට කලින් ඔයාව වෙන කෙනෙක්ට අයිති වෙයිද කියලා...පොලේ තියෙන ගස් ලබු ඕන කෙනෙක්ට අරගෙන යන්න පුලුවන්නේ..වෙන කෙනෙක් ලබ්බට වහ වැටෙන්න කලින් මේ ලියුම ඔයාට දෙනවා කියලා ම්ම හිතාගත්තේ ඒකයි කුක්කු බෝලේ....

 "අම්මේ...මම ගාලු ගිහින් එන්නම්.." 

එතනින් එහාට තවත් මතක් කර ගැනීමට මට වුවමනා නැත..බාටා කෑලි දෙකත් කකුලේ දමාගත් මම පිටු පස දොරෙන්ම ගෙයින් එලියට බැස්සෙමි...

69 comments:

  1. ai bn uba me wage bala aparada karanne :P

    ReplyDelete
  2. ayyo..
    chater seen eka..
    :P
    supiriyatama liyala thiyanawa..
    kaalekin post ekak dakke..
    liyanawako ooi sathiyata ekakwath..

    ReplyDelete
  3. //ලොකු අයියා තමා අපේ සෙල්ලම් ගෙදර ලොක්කි...//
    හරියට හරි....

    මොකද්ද යකෝ ගස් ලබ්බවල් කිය කිය කුක්කු බෝල ගැන කිව්වේ??? පජාතයි.......!!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. මං ආසම කැටගරිය .... :D

    ReplyDelete
  5. යකො මොකද්ද බං අර ලියමන දාපං කො වෙනම පෝස්ට් එකක මට හිනා කාල මැරෙන්ඩ... ගස්ලබ්බක් ගානෙ කෙල්ලෙක්ව මතක් කරපු සීන් එක... උඹෙ මලයනං උඹේම තමා... :P

    ReplyDelete
  6. tharushi apsarangi gamage.............

    ReplyDelete
  7. //ඉන පලල් වීම..පියයුරු ලොකු වීම ආදී වූ විපර්යාස රාශියකට මාද මුහුන දුන්නා මට ලවට මෙන් මතකය.\\
    හුකැස්.බොට ඕවත් උනාද?
    පව් යකෝ මලය.උට මක්කයි උනේ අන්තිමට?කනේරු ඇට වත් කෑවෙයි?

    ReplyDelete
  8. :v :v නොදකින් මරු ලියුම. මොකද ඔලුව කොහේ හරි වැදුනද බ්ලොග් එක ලියන්න හිතුනේ?

    ReplyDelete
  9. pudume kiyanne oya liuma kiyeuwama sachini ge thaththa awe nathi eka :P

    ReplyDelete
  10. උගුරු ඇටය ඉදිරියට නෙරා ඒම..කටහඩ ගොරෝසු වීම..රැවුල් ගස් එකින් එක මතු වීම...

    {{{{"ඉන පලල් වීම..පියයුරු ලොකු වීම"}}}}

    ආදී වූ විපර්යාස රාශියකට මාද මුහුන දුන්නා මට ලවට මෙන් මතකය
    *********************************************************8
    අඩෝ උඹ shemale ද ? :P :P :P

    ReplyDelete
  11. අයියෝ :ඪ් ඉතින් ඊට පස්සේ මොකද උනේ? :P

    ReplyDelete
  12. එල එල ... කතාව කතාව නම් පට්ට අය්යේ.......
    එත් අමූලික බොරු නිසා තමයි දුක =P

    ReplyDelete
  13. අහ්... CHOGM එකට පින්සිද්ද වෙන්න බ්ලොග් එක මතක් වෙලා!
    වෙලාවට මල්ලිල දෙන්නෙක් විතරක් ඉන්නෙ :)

    ReplyDelete
  14. මටත් හිටියා ඕයි ඔය වයසේම කෑල්ලක් ඒ කාලේ.දැන් ඒකි කොහෙදවත් දන්නේ නෑ.

    ReplyDelete
  15. //ඉන පලල් වීම..පියයුරු ලොකු වීම ආදී වූ විපර්යාස රාශියකට මාද මුහුන දුන්නා මට ලවට මෙන් මතකය.//
    උඹට මාර ඒවනේ බොල වෙලා තියෙන්නේ.....අරයා ඕවා දන්නවැයි........?

    ReplyDelete
  16. හිනා කෝටියයි ඈ.කුප්පි කුජීතයි අසික්කිතයි
    ප.ලි - මේ මගේ බ්ලොග් රෝලේ මේක පෙන්නුවේ නෑ අප්පා.ඇයි ඒ.g+ එකේ තියනවා දැකලා ආවේ දැන් බුකියේත් නෑ නේ

    ReplyDelete
  17. Aneee bn gdra aawata passe unee makkei kiyala eelaga eke wath liyahan.

    ReplyDelete
  18. අඩේ මේක කියවපු වෙලේ ඉඳන් මගෙ අක්මාව කහනවා වගේ, ආඩම්බරයි ඈ...

    ReplyDelete
  19. hahaha typical brotherhood :D

    ReplyDelete
  20. උබ තමා නියම අයිය මල්ලිගෙ මාමන්ඩි ආවම මගුල් කතා කරන්ඩ උබ මගෑරල යනව :D
    ඉතින් ඊට පස්සෙ මොකද උනේ කියලත් කියහන්කො :D

    ReplyDelete
  21. "රත්ගමයා ගේ නැවත ඉපදීම ...
    Friday, 6 May 2011
    at 4:51 pm
    අදින් පසු මාගේ බ්ලොග් මිතුරු මිතුරියන් සහ මාගේ පාඨකයන්ව කිසිම දිනෙක අත හැර නොයන බවට දිවුරා පොරොන්දු වෙමි .." poronduwa kaduwoth thowa kapanawa digatama post dapiya kuppaya

    ReplyDelete
  22. අඩේ මට මේක අප්ඩේට් වෙලා නැහැනේ බං.. මම සින්ඩියෙන් මේ බැළුවේ..

    පවු බොල අර පොඩි එකා.. මූ කලොත් ඔහොමම තමයි ඉතින්..

    ReplyDelete
  23. එල මචන්. චන්ද්‍ර අනගිරත්නව මතක් වෙනව. ඒ ලේකන ශෛලියමයි ඒ උපහාසයමයි

    ReplyDelete
  24. pattai kiyanne mare maru tope top ae...........................................................................................

    ReplyDelete
  25. කොච්චර නෝන්ඩි දැම්මත් ලොකු අයියා පොඩි මල්ලීට ගොඩක් ආදරේ බව නම් ලියැවිල්ල අස්සේ හැංගිලා තියෙනවා..

    ReplyDelete
  26. උඹ වගේ අයියලා ලැබීම අර පොඩි එකාගේ (දැං ලොකු වෙලා නෙහ්) අවාසනාවය.
    ඉතිං ඊට පස්සෙ උඹට අම්බානක කන්න උනා නේද ගෙදරිනුයි, මල්ලිගෙනුයි.

    ReplyDelete
  27. එල. අවුරුදු හයට සුබ පැතුම් !!!

    ReplyDelete
  28. හත්තිලවට ගහපු කලාබරෙත් දෙබලක් කිව්වලු.. වස නවනින්ගීරාවයි

    ReplyDelete
  29. ලොකු අයියගේ වැඩ ගැන දන්න හින්ද මං නං දැන ගත්තා පටං ගන්නකොටම පොඩි එකාගේ ලවු එකට කෙල වෙනවා කියල.. හි හි

    ReplyDelete
    Replies
    1. හි හි..
      හි හි..
      හි හි..
      හි හි..

      Delete
  30. යකෝ මටත් ලියුමක් ලියලා දිහං...හික්ස්

    ReplyDelete
  31. මෙහෙම ලිව්වොත් හොඳට හිටී !

    ReplyDelete
  32. යකෝ මම ඔෆිස් එකෙන් තා පොඩ්ඩෙන් එලිය දානව... මේව බලල හිනා වෙලා.....

    ReplyDelete
  33. මේකේ ඊලඟට වෙච්ච දේත් දාහන් මල්ලියේ....

    ReplyDelete
  34. පට්ටයි බන්..... එල... :)

    ReplyDelete
  35. රත්ගමයා බැක් ඉන් ඇක්ශන්!
    තෑන්ක්ස් ටු චෝගම්!

    ReplyDelete
  36. //එයාගේ නම තරුශි තාරකා පෙරේරා..//

    මෙයා ගොඩක් දිලිසෙන කෙනෙක් වෙන්ට ඇති නේද? :)
    බලාගෙන රත්ගමයෝ දැන් කට්ටිය පෝලිමේ එයි ලියුම් ලියවගන්ට.:D

    ReplyDelete
  37. මාස 4කට 1ක් දාන්නේ නැතුව අඩුම මාසෙකට 1ක් වත් ලියන්න බැරිදෝ.

    ReplyDelete
  38. මරු බං.....තරුෂි තාරකා චන්ද්‍රරත්න කියලා දැම්මා නම්...සඳ තරු යටට වෙලා ඉන්න තිබුනා.

    ReplyDelete
  39. අනෙ අරපොඩි එක පුරුවෙ පවක් කරල තියෙන්නෙ

    ReplyDelete
  40. ඔච්චර දේවල් වෙලත් තාම උඹේ උදව් ඉල්ලන මල්ලි ගැන මට හරිම දුකයි බං.. :/

    ReplyDelete
  41. ලියනවය කියලා ඔහොමත් ලියුම් ලියනවයැ අයියේ??? පව් අර අහිංසක මලයා. :P

    ReplyDelete
  42. කෙලවුනා නේද ලිපියට... හූ ඈ...
    මේ ඒක නෙවේ.. අපි කියවන්න බලන් ඉන්නවා.. මේක ටක් ගාල ලියකෝ..

    ReplyDelete
  43. උබේ මල්ලි උන පොඩි එකා ගැන මට ඇති වන්නේ අම්භානෙක දුකකි....

    මා හිතවත් මල්ලියේ !
    ඕකා ගෙන් ආයි උදව් ඉල්ලා අමාරුවෙ වැටෙන්නෙ නැති වේ යැය් මා සිතමි....
    උඹට කන්දෙ විහාරෙ ලොකු හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ශාවයි !!

    ReplyDelete
  44. sirawatama man kemathima Writing Style ekak.

    ReplyDelete
  45. eththatama man kemathima Writting Style ekak.

    ReplyDelete
  46. අනර්ඝයි............. :D :D :D :D :D :D :D (Y) (Y) (Y)

    ReplyDelete
  47. ඇති ලබ්බක් ගැන කියලා නතර උනා .... කෝ දැන් පොඩි එකා ... යහතින් ඉන්නවද ?

    ReplyDelete
  48. කුචිතයි බෝල.....

    ReplyDelete
  49. ලස්සනට කතාව ගොතලා තියෙනවා :D

    ReplyDelete
  50. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  51. හයියෝ බං..... කියන්න වචන නෑ ඕයි...!!! උඹ ලිව්වෙ නැති අවුරුදු ගාණටම හරියන්ඩ හිනා වෙනවා...

    අවුරුදු හයට සුබ පැතුම් ඈ. දිගටම ලියහං...

    ReplyDelete
  52. මෙන්න කතානම් කතා පට්ට ඉස්ටෝරිය හැබෑටම සහෝ ඔව්ව ඇත්තටම උනැයි උබැහැට ඈ

    ReplyDelete
  53. පට්ටයි ඒක සුපිරියි.

    ReplyDelete
  54. This comment has been removed by the author.

    ReplyDelete
  55. මේ බ්ලොග් 1ක් ගැන අහන්න ලැබිල පලවෙනි වතාවට කියවෙවේ .නියමයි (Y ) දිගටම කියවන්න හිතුන :D

    ReplyDelete
  56. ko yako uba?
    koheda makaa une?

    ReplyDelete
  57. හෆොයි බන් කොල්ලට කොරපු වැඩේ . .
    ඒ අතරේ මටත් මල්ලියෙක් උන්නා නම් කියලා හිතුනා බන්

    ReplyDelete
  58. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

    ReplyDelete
  59. නොදෝකින් උඹල වගේ අයියල

    ReplyDelete
  60. සුපිරි (y)
    දැන් මේ බ්ලොග් එක ලියන්නෙ නැ කිව. එත් ගිහින් කියවල බලන්න කියල යලුවෙක් තමයි කිවෙ.

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)